13/06/2025
පරවි ක්‍රීඩාව!!!
මචං මේක කිව්වට අවුලක් ගන්න එපා මේක තමා තිත්ත ඇත්ත.
සත්තු හදන බිස්නස් කරන හොඳ වැඩ්ඩො කියල නමක් දිනපු ගොඩ දෙනෙක්ව හොරු කලේ මේ මෑතක සත්තු හදන්න පටන් ගත්ත, සත්තු ගැන අවබෝධයක් නැති පිරිස්.. ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියල පලක් නෑ..
පරන හොඳ සත්තු ඉන්න පරවි කාරයෙක්ගෙන් සතෙක් ගෙනිහින් කලවමක් දාල ටයිමක් ඉන්නවා කියල රාවයක් ගියොත් මුලු ලංකාවම ඒ මනුස්සයට කතා කරල පැටව් අහනවා.. මචං සල්ලි එන වෙලාවෙ ඒකට පයින් ගහන්න කවුරුත් කැමති නෑ..
මේකෙන් වෙන අවුල්
1. ඒ මනුස්සය මහ සතුන්ට රෙස්ට් එකක් නොදී දිගට හරහට පැටව් ගන්නවා.. කාලයත් එක්ක මහ සත්තු හැක් වෙනවා. පැටව් අසාර්ථකයි.. ඒත් කවුරුත් ඒක දන්නෙ නෑ. අඩු තරමෙ බෝ කරන මනුස්සයවත් ඒක දන්නෙ නෑ..
2. ඉල්ලුමට සැපයුම දෙන්න මහ ජෝඩු ප්‍රමානය මදි වෙනකොට නාම්බො හිතූ හිතූ විදියට ජෝඩු කරනවා. එහෙම ගන්න පැටව්න්ගෙ සාර්ථක අසාර්ථක බව බලන්නවත් එලවන්න වෙන්නෙ නෑ ඒ තරමට ඉල්ලුම. එහෙම උනාම සමහර පැටව් අසාර්ථක වෙනවා මේක අර මනුස්සයවත් ගන්න අයවත් දන්නෙ නෑ..
3 කාලයක් මෙහෙම නාම්බො එක විදියටම ජෝඩු වෙද්දි සත්තු ඉන්බ්‍රීඩ් වෙනවා කිසිම ප්ලෑන් එකකට නැතුව.. එතකොටත් මුල් පුරුක් තරම් සාර්ථක නෑ.. හැබැයි ඉන්බ්‍රීඩ් සත්තු වෙන හොද ලයින් එකක් එක්ක කලවම් උනාම සාර්ථක වෙන්න පුලුවන්..
4. සමහර පරවි හදපු අය ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වෙනකොට තමන් ගාව ඉන්න සත්තුන්ට සමාන සත්තු පිටින් ගෙනත් විකුනනවා.
5. සමහර සත්තු ඉල්ලන අය පරවියාගේ වටිනාකමට මිලක් කිව්වහම එයාට තියන ප්‍රශ්න ඔක්කොම කියල දුක ප්‍රකාශ කරල ගානක් අඩු කර ගන්න උත්සාහ කරනවා.. මචං දුක කිව්වහම දුක හිතෙන්න ඒ මනුස්සයා අපේ අම්ම තාත්තා නෙමේනෙ.. එතකොට ඒ මනුස්සයා කවදාවත් දුකට පිහිට වෙන්නෙ නෑ. නමුත් බිස්නස් එක පිට යවා ගන්නෙත් නෑ.. මල්ලි උඹ නිසා මේ අඩුවට දෙන්නෙ කාටවත් කියන්න එපා.. අනිත් අය ඇහුවොත් මේ ගානට දුන්නා කියපන්.. උඹ නිසා අඩුවට දෙන්න මම උඹේ මස්සිනාද 😁 එතකොට වෙන්නෙ ගනදෙනුව ගැනුම්කරුගේ අතේ ඇති මුදලට වෙනවා නමුත් පාඩු ලබන්න බිස්නස් කරන්නෙ නෑ ඊට ලෝ කොලිටි බඩුවක් උස්සන් යනවා අඩු ගානට.. යන ගමන් පම්පෝරිත් ගහනවා සුපිරි බඩු දෙකක් ටෝක් කරලා අඩුවට ගත්තා කියල.. පස්සෙ අවුල්. 😇
ඊලඟට සුපිරි පරවි කාරයෙක්ගෙන් මහම ජෝඩු කිහිපයක් ගත්තා කියල FB එකේ පොඩ්ඩක් රඟනවා.. ඔන්න වැල නොකැඩි මැසේජ් කෝල් පැටව් අහලා. අර මනුස්සයට ජෝඩු දෙක තුන නෙමේ 20ක් හිටියත් මදි ඒ ඉල්ලුමට බඩු දෙන්න.. මොකද අපේ අයියලත් පට්ට කපටී.. මොකද අර නම ගිය පරවි කාරයා 50 ක් කියන පැටව් ජෝඩුව අර ලඟදි ගෙනවා එකාගෙන් 15 ට ගන්න තමා මේ ට්‍රයි එක.. ගෙනාව එකත් අතාරින්නෙ නෑ 15 ගානෙ දීල හරි ගිය ගාන හදා ගන්නවා මුලින්.. ඊට පස්සෙ කල්පනා කරනවා සිරිපාල ලොක්කා 50 හට දෙන උන් මන් 15 දෙන්න ඕනෙ නෑ.. අනික ඉල්ලුමට බඩුත් නෑ.. ඔන්න ජෝඩු ටික වැඩි කර ගන්න ජෝඩු කඩලා ගෙදර උන් එක්ක ජොඩු කරලා මහ ජෝඩු ගාන වැඩි කරනවා. දැන් දෙන්න බඩු ඉන්නවා වැඩේ අවුල්..
මේ අතර සෝමපාල නිතර ටූනමන්ට් වල වැඩ පෙන්නනවා.. ඔන්න දැන් ඔක්කොම සෝමපාලට කෝල් ගන්නවා.. දැන් ඌත් අර මගඩි ටිකම කරලා බිස්නස්.. උගෙ ලඟ එච්චර මහ ජෝඩුත් නෑ ඒත් පැටව් වැහි වැහැලා. හත් දෙයියනේ මිනිස්සු සල්ලි වලට පෙරේතයි.. මේක ලියන මාත් ඇතුලුව. අනවශය විදියට කෝල් කරල මැසේජ් දාල ඒ මිනිස්සුන්ව හොරු කලේ තමුන්ලා..
මේ අතර තව කෙනෙක් සුපිරි කූඩුවක් ගහල දිගට හරහට සත්තුන්ගෙ ෆොටෝ වීඩියෝ දානවා.. දැන් ඔක්කොම උට කෝල් යකෝ ඒ කූඩුව බලල සත්තු ගත්තට ඔය වගේ සත්තු කුරුලු කඩවලත් ඉන්නවා 1500 යට 😁
අපිම මිනිස්සු හොරු කරලා අපිම ඇන්දිලා අපිම හොරු කරපු උන්ට බනින ක්‍රීඩාවට තමා පරවි ක්‍රීඩාව කියන්නෙ..
මචං සත්තු හදපන් කූඩු පුරෝ ගන්නෙ නැතුව.. සතෙක් ගනින් මාස ගානක් අවුරුදු ගානක් ප්ලෑන් කරලා හරිම, හොඳම සතෙක්.. හදපන් එකම ලයින් එකක් හෝ දෙකක්. සතෙක් ගනින් අරූට කලින් මම ඒක ගන්න ඕනෙ කියලා පොර නොකා.. සතෙක් ගන්න අවස්තාව මගෑරුනොත් ඒක වෙන්නෙ හොඳට ඊට වඩා හොඳ සතෙක් ලැබෙයි.. සත්තු වඳ වෙන්නෙ නෑ ඒ නිසා කලබලේ එපා.. කවුරුත් අවුල් ගන්නත් එපා 😊
#මුල්සටහන්කරු