09/24/2026
👑🐘 රුවන්පුරයේ අභිමානය — "සමන් රාජා" (විජේදන්ත ඇතා) 🐘👑
මහනුවර ඓතිහාසික ශ්රී දළදා පෙරහැරේ ශ්රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීමේ පරම පූජනීය භාග්යය ලත්, අපේ මතකයන් අතර සදා නොමැකෙන අභීත හස්ති රාජයෙකි සමන් රාජා...
මාලිගාවේ රාජා ඇතාගේ වියෝවෙන් පසු, සුප්රසිද්ධ හෙයියන්තුඩුවේ රාජා සමග සමකාලීනව දළදා කරඬුව වැඩම කරවමින් සංස්කෘතික නාමය බැබළවූ මෙම හස්ති රාජයා "විජේදන්ත" ලෙසද ප්රකට විය.
📜 සමන් රාජාගේ උරුමයේ කතාව:
ආරම්භක හිමිකාරීත්වය: මඩුගල්ලේ පරම්පරාව සතුවූ බැවින් මුල් කාලයේදී "මඩුගල්ලේ ඇතා" ලෙස හැඳින්විණි.
පසු කාලීන හිමිකරුවන්: හිටපු අගමැති රත්නසිරි වික්රමනායක මහතාගේ පියාණන් වූ හොරණ මිල්ලෑවේ සයිමන් රාළහාමි මහතා, පසුව දංඕවිට පතිරණ මහතා සහ රත්නපුරේ සේරසිංහ මහතා.
අවසන් හිමිකරු: රත්නපුර මහා සමන් දේවාලයේ එවකට බස්නායක නිලමේ ධුරය හෙබවූ රත්නපුර මුද්දුව වලව්වේ ඇන්ටන් තෙන්නකෝන් මහතා.
අඩි 8'5 ක් පමණ උසින් යුත් මෙම පෞරුෂවත් හස්ති රාජයා, 1988 වසරේ සිට 1997 දක්වා කාලය තුළ මහනුවර දළදා පෙරහැරේ පූජනීය දළදා කරඬුව වැඩම කරවමින් අප්රමාණ පිනක් රැස් කරගත්තේය.
1998 වසරේදී වයස අවුරුදු 70 ක් ආයු විඳ අවසන් හුස්ම හෙළූ සමන් රාජා හස්ති රාජයාණන්ට නිවන් සුව ප්රාර්ථනා කරමු! 🙏✨
✍️ තොරතුරු සහ ඡායාරූප | ceylon tuskers page එක ආසුරෙන්