PetTopia

PetTopia For the Love of Pets 🐾 Welcome to Pettopia - Your Pet Paradise! Join us for daily pet joy! Click 'Follow' and let's make every day with your pets special.

Pettopia is your one-stop for all things pets! 🐶🐱
Dive into a world of videos, articles, and top-notch pet products. What We Offer:

🐾 Pet Details: Learn about breeds and types, whether you're a seasoned pet owner or a newbie.

🐾 Pet Health: Tips to keep your pets happy and healthy.

🐾 Pet Foods: Explore the best nutrition for wagging tails and purring kitties.

🐾 Services: Find trusted grooming, training, and more.

🐾 Shop: Browse our handpicked pet products for a happier pet life.

නිසල මැද මිදුලේ කුඩා පොකුණක,සිසිල් දිය දෝතක් රිසි සේ විසුරුවන...ලක් පොළොවේ උරුමය රැඳි රතු මල් ගිරවා,දිය කෙළියෙන් ගත සනසා...
31/03/2026

නිසල මැද මිදුලේ කුඩා පොකුණක,
සිසිල් දිය දෝතක් රිසි සේ විසුරුවන...
ලක් පොළොවේ උරුමය රැඳි රතු මල් ගිරවා,
දිය කෙළියෙන් ගත සනසා හිත නිවනවා.

කොළ පැහැ පියාපත් දිය බිඳු මුතු විසිරී,
නිල් මහනෙල් මල් සුවඳින් සුවය පිරී...
මැටි කළයෙන් ගලා එන දිය දහරේ තාලයට,
පුංචි පියාපත් ගසමින් නටයි ඒ සොඳුරු ලෙසට.

ගෙමිදුල අලංකාර කළ ඒ නිදහස් හදවත,
මිනිස් වාසයක ඉපිදත් තවමත් වනගත...
කුරුළු කිරිල්ලන් දිය නාන මේ අසිරිමත් රුව,
හිතට ගේන්නේ හරිම පුදුම සහනයක්, සැහැල්ලුව.

Test DOG ❤️ BABY ❤️ CAT
31/03/2026

Test DOG ❤️ BABY ❤️ CAT

බළලුන් කියන්නේ අපේ නිවෙස්වල ඉන්න හුරතල්ම යාළුවෝනේ. ඉතින් මේ පුංචි යාළුවන්ගේ සිරුරේ තියෙන ලස්සනම සහ වැදගත්ම අවයවයක් තමයි ...
31/03/2026

බළලුන් කියන්නේ අපේ නිවෙස්වල ඉන්න හුරතල්ම යාළුවෝනේ. ඉතින් මේ පුංචි යාළුවන්ගේ සිරුරේ තියෙන ලස්සනම සහ වැදගත්ම අවයවයක් තමයි ඔවුන්ගේ නැට්ට. පූස් නැට්ටක් කියන්නේ නිකම්ම ලොම් පිරුණු වලිගයක් විතරක් නෙවෙයි, ඒක හරියට බළලුන්ගේ "සන්නිවේදන මධ්‍යස්ථානයක්" වගෙයි.

පූස් නැට්ටක ඇති සුවිශේෂතා කිහිපයක් ගැන අපි අද කතා කරමු.

1. ශරීරයේ සමබරතාවය රැකගන්නා "මැජික් දණ්ඩ"
බළලුන් ඉතාම සිහින් තාප්ප උඩ, ගස් අතු උඩ හරිම ලස්සනට ඇවිදින්නේ කොහොමද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? ඒකට උදව් කරන්නේ ඔවුන්ගේ නැට්ටයි. බළලෙක් උස තැනක ඇවිදින විට, ශරීරයේ බර එක පැත්තකට බේරෙනවා නම්, වලිගය ඉක්මනින්ම අනෙක් පැත්තට හරවා සමබරතාවය (Balance) රැකගැනීමට ඔවුන් සමත් වෙනවා. මෙය හරියට ලණුවක් උඩ ඇවිදින ශිල්පියෙක් අතේ තබාගන්නා දිගු ලී පටිය වගෙයි.

2. හැඟීම් ප්‍රකාශ කරන භාෂාව
බළලුන් අපිට කතා නොකළත්, ඔවුන්ගේ නැට්ටෙන් හැමදේම කියනවා.

නැට්ට කෙළින් තබාගෙන සිටීම: මෙය ඉතාමත් සුහදශීලී ලකුණක්. "මම ගොඩක් සතුටින් ඉන්නේ, ඔයා මගේ හොඳම යාළුවෙක්" කියලා තමයි එයින් කියවෙන්නේ.

නැට්ටේ කෙළවර සෙලවීම: බළලා යම් දෙයක් ගැන කුතුහලයෙන් හෝ අවධානයෙන් ඉන්න බව මෙයින් පෙනෙනවා.

නැට්ට පිම්බීම (Puffed tail): බළලෙක් බය වුණාම හෝ තර්ජනයක් දැනුනාම තමන්ගේ නැට්ට ලොකුවට පිම්බීමට සලස්වනවා. ඒ තමන්ව ලොකුවට පෙන්වලා සතුරා බය කරන්නයි.

නැට්ට දෙපසට වේගයෙන් ගැසීම: බළලා ඉන්නේ තරහින් හෝ නොසන්සුන්ව බව පෙන්වන සලකුණකි. ඒ වෙලාවට ඔවුන්ව සුරතල් කරන්න නොයන එක තමයි ඇඟට ගුණ!

3. දඩයම් කිරීමේදී උදව් වීම
බළලෙක් වේගයෙන් දුවන විට හෝ සතෙක් පසුපස හඹා යන විට, ඉතාමත් වේගයෙන් හැරීම් (Turns) සිදු කිරීමට වලිගය උදව් වෙනවා. මෙය රුදාවක (Rudder) කාර්යය ඉටු කරමින්, වේගය පාලනය කරමින් නිවැරදි ඉලක්කයට යාමට ඔවුන්ට මග පෙන්වනවා.

4. ශරීර උෂ්ණත්වය පාලනය
සීතල කාලයට බළලුන් නිදාගන්නා ආකාරය ඔබ දැක ඇති. ඔවුන් බොහෝවිට තමන්ගේ නැට්ටෙන් මුහුණ සහ ශරීරය වසාගෙන රවුමට ගුලි වී නිදාගන්නවා. මෙය සිරුරේ උණුසුම පිටතට යාම වළක්වා ගැනීමට ඔවුන් ස්වභාවධර්මයෙන් ලබාගත් උපක්‍රමයක්.

5. ව්‍යුහය සහ සංවේදීතාව
බළලෙකුගේ වලිගය සෑදී ඇත්තේ කුඩා පෘෂ්ඨවංශී අස්ථි (Caudal vertebrae) 18 සිට 23 දක්වා ප්‍රමාණයකිනුයි. ඒ වගේම මෙහි ස්නායු පද්ධතිය ඉතාමත් සංවේදීව පිහිටා තිබෙනවා. ඒ නිසාම බළලුන් තමන්ගේ නැට්ට අල්ලනවාට හෝ අදිනවාට කොහොමටවත් කැමති නැහැ.

පූස් නැට්ටක් කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය කොටසක්. ඉතින් මීට පස්සේ ඔබේ සුරතල් පූස් පැටියා නැට්ට හොලවන විදිහ දිහා පොඩ්ඩක් බලන්න. එයා ඔයාට රහසින් කියන දේ එතකොට ඔයාටත් තේරුම් ගන්න පුළුවන් වේවි! 🐾

29/11/2025

මිනිස්සුන්ව වගේම සුරතලුන්වත් අමතක කරන්න එපා... 😿

පැයෙන් කරන්න පුළුවන් වැඩේ කොන්දෙ අමාරු හදාගෙන පැය දෙක තුනක් අරන් කරන අපිට හරිනම් පූස් සම්මාන හම්බ වෙන්න ඕනේ 😁😻
11/10/2025

පැයෙන් කරන්න පුළුවන් වැඩේ කොන්දෙ අමාරු හදාගෙන පැය දෙක තුනක් අරන් කරන අපිට හරිනම් පූස් සම්මාන හම්බ වෙන්න ඕනේ 😁😻

මේ අයියලා හොයාගන්න නිධ​න් 😁. එයාළා නිධන් හොයාගත්තේ නැතුවට එයාලා ඉතින් අපිට කොහොමත් නිධානයක් වගේනේ. ඉතින් අද කියන්න යන්නේ...
08/10/2025

මේ අයියලා හොයාගන්න නිධ​න් 😁. එයාළා නිධන් හොයාගත්තේ නැතුවට එයාලා ඉතින් අපිට කොහොමත් නිධානයක් වගේනේ. ඉතින් අද කියන්න යන්නේ අපේ ගෙවල් වල ඉන්න නිධාන ගැන තවත් රසවත් කතාවක්. සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති. තවත් සමහරු නොදන්නවත් ඇති. වැඩි කතා නැතුව බලමුද මොනවද මෙයාලා මෙච්චරටම හාර හාර හොයන්නේ කියලා 😎?

ඔයාලත් දැකලා ඇති සමහර බව්වෝ නිකන් ලංකාව හාරගෙන පෘතුවි ගර්භයේ මැද්දෙන් ගිහින් දකුණු ඇමරිකාවේ ඇමසන් වනන්තරයට යන්න වගේ පොළව හාරනවා. තව කල් ගියොත් රතු ඉන්දියානුවො අපේ TV වල ad පවා දානවා පොලොව හාරන් දකුණු ඇමරිකාවට එන්න එපා කියලා. පොලොව විතරක් නෙමේ, සමහර වෙලාවට ගේ ඇතුළේ ටයිල්, කාපට්, තව සමහරු කුශන් තියෙන සෝෆා සෙට්, ඇදවල් පවා එයාලගෙ නියපොතු වලින් බරස් බරස් ගාලා පතුරු යන්න හාරනවා. ඒ හාරන හෑරිල්ලට වෙලාවකට බයත් හිතෙනවා. බඩු භාන්ඩ වලට හානි වෙනවටත් වඩා එයාලගේ අත් වලට, නියපොතු වලට හෝ ඇඟිළි වලට හානියක් වෙයි කියලා.

බල්ලන් මේ විදිහට හැසිරෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්

✅ කෑම කෑල්ලක්: සමහර වෙලාවට එයාලා කෑම වලලනවා. ඔයාලත් දැකලා ඇති ඒක. එහෙම වලලලා පස්සේ ආයේ මතක් වෙලා ඒක හොයන්නත් හාරනවා. කාපට් වල සහ සෝෆා වල නම් දාර අස්සෙන් ඇතුළට ගිය කෑම කෑල්ලක් වෙන්නත් පුළුවන්. කොච්චර අපි කෑම දුන්නත් ඒ එයා හංගපු හෝ එයාට මග හැරුණු කෑම කෑල්ලක් ගන්න වෙන්න පුළුවන්.

✅ සුවඳක්: තවත් සමහ​ර වෙලාවට හරිම අමුතු සුවඳක් නිසා​ත් එයාළා පොලව හාරනවා. එළියේ පොළොව තමා ගොඩක් වෙලාවට ඒ විදිහේ සුවදක් නිසා හාරන්නේ. හාරලා ඒකේ පෙරළෙන්න එයාට හිතිලා තියෙන්​න පුළුවන්. මේ වගේ වෙලාවට හෑරීම කියන්නේ ඒ සුවඳට එන instinctive reaction එකක් වෙන්න පුළුවන්.

✅ ඇඳ සූදානම් කිරීම: තවත් බව්​වො carpet එකේ ටිකක් හාරලා අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා. මේකත් උපතින්ම එන පුරුද්දක්. බල්ලන් නිදාගන්න කලින් තමන්ගේ ඇඳ හොඳට පිම්බෙන්න මේ විදිහට හාරනවා.

✅ සතුට, බය හෝ කනස්සල්​ල : තව​ත් සමහර බව්​වො හාරන්නේ හරිම සතුටින් ඉන්නකොට හරි, බයෙන් ඉන්නකොට හරි. මේකට කියන්නේ displacement behavior කියලා. ඒ කියන්නේ බල්ලාට කරන්න ඕන දේ කරන්න බැරි නම්, එයා ඒ වෙනුවට වෙන දෙයක් කරනවා. උදාහරණයක් ලෙ​ස ගහක් උඩ ඉන්න ලේනෙක්ව දැක්කොත් බල්ලාට එයා පස්සෙන් යන්න බැරි නිසා, එයා ගහේ මුලට බුර බුරා හාරන්න පටන් ගන්නවා.

✅ වැඩි ශක්තියක් පිට කිරීම​ට: මේක උද්යෝගය හරි වැඩිපුර ශක්තියක් හරි එළියට දාන විදිහක් වෙන්නත් පුළුවන්. ඔයාගේ බව්​වා සෙල්ලම් කරන්න කැමති නම්, සමහරවිට එයා ගෙදර දුව දුව අනිත් බව්ව​ට බුරලා එයාවත් සෙල්ලමට එකතු කරගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවට අධික විදිහට සතුටු වෙලා වැඩිපුර ශක්තියක් පිට කරන්න ඕන වුණාම​ත් එයා carpet එක හෝ පොල​ව හාරන්න පටන් ගන්නවා වෙන්න​ත් පුළුවන්.

✅ අවධානය ලබා ගැනීම​ට: අන්තිමට, සමහර බල්ලෝ carpet එකේ හාරනකොට අයිතිකාරයාගේ අවධානය ලැබෙන බව ඉගෙන ගන්නවා. ඒක කටින් බනින එකක් වුණත්, toy එකක් අරන් දීලා එතනින් අයින් කරන එකක් වුණත්, එයාට අවධානය ලැබෙනවා. ඒ නිසාත් එයාල ඔහොම හාරන්න පටන් ගන්නවා. එයාලත් බබාලා වගේනේ. ඉතින් ඒ නිසා අපිට නලවගන්න නම් අවධානය දෙන්නම සිද්ධ වෙනවා.

ඔබට මොනවද කරන්න පුළුවන්?
ඔයාගේ carpet එකට හානි වෙයි කියලා බය නම්, ඔයා​ට මේ දේවල් උත්සාහ කරලා බලන්​න පුළුවන්.

✅ බාධා කරන්න: බව්ව​ගෙ අවධානය ගන්න පුළුවන්, හැබැයි බය නොවන විදිහේ පුංචි සද්දයක් කරන්න. මේකෙන් එයා​ගේ පුරුද්දට බාධා වෙනවා.

✅ වෙනත් දේවල් වලට විධානයක් දෙන්​න: ඒ behavior එක නැවතුණාට පස්සේ, බව්ව​ව ඔයා ලඟට කැඳවලා ඔයා දේවල් කීපයක් කරන්න කියන්න.
උදාහරණ: ඉඳගන්න, ​‍බලන්න, අත තාලට නලවන්න වගේ දේවල්.

✅ ඒ දේවල් කළාට පස්සේ එයාට ප්‍රශංසා කරලා, treat එකක් දෙන්න. මේකෙන් එයාගේ ශක්තිය හොඳ විදිහට එළියට දාන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ ඔයට පුළුවන් එයා​ව ඇවිදින්න එක්කන් යන්න හරි, එයාගේ අවධානය ගන්න පුළුවන් toy එකක් හරි දෙන්න.

✅ ආරක්ෂා කරන්න: Carpet එකේ සමහර තැන් වලට හානි වෙනවා නම්, ඒ තැන් වලට ​‍බර පැදුරු හරි, වෙනත් පුංචි කුඩා රෙදි කැබලි හරි දාලා ආරක්ෂා කරන්න පුළුවන්.

ඉතින් ඕවා තමා බව්වෙක් පිස්සුවෙන් වගේ හාරන්න හේතු. මට මිස් වෙච්ච ඔයාලා දන්න දේවල් තියෙනව නම් ඒවත් පහළින් comment කරන්න්.

ඔයා​ගේ පූස් බ​බා ඇඟේ ඉළ ඇට පෙනෙන තරම් කෙට්ටුයිද? එහෙම නැතත් එ​යා කෙට්ටු වෙමින් ඉන්නව වගේ ඔබට පේනවද? බළලුන් මහත් වෙන එක ව...
07/10/2025

ඔයා​ගේ පූස් බ​බා ඇඟේ ඉළ ඇට පෙනෙන තරම් කෙට්ටුයිද? එහෙම නැතත් එ​යා කෙට්ටු වෙමින් ඉන්නව වගේ ඔබට පේනවද? බළලුන් මහත් වෙන එක වගේම කෙට්ටු වෙන එකත් එතරම් හොඳ දෙයක් නෙවෙයි. මිනිසුන් වගේම තමයි. ඒ කෙට්ටු වීමට හේතුව දියවැඩියාව වගේ රෝගයක් වෙන්නත් පුළුවන්. නැතිනම් සාමාන්‍යයෙන් ඔබට මඟහරවාගත හැකි හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ ගැන අද කතා කරමු. මේ අධික කෙට්ටු බව මඟහරවාගන්නෙ කොහොමද කියලත් දැනගමු.

බළලුන්ගේ බර අඩු වෙන්නෙ ඇයි?
බළලුන් කෙට්ටු වෙන්න නොයෙක් හේතු බලපාන්න පුළුවන්. සමහර ඒවා සාමාන්‍ය දේවල් වුණත්, සමහර ඒවා යම් අසනීප තත්වයන් නිසා වෙන්නත් පුළුවන් කියල අපි කලින්ම සඳහන් කලා. ඒ නිසා, ඔබේ බළලාගේ බර අසාමාන්‍ය වශයෙන් අඩු වෙනව නම් හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙක් වෙත යොමුවෙන එක තමා වඩාත්ම හොඳ. ඒ කොහොම වුනත් අපි බලමු, ඒ සඳහා බලපාන පොදු සාධක කිහිපයක්.

✅ ප්‍රමාණවත් තරම් කෑම නොලැබීම: සමහර වෙලාවට කෑම ප්‍රමාණවත් නැති වුණත් බර අඩු වෙනවා. විශේෂයෙන්ම ගෙදර බළලුන් කිහිප දෙනෙක් ඉන්නවා නම්, එක බළලෙක්ට කෑම අඩුවෙන් ලැබෙන්න පුළුවන්.

✅ අකමැති ආහාර ලබාදීම: බළලුන්ට වුනත් ආහාර සම්භන්ධව ඔවුන්ගේ රුචි අරුචිකම් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබ නිතරම ඔවුන් ආහාරයට ගැනීමට අකමැති ආහාර දෙනව නම්, ඒ ආහාර ප්‍රතික්ශේප කිරීම නිසත් කෙට්ටු වෙන්න පුළුවන්.

✅ පණු රෝග: බළලුන්ගෙ බඩේ පණුවවන් ඉන්නව නම්, එයාලගෙ ආහාර දිරවීම හොඳින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා ඔවුන් කෙට්ටු වෙන්න පුළුවන්.

✅ ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ: බඩේ අමාරුව, පාචනය, වමනය වගේ දේවල් නිසාත් අපේ වගේම බළලුන්ගෙත් කෑම හරියට ජීර්ණය වෙන්නේ නැහැ. ඒකත් බර අඩු වීමට සෘජුවම බලපානවා.

✅ දත් හා විදුරුමස් ආශ්‍රිත ගැටළු: මුඛය ආශ්‍රිත ගැටළු තියෙනකොට අපිට වගේම එයාලටත් ාහාර ගන්න අපහසුයි. මේ නිසා එයාලට වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න බැරි නිසා බර අඩු වෙන්න පුළුව

✅ ආතතිය: ජීවත් වෙන පරිසරය වෙනස් වීම, අලුත් සතෙක් ගෙදරට එකතු වීම වගේ දේවල් බළල්ලුන්ට ආතතිය ඇති කරනවා. මේ ආතතියත් එක්කම කෑම අරුචිය ඇති වෙලා බර අඩු වෙන්න පුළුවන්.

✅ වෙනත් රෝග: දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, වකුගඩු රෝග වගේ ලෙඩ නිසාත් බර අඩු වෙන්න පුළුවන්. ඒකත් මිනිසුන්ට වගේම ඔවුන්ටත් පොදු දෙයක්.

ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති, ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම ඇතුළුව රෝගාබාද තත්ව දක්වා මේ ප්‍රශ්නය විහිදෙනව කියන කාරනාව. ඒ නිසා මේ සම්භන්ධව පශුවෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න එක තමා වඩාත්ම හොඳ.

ඔබේ සුරතලාගේ බර වැඩි කර ගැනීමේ සැලැස්මක් සකස් කිරීම
මහත් කිරීම කියන්නෙ ඔවුන්ට ලබාදෙන කැලරි ප්‍රමාණය ඉහළ නැංවීම වගේ සරල දෙයක් නෙවෙයි. ඒක මිනිසුන්ට වගේම බළලුන්ටත් පොදු වන කාරණාවක්. ඒක ඔවුන්ගේ වයස, ශරීර තත්වය, වර්ගය, පවතින රෝග, ආසත්මිකතා වගේම රුචි අරුචිකම් වගේ ගොඩක් දේවල් ගැන විශ්ලේෂණය කරල, ක්‍රමාණුකූලව කල යුතු දෙයක්.

මේ සඳහා පශු වෛද්‍ය සහය අනිවාර්‍යයි කියල නැවතත් මතක් කරනවා. ඔබේ පශු වෛද්‍යවරයා බළලාගේ තත්වය නිරීක්ෂනය කිරීමෙන් පසු, රෝගයක් ඇතිනම් එම රෝගයට ප්‍රතිකාර කිරීමේ සැලැස්මක් සකස් කළ පසුවයි බර වැඩි කර ගැනීමේ කාර්යය ආරම්භ කළ හැකි වන්නේ. මේ ක්‍රියාවලියේදී, ඔබේ පූස් බ​බාගේ වයස සහ වෛද්‍ය අවශ්‍යතා මත පදනම්ව නිශ්චිත යෝජනා ඔබ වෙත ඉදිරිපත් කිරීමයි සාමාන්‍යයෙන් වෙන්නෙ.

ඔබේ පූසාගේ නිශ්චිත වෛද්‍ය තත්ත්වයට අනුවර්තනය කරන ලද ආහාර වේලක් මෙහිදි නිර්දේශ වීමයි විශේෂත්වය වෙන්නෙ. අදාල ආහාර සැලැස්ම ඇරඹීමට පෙර පශු වෛද්‍යවරයා ඔබේ බළලාගේ සුදුසු බර හඳුනා ගන්නා අතර, සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වනවාදැයි බැලීම සඳහා නිතිපතා පරික්ෂා කරන්නටත් ඔබට යෝජනා කිරීම සිදු කරනවා.

බළලුන්ගේ බර වැඩි කරන ක්‍රමවේදය
බළලුන්ගේ බර වැඩි කළ හැකි සෞඛ්‍යසම්පන්න ආහාර මොනවද කියන එක දැනගන්න එක ඔබට බොහෝ වටිනවා. මොකද ඔබ ඒ ගැන දන්නෙ නැතිව ඔවුන්ගේ බර වැඩි කරන නමුත් සෞඛ්‍යට අහිතකර පිටි හෝ සීනි සහිත ආහාර වලට යොමුවෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නෙ, ඔබට ගන්න පුළුවන් හොඳ සෞඛ්‍යසම්පන්න විකල්ප කිහිපයක් සහ ඔබ අනුගමනය කල යුතු කරුණු කිහිපයක්.

✅ පූස් පැටව් ආහාර: බොහෝමයක් පූස් ආහාර (Cat Foods) වල හොඳ කැලරි සහ පෝෂක ප්‍රමාණයක් අන්තර්ගත වනවා. මොකද විශේෂයෙන්ම ඒවා සාදා ඇත්තේ බළලුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා ගැන විශේෂ අවධානයක් යොමු කරමින් වීමයි මෙහි විශේෂත්වය. (වෙළඳපොලේ ඇති cat foods ඔබ ලබා දෙනවනම් පිළිගත් වගේම තත්ව සහතික කරන ලද ආහාරයක් ලබා දෙන්න, ඔබ වෙළඳපොලේ ඇති cat foods වලට අකමැති නම් ඔබට පුළුවන් පෝශණීය ආහාර වේලක් ඔබ විසින්ම ඔබේ ආදරණීය පූසා වෙත පිළියෙල කරන්න)

✅ සෞඛ්‍ය සම්පන්න සුළු ආහාර: ආහාර වේල් අතර කුඩා කුකුළු මස් කැබලි, බිත්තර, මාළු හෝ වෙනත් ප්‍රෝටීන් බහුල සුලු ආහාර ලබා දීමත් බර වැඩි කිරීමට උපකාරී වනවා.

✅ නිවැරදි ප්‍රමාණය: ඔබේ පූසාගේ වයස, බර සහ ක්‍රියාශීලීත්වය අනුව කැලරි ප්‍රමාණය ගණනය කර නිවැරදි ආහාර ප්‍රමාණය ලබා දෙන්න. එහෙම නැතිනම් බළලාට වෙනත් අපහසුතා ඇති වෙන්නට ඉඩක් තියෙනවා.

✅ නිතර ආහාර ලබා දීම: දිනකට කිහිප වතාවක් කුඩා ආහාර වේල් ලබා දීමෙන් බළලා ආහාර ගැනීමට දිරිමත් කරන්න ඔබට පුළුවන්. නමුත් දෙන ආහාර ප්‍රමාණය ගැන සෑම විටම සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

✅ පාන වර්ග සහ පිසින ලද ආහාර : බොහෝ විට කිරි වැනි පාන, ඒ වගේම පිසින ලද මාළු, මස්, බිත්තර වගේ ආහාර දෙන්නට හැකිනම් එයත් ඵලදායි පියවරක්. මොකද ගොඩක් බළලුන් වියලි ආහාර වලට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

✅ ආහාර විවිධත්වය: එකම ආහාරය එක දිගට ගැනීම අපට වගේම බළලුන්ටත් බොහොම අපහසු දෙයක්. ඉතින් සෑම විටම ආහාර වර්ග කිහිපයක් මාරුවෙන් මාරුවට ලබා දීමෙන් ආහාර විවිධත්වය තබා ගන්න. ඒ වගෙම ඔවුන් කැමති ආහාර මොනවද කියලත් අවභෝධයක් ලබාගන්න.

✅ පිරිසිදු, නැවුම් ජලය: සෑම විටම පිරිසිදු, නැවුම් ජලය ලබා දෙන්න. එය ඔවුන්ගේ ආහාර ජීරණය පහසු අරන්නට සහය වෙනවා. නමුත් කුස පිරී ආහාර ගැනීමෙ අවශ්‍යතාව අඩු විය හැකි නිසා එය ඕනෑවට වඩා කරන්න එපා.

✅ ඔවුන්ගේ ආතතිය පාලනය කරන්න: ඔබට හැකි සෑම අයුරින්ම ඔවුන්ගේ ආතතිය පාලනය කරන්නට ඔබට හැකි සෑම දේම කරන්න. බොහෝ විට මදක් ඔවුන්ව හුරතල් කිරීම හෝ එළියට රැගෙන යාම පමණක් වුවත් ප්‍රමාණවත් විය හැකියි.

නැවත මතක් කිරීම : ඔබේ බළලාගේ බර වැඩි කිරීමට පෙර පශු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔවුන්ට ඔබේ පූසාගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කර බළලාට වඩාත් සුදුසු ආහාර සැලැස්මක් නිර්දේශ කිරීම සිදු කරනවා. ඉතින් මේ දේවල් හොඳින් අවභෝධ කරගෙන අවශ්‍ය ඉදිරි පියවට ගන්න ඔබට දැන් පුළුවන්. මේ ගැන ඔබට තියෙන අත්දැකීම් පහත කමෙන්ට් සෙක්ශන් එකේ ලියන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු.

Address

Piliyandara

Alerts

Be the first to know and let us send you an email when PetTopia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PetTopia:

Share