Pinnawala zoo

Pinnawala zoo The first free ranging zoo in Sri lanka. Navin Dissanayaka minister of tourism and sports on 17 of April 2015.

Design and established by the department of national zoological gardens in line with national conservation objectives and modern zoo concepts has been declared open for the recreational pleasure of the general public by hon.

📢 ඔබගේ අදහස් හා යෝජනා අපට ඉතා වැදගත්!පින්නවල සත්වෝද්‍යානය නැරඹූ ඔබගේ අත්දැකීම්, අදහස් සහ යෝජනා අප සමඟ බෙදාගන්න. 🐘🌿පහත Go...
09/06/2026

📢 ඔබගේ අදහස් හා යෝජනා අපට ඉතා වැදගත්!

පින්නවල සත්වෝද්‍යානය නැරඹූ ඔබගේ අත්දැකීම්, අදහස් සහ යෝජනා අප සමඟ බෙදාගන්න. 🐘🌿

පහත Google Form link එක හෝ QR Code එක scan කිරීමෙන් ඔබගේ අදහස් ලබාදිය හැකිය.

🔗 https://docs.google.com/forms/d/e/1FAIpQLSe6BLrQfEzAywVX1kCbs6vCvPsft_Rzbqkn7QEOD202WnrPUQ/viewform?usp=publish-editor

ඔබගේ වටිනා අදහස් අපගේ සේවාවන් තවදුරටත් වර්ධනය කිරීමට මහත් උපකාරයක් වේ. 🙏

Pinnawala zoo Department of National Zoological Gardens - Sri Lanka

🌕🙏 වෙසක් පුන් පොහෝ දින අර්ථවත් ලෙස සමරමින්... 🙏🌕2026.05.31 දින වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් පින්නවල සත්වෝද්‍යානයේ කාර...
01/06/2026

🌕🙏 වෙසක් පුන් පොහෝ දින අර්ථවත් ලෙස සමරමින්... 🙏🌕

2026.05.31 දින වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් පින්නවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය එක්ව විවිධ ආගමික හා සමාජීය වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී.

ආරක්ෂක අංශයේ එදිරිසිංහ මහතාගේ මූලිකත්වයෙන් ගොක් කොළ හා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් හංසයකුගේ හැඩය ගත් අලංකාර වෙසක් කූඩුවක් නිර්මාණය කරන ලදී. එමෙන්ම උද්‍යාන අංශය, උපකාරක අංශය, සත්ව අංශය සහ අනෙකුත් සියලුම අංශවල කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් බැති ගී සරණියක් පැවැත්වූ අතර, සත්ව අංශයේ චන්දන මහතාගේ මූලිකත්වයෙන් කිරි කෝපි දන්සලක් ද සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන් සාර්ථකව සංවිධානය කිරීම සඳහා පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය, පශු වෛද්‍ය නිලධාරීතුමිය සහ ගණකාධිකාරීතුමන්ගේ වටිනා මඟපෙන්වීම ලැබිණි.

එමෙන්ම දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවෝද් අබේසිංහ මහතා සහ පින්නවල අලි අනාථාගාරයේ පශු වෛද්‍ය නිලධාරීතුමන් ද මෙම අවස්ථාවට සහභාගී වී වැඩසටහනට ගෞරවයක් එක් කළහ.

සියලු සත්ත්වයන්ටත්, ලෝකවාසී සැමටත් සුවපත්භාවය ප්‍රාර්ථනා කරමින් මෙවර වෙසක් උත්සවය අර්ථවත් අයුරින් සැමරීමට එක් වූ සියලු දෙනාට අපගේ ස්තුතිය පුද කරමු.

🪔☸️ "සැබෑ වෙසක් ආලෝකය කරුණාව, මෛත්‍රිය සහ දානමය සිත තුළින් විහිදේ." ☸️🪔

PiPinnawala zooeDepartment of National Zoological Gardens - Sri Lanka

Department of National Zoological Gardens - Sri Lanka Pinnawala zoo
28/05/2026

Department of National Zoological Gardens - Sri Lanka Pinnawala zoo

26/05/2026

🌧️🐆 වැසි බිඳු අතර සුවපහසු විවේකයක්... 🐆🌧️

පින්නවල සත්වෝද්‍යානයේ ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) සඳහා විශේෂයෙන් සැලසුම් කර නිර්මාණය කර ඇති නවීන ආවරණය, සතුනට ස්වභාවික හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට සහ සුවපහසු පරිසරයක් ලබා දීමට ඉවහල් වේ.

අද වැසි සහිත කාලගුණය අතර, අපගේ දිවියා ආවරණය තුළ සුවසේ විවේක ගනිමින් වැසි සොබාදහම විඳින අයුරු නැරඹීමට ලැබුණි. 🌿☔

සත්ව සුභසාධනය හා ස්වභාවික පරිසර අත්දැකීම් ප්‍රමුඛ කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ආවරණය, සතුන්ට සුවපහසු ජීවිතයක් ලබා දෙන අතරම නරඹන්නන්ට ද ඔවුන්ගේ ස්වභාවික හැසිරීම් සමීපයෙන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සලසා දෙයි.

📍 පින්නවල සත්වෝද්‍යානය
Department of National Zoological Gardens - Sri Lanka Pinnawala zoo

26/05/2026
Today, Pinnawala Zoo proudly welcomed the Grade 1 students of Kandy Royal International College for an exciting and memo...
21/05/2026

Today, Pinnawala Zoo proudly welcomed the Grade 1 students of Kandy Royal International College for an exciting and memorable visit! 🐾🌿

The students had a wonderful time exploring the zoo, learning about different animals, and enjoying a day full of fun and adventure. Their enthusiasm, curiosity, and joyful smiles made the visit truly special. 😊✨

It was a pleasure to see the young students actively engaging with wildlife and nature while creating unforgettable memories with their friends and teachers.

Thank you to the students, teachers, and parents of Kandy Royal International College for visiting Pinnawala Zoo. We hope to welcome you again soon! 🐒

Pinnawala zoo Department of National Zoological Gardens - Sri Lanka Kandy Royal International School - Kadugannawa Branch

27/04/2026

🌿✨ A Special Visit Filled with Joy & Learning ✨🌿

We were delighted to welcome the Center of Hope Institute, Anuradhapura, to Pinnawala Zoo on the 25th of April. 💚

This wonderful group of children visited us for an educational programme specially conducted by our dedicated staff. The session was designed to share knowledge about wildlife in an engaging and inclusive way, ensuring every child could enjoy and learn from the experience.

Our team warmly welcomed the visitors and made every effort to create a memorable, joyful, and meaningful day for all. Seeing their smiles and enthusiasm truly made our day! 🐾

We sincerely thank the Center of Hope Institute for choosing Pinnawala Zoo, and we look forward to welcoming you again in the future.

Department of National Zoological Gardens - Sri Lanka Pinnawala zoo

23/04/2026

🌍 ජගත් මිහිතල දිනය 2026 🌱

ලොව පුරා වෙසෙන බිලියන සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් සමරනු ලබන ජගත් මිහිතල දිනය 2026.04.22 දිනට යෙදී තිබේ.

මෙවර තේමාව: “Our Power – Our Planet”
(යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්)

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අහිමිවීම සහ කාර්මික අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පරිසර හායනය වැනි සංකීර්ණ අභියෝග හමුවේ, මෙවර මිහිතල දිනය විශේෂ වැදගත්කමක් දරයි.

🌿 පින්නවල සත්වෝද්‍යානය ද මෙම දිනය අර්ථවත් කරමින් සත්වෝද්‍යානයේ පරිශ්‍රය තුළ පැළ සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන පින්නවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ, ඩිලානි අමරසිංහ මහත්මිය හා ගණකාධිකාරී සුභසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විය.

එමෙන්ම, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළ පැළ සිටුවීමේ නැකත 2026.04.23 වන දින පෙ.ව. 9.01 ට යෙදී තිබූ බැවින්, එම සම්ප්‍රදායද ගෞරවයෙන් සමරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

🌳 පින්නවල සත්වෝද්‍යානය යනු හුදෙක් සතුන් සඳහා නවාතැනක් පමණක් නොව, විවිධ වටිනා ශාකවලින් සමන්විත හරිත උද්‍යානයක් ද වේ.

අපගේ බලය – අපගේ පෘථිවිය 🌏
අපි එකතුවෙමු… හරිත ලෝකයක් සඳහා! 💚

Department of National Zoological Gardens - Sri LankaPinnawala zoo

18/04/2026

🎉 පින්නවල සත්වෝද්‍යානයේ 11 වන සංවත්සරය 🎉

2026 අප්‍රේල් 17 වන දින, පින්නවල සත්වෝද්‍යානය 11 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරන ලදී.

මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් කිරි ඉතිරවීම, පිරිත් සඤ්ඤායනා කිරීම සහ සත්වෝද්‍යානයෙහි සතුන්ට හා මිය ගිය සේවක මහත්ම මහත්මීන් සිහි කර පින් අනුමෝදන් කිරීම ආදී ආගමික කටයුතු පැවැත්විණි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ (මෙහෙයුම්) මහත්මියගේ ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පින්නවල සත්වෝද්‍යානය), ගණකාධිකාරී, පශු වෛද්‍ය නිලධාරීතුමිය, ප්‍රධාන කාර්යාලයේ ඉංජිනේරු අංශයේ නිලධාරීන් සහ සත්වෝද්‍යානයේ සියලුම අංශවල සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය විශිෂ්ට අයුරින් පැවැත්විණි.

🌿 සතුන්ගේ සුරක්ෂිතභාවය හා සෞඛ්‍යය වෙනුවෙන් කැපවෙන සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය!
🌿 ඉදිරියටත් ස්ථිරව, සතුන් හා පරිසරය ආරක්ෂා කරමින් ඉදිරියට යාමට අපි කැපවෙමු!

Department of National Zoological Gardens - Sri LankaPinnawala zoo

Address

Pinnawala
Rambukkana
71100

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:00

Telephone

+94352266641

Alerts

Be the first to know and let us send you an email when Pinnawala zoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pinnawala zoo:

Share

Category