16/09/2026
🔥ගල්කන්දේඅරේ – සැබෑ ඉතිහාසය🔥
⚠️ විශේෂ සටහන
👉මීට පෙර අපගේ පිටුවේ "ගල්කන්දේ අරේ" පිළිබඳ පළ කළ ලිපියේ කරුණු කිහිපයක් නිවැරදි නොවූ බව අපට පසුව දැනගැනීමට ලැබුණි. එම නිසා මෙම ලිපිය, මෙම වංශයේ මුල් අයිතිකරු වන කලු මාමා විසින් සෘජුවම පැවසූ තොරතුරු සහ, අදටත් එම ඔරිජිනල් වංශය රැකගෙන යන ඔහුගේ සමීප මිතුරෙකු වන කල්ප සමරජීව මහතා විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන සකස් කර ඇත.🥰
අද බොහෝ දෙනෙක් "ගල්කන්දේ අරේ" ලෙස හඳුන්වන මෙම පරවි වංශය, ෆාදර්ගේ පරවියන් ලෙස හඳුන්වන අයත් බොහෝ දෙනෙකු සිටී. නමුත් කලු මාමාගේ පැහැදිලි කිරීම අනුව, ගල්කන්දේ අරේ සහ ෆාදර්ගේ පරවියන් එකම වංශයක් නොවේ.
ෆාදර්ගේ සතුන්ද ඉන්දියාවෙන් ගෙන ආ උසස් පරවියන් වූ අතර, දිගු කාලයක් අහසේ රැඳී සිටීමේ හැකියාව තිබුණද, මතකය සහ නිවස හඳුනාගෙන නැවත පැමිණීමේ හැකියාව අතින් ගල්කන්දේ අරේ සතුන් ඉතා ඉහළ මට්ටමක සිටි බව කලු මාමා පැවසීය.
🌿 ආරම්භය🔥
වත්තල, හැදල කෙරොල පිටිය අද "Paradise Choice" ලෙස හඳුන්වන ජර්මානු ආයතනය පිහිටි ස්ථානයේ, එදා ඉන්දියානු මුස්ලිම් ජාතිකයෙකු වන ජබිර් මහතා බට පණුවන්ගෙන් නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගොස් ඇත.
ජබිර් මහතා සතුව ඉන්දියාවෙන් ගෙන ආ විශිෂ්ට අළු පරවියන් සිටි අතර, ඔහු උදෑසන පරවියන් එළවා සවස් වන තුරු පියාසර කරවා බස්සවන බව ප්රදේශවාසීන් නිරන්තරයෙන් දැක තිබුණි.
එම කාලයේ වයස අවුරුදු 13ක් පමණ වූ කලු මාමා, කෙරවලපිටිය විද්යාලෝක විද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර, තම මිතුරා සුජිත් සමඟ දිනපතා මෙම පරවියන්ගේ පියාසර කිරීම නිරීක්ෂණය කළේය.
දින කිහිපයක් තිස්සේ එක් පරවියෙකු පාසලේ වහල මතට බැසීම දැක, කලු මාමා සහ සුජිත් එම වහලට නැගී එම කුරුල්ලා අල්ලා ගත්හ. එය පසුව ගල්කන්දේ අරේ බිහි කළ මුල් කුරුල්ලා බවට පත් විය.
🕊️ කිරිල්ලිය🌼❤️
ඉන්පසු රත්තරන් වත්තේ ඇක්මන් මහතා සතුව සිටි ලයිට් අළු කිරිල්ලියක් කලු මාමා මිලදී ගත්තේය.
විශේෂත්වය වූයේ, කලින් කිසිදු කිරිල්ලියක් සමඟ නොගැළපුණු එම කුරුල්ලා, මෙම කිරිල්ලිය කොටුවට දැමූ විගසම ජෝඩු වීමයි.
එම නිසා කලු මාමාගේ අදහස වූයේ, මෙම කුරුල්ලා සහ කිරිල්ලිය දෙදෙනාම මුලින් ජබිර් මහතාගේම ජෝඩුවක් වී, පසුව වෙන වෙනම ස්ථානවලට ගොස් ඇති බවයි.
🧬 ලේ වංශයේ විශේෂතා
මෙම ජෝඩුවෙන් බිහි වූ පරවියන් අදටත් හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් දරයි.
කුරුල්ලන්ගේ හොට කොටයි
කිරිල්ලියන්ගේ හොටද දිගය.
මහා සතුන් දෙන්නා ඇස් කහ සතුන් වේ.🔥
ඇස් කහ සහ රෝස වර්ණ දෙකම ඔරිජිනල් ලක්ෂණ වේ.
බොහෝ පැටවුන් මඩ අළු හෝ ලයිට් අළු වර්ණයෙන් බිහිවේ.
ඉතා කලාතුරකින් පමණක් "සිරිමා" වර්ණ පැටියෙකු බිහි වන අතර, එය මෙම ඔරිජිනල් වංශයේ පමණක් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් බව කලු මාමා පවසයි.
🕊️ පියාසර විලාසය✔️🔥
ගල්කන්දේ අරේ පරවියන්ගේ පියාසර රටාව අනෙක් බොහෝ වංශවලට වඩා වෙනස්ය.
ඔවුන් එකට ඇලී පියාසර කරන අතර, ඉතා ඉහළට නැඟී පසුව නැවත වහල මට්ටමට පැමිණ නැවතත් ඉහළට ඉගිලෙති.
පියාසර කාලයන්
එදා කලු මාමා සතුන් උදැසන කරු එළියේ සතුන් මුදා හරින අතර සවස් වෙන තුරු පියසර කර ඇත 👌🔥
කල්ප අයියා සතුවත් සතුන් පැය 14. 15 පියාසර කර ඇත.
එදා කලු මාමා සතුන් පුහුණු කළේ රාත්රී පුහුණුවක් නොමැතිවය. සතුන් බස්සවා ගැනීම සඳහා කුප්පි ලාම්පු සහ ගිනිගොඩවල් භාවිතා කළ බවද ඔහු සිහිපත් කළේය.
⚔️ 1989 වසරේ – කොටුව කඩන ලදි 🥺
එක් සවසක, කලු මාමා සහ ඔහුගේ හොඳම මිතුරා රෙනල්ට් පරවියන් එළවා සිටියදී,පෞද්ගලික අරවුලකට එම ප්රදේශයේ චණ්ඩියෙකු වූ කුමාරගේ පිරිසක් ඔවුන් සොයා නිවසට පැමිණියහ. එම අවස්ථාවේ
කලු මාමා සහ මිතුරන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර, එම පිරිස කොටුවේ සිටි තටු කපා තිබූ සියලුම පරවියන් රැගෙන ගොස් ඇත.
පියාසර කරමින් සිටි සතුන් පමණක් ඉතිරි වී තිබුණි.
එම සතුන් පසුව වත්තල තෙලඟපතේ නොණ්ඩි ඩෙන්සිල් මහතා වෙත ගෙන ගොස් ඇති අතර, ඔහු ජෝඩු කිහිපයක් තබාගෙන අනෙක් සතුන් කැලණිය ඇතුළු ප්රදේශ කිහිපයකට ලබා දී ඇත.
👉🔥ගල්කන්දේ අරේ නම ලැබුණේ මෙතැන් සිට 🔥👌
මෙම ඉතිරි සතුන් ඩෙන්සිල් මහතා ලගින් කැලණිය ඇතුල් ඇතුළු ප්රදේශ වලට දෙන අවස්ථාවේ මෙම සතුන් කොහෙන්දැයි විමසූ විට, "ගල්කන්දේ කොටුවෙන්" යැයි පැවසීමත් සමඟ, මෙම වංශය 👉 "ගල්කන්දේ අරේ" යන නමින් ප්රසිද්ධ වී ඇත.
නොණ්ඩි ඩෙන්සිල් මහතා එවකට ශ්රී ලංකාවේ සිටි අත්දැකීම් බහුල සහ දක්ෂම පරවි ඇති කරන්නන්ගෙන් කෙනෙකු ලෙස ප්රසිද්ධියට පත්ව සිටියේය.
ඔහු පිළිබඳ කලු මාමා සහ කල්ප සමරජීව මහතා පැවසූ විශේෂ කරුණක් වන්නේ,
👌"ඩෙන්සිල් මමා කියපු කිරිල්ලියක් මේ කුරුල්ලට දාන්න කියලා දුන්නොත්, ඒ ජෝඩුවෙන් හොඳ සතුන් බිහි වෙන එක ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ."🔥
ඔහුගේ පරවි පිළිබඳ අත්දැකීම සහ ලේ වංශ හඳුනාගැනීමේ හැකියාව එතරම් ඉහළ මට්ටමක තිබූ බව ඔවුන් සිහිපත් කරයි.
පසුව ඩෙන්සිල් මහතාගේ මිතුරෙකුට ලබා තිබූ සතුන්ට ඔහු විසින් අළු කිරිලියෙක් නැවත ලබා දි එයින් ජොඩුවකින්
කලු මාමා සහ කල්ප සමරජීව මහතා පවසන ආකාරයට,
අද "ඉයන්" සහ "කාසිම්" ලෙස හඳුන්වන වංශය බිහි වී ඇත්තේ එම ජෝඩුවෙන්ය.
ඔවුන්ගේ අදහස අනුව මෙය වැරදි ලේ මිශ්ර කිරීමක් නොව, එකම ඔරිජිනල් ලේ වංශයේ අභ්යන්තර සංයෝජනයක් පමණක් වන අතර, එහි කිසිදු වරදක් නොමැත.🔥❤️
1989 වසරේ කලු මාමාගේ කොටුව කඩන ලද අවස්ථාවේ, තවත් වැදගත් සිදුවීමක් සිදු වී තිබුණි.
එදා කලු මාමාගේ කොටුවේ K. ඇන්තනි මහතාගේ පරවියන් කිහිපදෙනෙකුද තාවකාලිකව සිට ඇත.
එම නිසා, කොටුවෙන් රැගෙන ගිය සතුන් අතර K. ඇන්තනි මහතාගේ සතුන්ද ඇතුළත්ව තිබුණි.
මෙය අද බොහෝ දෙනා නොදන්නා, නමුත් ගල්කන්දේ අරේ ඉතිහාසයේ වැදගත් කොටසකි.
කලු මාමා සහ කල්ප සමරජීව මහතා පවසන්නේ, එම සිදුවීම නිසා K. ඇන්තනි මහතාගේ ලේ වංශයද යම් ප්රමාණයකින් ගල්කන්දේ අරේ වංශය සමඟ එකතු වී තිබිය හැකි බවට තමන් අදටත් සැක කරන බවයි.
නමුත් එය නිශ්චිතව තහවුරු කළ හැකි ලිඛිත සාක්ෂියක් නොමැති බැවින්, 👉ඔවුන් එය සැකයක් ලෙස පමණක් සඳහන් කරයි.🔥❤️
🕊️🔥 K. ඇන්තනි මහතාගේ වංශය🔥
එදා ශ්රී ලංකාවේ පරවි ක්ෂේත්රයේ කතාබහට ලක් වූ තවත් ඔරිජිනල් ලේ වංශයක් වූයේ K. ඇන්තනි මහතාගේ වංශයයි.
ඔහුද කලු මාමා මෙන්ම, තම වංශය වෙනත් ලේ වංශ සමඟ මිශ්ර නොකර පිරිසිදුව පවත්වාගෙන ගිය පරවි හදන්නෙකු ලෙස ප්රසිද්ධියට පත්ව සිටියේය.
ඔහුගේ පරවියන්ගේ පියාසර රටාවද අතිශය විශේෂ වූ බව පැරණි පරවි හදන්නන් සිහිපත් කරති.
උදෑසන කොටුවේ දොර විවෘත කළ සැණින්ම ඔවුන් ඉතා වේගයෙන් ඉහළට පියාසර කර, පොල් ගස් දෙකක පමණ උසකදී වට ගැසීම ආරම්භ කරයි.
එම වේගවත් ආරම්භය සහ පියාසර විලාසය නිසා, K. ඇන්තනි මහතාගේ සතුන්ද එදා සිටි දක්ෂ පරවි හදන්නන් අතර ඉහළ පිළිගැනීමක් ලබා තිබුණි.
එදා ශ්රී ලංකාවේ පරවි ක්ෂේත්රය ගොඩනැගුණේ, තම තමන්ගේ ලේ වංශය ආරක්ෂා කරගත් මෙවැනි දක්ෂ පරවි හදන්නන් අතිනි.
ඔවුන්ගේ කැපවීම නිසාම අදත් අපට එම වංශයන්ගේ ඉතිහාසය කතා කිරීමට හැකි වී තිබේ. අපි ඉදිරියෙදි k ඇන්තනි මහතාගේ සතුන් ගැනත් ලිපියක් ඔබ වෙත ඉක්මනින් ලබාදීමට බලාපොරොත්තු වෙනවා ...
🔥 #ගල්කන්දේ #අරේ🔥
ශ්රී ලංකාවේ පරවි පියාසර ඉතිහාසයේ ජීවමාන උරුමයකි.
මෙම ලිපියේ අරමුණ වූයේ කිසිදු පුද්ගලයෙකුගේ අදහසක් විවේචනය කිරීම හෝ වෙනත් වංශයක් පහත් කිරීම නොවෙයි.
❤️👉ගල්කන්දේ අරේ වංශයේ මුල් අයිතිකරු වන👉🔥 ❤️❤️කලුමාමා🔥 විසින් තම ජීවිත අත්දැකීම් මත පැවසූ ඉතිහාසයත්, අදටත් එම ඔරිජිනල් ලේ වංශය ආරක්ෂා කරගෙන යන 🔥❤️කල්පසමරජීව🔥 මහතා විසින් ලබාදුන් තොරතුරුත්, අනාගත පරම්පරාව වෙනුවෙන් සටහන් කර තැබීම පමණි.🫵🔥
අද බොහෝ පරවි වංශවල ඉතිහාසය කාලයත් සමඟ වෙනස් වෙමින්, සැබෑ තොරතුරු අහිමි වෙමින් යන යුගයක...
එම ඉතිහාසය ඇසින් දැක, තම අතින් නිර්මාණය කර, අදටත් ඒ මතකයන් රැකගෙන සිටින මිනිසුන්ගේ කතාව ලියා තැබීම අපගේ වගකීමක් බව අප විශ්වාස කරමු.
ගල්කන්දේ අරේ යනු පියාසර කාලයක් පමණක් නොව...
එය ලේ වටිනාකමක්... එය මතකයක්.. එය කැපවීමක්...
එය පරම්පරා ගණනාවක් පුරා රැකගෙන ආ උරුමයකි.
❤️ විශේෂ ස්තුතිය
මෙම දුර්ලභ ඉතිහාසය කිසිදු දෙයක් සඟවා නොගෙන, සත්ය ලෙස අප සමඟ බෙදාගත් ගල්කන්දේ අරේ වංශයේ මුල් අයිතිකරු වන කලුමාමාට, අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.🔥
එමෙන්ම අදටත් ඔරිජිනල් ගල්කන්දේ අරේ ලේ වංශය ආරක්ෂා කරමින්, මෙම ඉතිහාසය නිවැරදි ලෙස අප වෙත ගෙන ඒමට විශාල සහයෝගයක් ලබාදුන් කල්පසමරජීව මහතාටද අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.
ඔබ දෙදෙනාගේ සහයෝගය නොතිබුණා නම්, මෙම ඉතිහාසය මෙලෙස ලියා තැබීමට අපට කිසිදා හැකියාවක් නොලැබෙනු ඇත.
ඉතින් මගේ හිතවත් සහොදරයින්ගෙන් කරන ඉල්ලිම ඔබගේ අදහස් මා සමග බෙදා ගන්න එවගෙම තව කෙනෙක්ට බලන්න share කරලා follow කරන් යන්න ස්තුතියි ❤️❤️❤️🔥
#මුල්සටහන්කරු