28/10/2026
🐶🐾 ඔයාගේ බව්වාගේ සමේ ගැටලු ඇතිවෙන්න බලපාන ප්රධාන හේතු දන්නවද?
ඔයාගේ බව්වා නිතරම ඇඟ කසනවද? සම රතු වෙනවද? නැත්නම් වෙනදාට වඩා ලොම් හැලෙනවද?
මේ ලක්ෂණ සාමාන්ය දෙයක් කියලා නොසලකා හරින්න එපා! ඒවා සමේ ගැටලුවක මුල් ලක්ෂණ වෙන්න පුළුවන්.
🔎 බව්වන්ගේ සමේ ගැටලු ඇතිවීමට බලපාන ප්රධාන හේතු 5ක්!
1. පරිසරයේ ඇති අසාත්මිකතා
දූවිලි මයිටාවන්, පරාග සහ පුස් වැනි පරිසරයේ ඇති ද්රව්ය නිසා ඇතැම් බව්වන්ට අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. මේ නිසා සම කැසීම සහ රතු වීම වැනි ලක්ෂණ දකින්න ලැබෙනවා.
2. මැක්කන් සහ වෙනත් පරපෝෂිතයන්
මැක්කන්ගේ දෂ්ට කිරීම්, විශේෂයෙන් මැක්කන්ගේ කෙළට ඇති අසාත්මිකතා නිසා, තද කැසීමක් සහ සමේ දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්.
3. ආහාර ආශ්රිත අසාත්මිකතා
ඇතැම් බව්වන්ට ආහාරවල අඩංගු විශේෂ ප්රෝටීනවලට අහිතකර ප්රතික්රියා ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවල සම කැසීම සහ රතු වීම වැනි ලක්ෂණ පෙනෙන්න පුළුවන්.
4. බැක්ටීරියා සහ Yeast ආසාදන
සමේ ඇතිවන ඇතැම් ආසාදන නිසා කැසීම, රතු වීම, දුර්ගන්ධය සහ සමේ වෙනස්කම් ඇතිවිය හැකියි. සමහර අවස්ථාවල මේවා වෙනත් සමේ ගැටලුවක ප්රතිඵලයක් ලෙසත් ඇතිවෙනවා.
5. නොගැළපෙන සම රැකවරණය සහ පෝෂණය
සමට නොගැළපෙන Shampoo හෝ Cleaning Products භාවිතය සමේ ස්වාභාවික ආරක්ෂාවට බලපෑම් කරන්න පුළුවන්. ඒ වගේම සමබර පෝෂණයක් නොලැබීමත් සමේ සහ ලොම්වල සෞඛ්යයට බලපාන්න පුළුවන්.
❤️ නිරෝගී සමක් වෙනුවෙන් නිවැරදි පෝෂණයත් වැදගත්!
ROYAL CANIN® Skin Care Dog යනු සමේ සංවේදීතාව සහ සම ආශ්රිත ගැටලු ඇති වැඩුණු සුනඛයන්ගේ පෝෂණ අවශ්යතා සඳහා නිර්මාණය කළ Veterinary Diet එකක්.
✅ Dermal Care – සංවේදී සමක් ඇති බව්වන්ගේ සමේ සෞඛ්යයට පෝෂණ සහාය ලබාදෙනවා.
✅ Skin Barrier – සමේ ස්වාභාවික ආරක්ෂක ස්ථරයේ ක්රියාකාරිත්වයට සහාය වෙනවා.
✅ Digestive Tolerance – ආහාර ජීර්ණ පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වන පෝෂක අඩංගුයි.
💡 වැදගත්! සමේ කැසීමක් හෝ ලොම් හැලීමක් තිබුණා කියලා ඒකට හේතුව ආහාර අසාත්මිකතාවක්ම කියලා තීරණය කරන්න බැහැ. නිවැරදි හේතුව හඳුනාගැනීමට පශු වෛද්ය උපදෙස් ලබාගන්න. Royal Canin Skin Care භාවිත කළ යුත්තේත් පශු වෛද්ය නිර්දේශය අනුවයි.
🐕❤️ ඔයා දන්න බව්වෙක් ඇති කරන Pet Parent කෙනෙක්ටත් මේ වැදගත් දැනුම Share කරන්න!