16/05/2025
මස්කොවී තාරවන්,
මුලින්ම කියන්න ඕන මස්කොවි කියන්නෙ පාත්තයො වර්ගයක් නෙවෙයි..තාරාවන් වර්ග අතරින් මස්කොවි කියන්නෙත් තාරා විශේශයක්..අනෙක් තාරා වර්ග වලින් වෙන් කරල හදුනගන්න පුලුවන් මුහුනෙ තියෙන රතු පාට ගෙඩිවලින්.. කුකුලන් හා සාපේක්ශව ගත්තොත් මස්කොවි කියන්නෙ ඉහල බුද්ධි මට්ටමක් තියෙන තාරා විශේශයක්..ඒ නිසාම තමයි ගොඩක් අය මේ සත්තුන්ට කැමති..මොකද ගෙදරක බල්ලෙක් පූසෙක් හදනව වගේ තමයි මේ තාරාවන් ගොඩක් මිත්‍රශීලී වෙනව..
බිත්තර ගැන බැලුවොත් එක මුරේකට බිත්තර 10ත් 20ත් අතර ප්‍රමානයක් දානව..සාමාන්‍ය බිත්තර වලට වඩා ගොඩක් ලොකු බිත්තර කහමදය ලොකු බිත්තර දාන්නෙ..අනිත් තාරා වර්ග එක්ක බැලුවොත් මස්කොවි බිත්තර කිසිම පිලී ගදක් නැති රසවත් බිත්තර තමයි..ඒ නිසාම බිත්තර වලට හොද ඉල්ලුමක් තියෙනව..
ගොඩක් දෙනෙක් හිතනව අපිට පොකුනු නෑ වතුර වලවල් නෑ ඒ නිසා හදන්න විදියක් නෑනෙ කියල..එච්චර දේවල් ඕන නෑ මෙයාලට නාන්න ඔලුව යට ගහල ගන්න තරම් වතුර බේසමක් තිබ්බ නම් හොදටම ඇති...
හොදම දේ තමයි මේ සත්තුන්ගෙ ප්‍රතිශක්තිය ..අපි කුකුල්ලු හදනකොට සෙම,අරක මේක ලෙඩ කොච්චර හැදෙනවද දන්නවනෙ..ඒත් මේ තාරා පැටවුන්ට නම් ඇන්ටිබයෝටික් දෙන්න අවශ්‍යම නෑ...දවසෙ පැටියගෙ ඉදන් බිත්තර දාන සත්තු වෙනකනුත් කිසිම බෙහෙතක් දීල නෑ මම නම්..
ඉතින් මස්කොවි හදනව නම් වෙනත් තාරා වර්ග ,මඩ තාරාවො,කැම්ප්බෙල්, පෙකින්,රනර් ,තාරාවො වගේ වෙන තාරා වර්ග එක්ක එකට හදන්න එපා..එහෙම තාරා වර්ග කීපයක් එකට ඉන්න තැනකින් පැටවු ගන්නවනම් හොදට හොයල බලල ගන්න..මොකද මස්කොවි වෙන තාරා වර්ග එක්ක ක්‍රොස් වෙලා හැදෙන පැටවු සාර්ථක නෑ..