25/04/2026
මේ වීඩියෝ එකේ ඉන්නෙ 100%ක් ලංකාවෙ 🇱🇰💪 මගේ ෆාම් එකේ වර්ණ රටා වැඩිදියුණු කරගෙන රට යවන්න හදන අපේම මාලු
👉 මේ මාලුන්ගෙ අම්මල තාත්තල බ්‍රීඩ් වෙන තැන ඉඳන් මෙයාල බිත්තර වල ඉන්න කාලෙ ඉඳන් මේ වර්ණ රටා එනකම් ලොකු කරගෙන ඕඩස් වලට යවනකම් වීඩියෝ මගේ පේජ් එකේ දාල තියෙනව මිත්‍රවරුනි
👉 ඒ වගේම මේ වගේ ලස්සන මාලු හදාගන්න විදිය ගැන ඒ කියන්නෙ පරම්පරාවල් කළමනාකරණය (blood lines management) කරගන්නෙ කොහොමද කියලත් ඉතාම සරළව පේජ් එකේ වීඩියෝ දාල තියෙනවා.
👉 ඒව පාවිච්චි කරගන්න ඔයාගෙ පුංචි ව්‍යාපාරයත් එක අඩියක් හරි උඩට ගන්න.හැමතිස්සෙම quality මාලු හදන්න උත්සහ කරන්න මිත්‍රවරුනි.මොන ක්ශේත්‍රයක උනත් නිවැරිදි දැනුම අත්‍යාවශ්‍යමයි ඔයාටත් ඔයාගෙම කියල ගමනක් යන්න නම්.
👉 නැත්නම් ඔයාගෙ නොදැනුවත්කම නිසා වංචාවෙන්ම මේ ව්‍යාපාරය එදා ඉඳන් කරගෙන එන සමහර මිනිස්සුන්ගෙ බොරු පම්පෝරි වලට වලට අහුවෙලා රොඩු ගොඩවල් වගේ වටිනාකමක් නැති මාලුන්ට ඔයාගෙ සල්ලි ටික විසි කරල ව්‍යාපාරය පටන් ගත්තු තැනම හොම්බෙන් යන්න තමා වෙන්නෙ
👉 ඒක නිසා ඒ මිනිස්සුන්ගෙ පුංචි ලෝකෙන් එලියට ඇවිත් හරියට ෆයිට මාලු හදන හැටි ඉගෙන ගෙන මුලින්ම මාලු 100ක් හරි export quality එකට හදාගෙන ඒ වෙළඳපොලට ඇතුල් වෙන්න උත්සහ කරන්න.හදල විකුණන්න බෑ කියන්නෙම එයාලට අඩුගානෙ quality මාලුවෙක් හදාගන්නවත් බැහැ.නැත්තම් කව්රු හරි ගෙනිහින් විකුණල සල්ලි ගෙනත් දෙනකම් බලන් ඉන්න පට්ට කම්මැලියෙක්.වෙළඳපොල අවශ්‍යතාවය අනුව වරයිටි එකක් උනත් හරියට හදාගත්තොත් ඔයාට අපනයන වෙළෙඳපොළ ඇතුලට පහසුවෙන් ඇතුල් වෙන්න පුලුවන් මිත්‍රවරුනි
👉 ඔයා මේ බලන්නෙ මගේ පළවෙනි වීඩියෝ එක නම් මගේ Bountiful Betta පේජ් එකට ගිහින් බැලුවොත් අපි හදාගනිපු තවත් ලස්සන මාලු බලන්නත් ෆයිටර් (බෙටා) මාලු ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්
゚