Give Life by LSC

Call Directions

Give Life by LSC Give Life start in 2016 in an effort to fund the organizations across the Sri Lanka that are helping Street Dogs in Sri Lanka.

It’s supports all animal shelter and rescue organizations.

29/09/2026

ලෝකයේ කොහේ හරි තැනක පාරේ ඉන්න අසරණ සුනඛයෙක් වෙනුවෙන් සුරැකුම් ස්ථානයක් හදන එක අලුත් දෙයක් නෙවෙයි. මම නම් ඒ වගේ වීඩියෝ ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ ඕන තරම් දකිනවා.

හැබැයි මේ සුරැකුම් ස්ථානය ඒ සඳහා සේවකයෝ ගන්න විදිහ ඇහුවොත් නම් ඕනම කෙනෙක් පුදුමං වෙනවා.

ඔබ දන්නවද ඔවුන් මෙහි රැකියාවලට ගන්නේ පාරවල් අයිනේ සහ පදික වේදිකාවල රෑට නිදාගන්න අසරණ මිනිස්සුන්ව විතරයි.

පාරේ අතරමං වුණු සත්තු. පාරේ අතරමං වුණු මිනිස්සු.

දෙගොල්ලොම එකතු වෙලා එකම තැනක ජීවත් වෙනවා.

මේක තියෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ ප්‍රාන්තයේ Maricá කියන නගරයේ. මේ තැනට කියන්නේ Abrigo HOPE (අබ්‍රිගෝ හෝප්) කියලා.

මට මේ ගැන මුලින්ම දැනගන්න ලැබුණේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරපු පුවතකින්. 2017 අවුරුද්දේදී Glenn Greenwald සහ David Miranda එකතු වෙලා තමයි මේක පටන් ගත්තේ. Glenn කියන්නේ ඇමරිකානු මාධ්‍යවේදියෙක්, David කියන්නේ බ්‍රසීලියානු දේශපාලනඥයෙක්.

David කියන්නේ පොඩි කාලේ රියෝවල මුඩුක්කු ඇතුළේ ඉතා දුප්පත්ව හැදී වැඩුණු කෙනෙක්. පාරේ ජීවත්වෙන මිනිස්සුන්ගේ අසරණකම ඔහු අත්දැකීමෙන්ම දන්නවා.

Glenn දවසක් රියෝවල පාරවල් අයිනේ ඉන්න අසරණ මිනිස්සු දිහා බලන් හිටියා. ඒ මිනිස්සු තමන්ට කන්න නැතත් ලැබෙන කෑම ටිකෙන් පාරේ ඉන්න බල්ලන්ට කවනවා ඔහු දැක්කා.

තමන්ට ඉන්න හිටින්න තැනක් නැති වුණාට, ඒ මිනිස්සුන්ගේ හිතේ සත්තු වෙනුවෙන් ලොකු ආදරයක් තිබුණා.

ඉතින් Glenn සහ David , ඒ දෙගොල්ලන්වම එකතු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා කල්පනා කරා.

ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. කවුරුවත් සතයකටවත් ගණන් නොගත්ත දුප්පත් අසරණ මිනිස්සු ටිකක් එකතු වෙලා, ඔවුන් වගේම කිසිම පිළිසරණක් නැති සත්තු ටිකක්ව බලාගන්නවා.

ඒ සත්තුන්ට තේරෙනවා තමන්ව මේ බලාගන්නේ තමන් වගේම අසරණ වුණු කෙනෙක් කියලා.

ඒ දෙගොල්ලෝ අතරේ මෙච්චර ලොකු බැඳීමක් ඇති වෙන්න හේතුවත් ඒක වෙන්න ඇති.

මේක සත්තුන්ගේ ජීවිත බේරාගැනීමක්ම විතරක් නෙවෙයි.

මේකේ අනිත් පැත්තකුත් තියෙනවා.

අපි සාමාන්‍යයෙන් හිතන්නේ අසරණ වුණු කෙනෙක්ට සල්ලි ටිකක් නැත්නම් කෑම ටිකක් දුන්නාම ඇති කියලා.

හැබැයි මේ Shelter එකෙන් කරන්නේ වෙනස් දෙයක්. ඒ මිනිස්සුන්ට සාධාරණ පඩියක් ගෙවනවා. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලන්ට බැංකු ගිණුම් හදලා දෙනවා. අවශ්‍ය කරන හැඳුනුම්පත් සහ ලියකියවිලි හදලා දීලා, ඉන්න තැනකුත් දෙනවා.

එතකොට ඒ මිනිස්සුන්ට ආපහු සමාජයේ ගෞරවනීය විදියට ජීවත් වෙන්න පාර හැදෙනවා.

ඇත්තටම මට මේක විශ්වාස කරන්නත් අමාරුයි.

සතුන්ට ආදරේ කරන අයයි, මිනිස්සුන්ට ආදරේ කරන අයයි අතරේ සමහර වෙලාවට ලොකු තරගයක් තියෙනවා.

සමහරු කියන්නේ, "මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව මොකටද බ|ල්|ලෝ බලාගන්නේ?" කියලා.

"මිනිස්සුන්ගේ කිසිම කෘතගුණයක් නැහැ, සත්තු ඊට වඩා හොඳයි" කියලා තවත් සමහරු කියනවා.

ඒත් මේ මිනිස්සු පෙන්නුවේ ඒ දෙකෙන් එකක් විතරක් තෝරගන්න ඕන නැහැ කියලා. අපිට පුළුවන් දෙගොල්ලන්ටම එකපාර උදව් කරන්න.

සමාජ මාධ්‍යවල නම් මේ ගැන ගොඩක් වැරදි තොරතුරු යනවා. සමහර අය වෙනත් සංවිධානයක නම් දාලා, වෙන කොහෙන්ද ගත්ත පින්තූර දාලා මේක ෂෙයාර් කරනවා.

ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් ලස්සනයි.

සතෙක්ගේ ඇස් දෙක දිහා බැලුවාම ඒ අහිංසකයොන්ගේ අසරණකම අපිට පෙනෙනවා. පාරේ ඉන්න මිනිහෙක්ගේ ඇස්වලත් පේන්නේ ඒ අසරණකමම තමයි.

දෙගොල්ලන්ගෙම හදවත ඇතුළේ තියෙන්නේ එකම වේ|ද|නාවක්.

ඒ සුරැකුම් මධ්‍යස්ථානය ඇතුළේ ඉන්න අයයි සත්තුයි එකතු වුණාම දෙගොල්ලන්ටම ලොකු සුවයක් ලැබෙන්නේ ඒ නිසයි. ඒක හරියට එකම තු|වා|ලය තියෙන දෙන්නෙක් එකිනෙකාට බෙහෙත් දාගන්නවා වගේ වැඩක්.

අපි ගොඩක් වෙලාවට හිතන්නේ ලෝකය වෙනස් කරන්න ලොකු ලොකු දේවල් කරන්න ඕනේ කියලා.

හොඳට බැලුවොත්, පොඩි අදහසකින් මුළු ලෝකෙම අවධානය ගන්න පුළුවන් විදියේ වෙනසක් කරන්න පුළුවන්.

29/09/2026

වාහනේ ඉවරයි යකෝ.. එනවා දැකලා නේ.මෙච්චර මෝඩද?...දරුවො දෙන්න දුවනවා ප...

29/09/2026

අමානුශික සත්ව හින්සනයක්
ගිරිඋල්ල හමන්ගල්ල පාරෙ බටපතැල්ල ගොවිජනසේවා කර්‍යාලය පසුකර 1km ප්‍රදාන පාරේ යනවිට දකුනුපස හාඩ්වෙයාර් එක ඉදිරිපස වෙලත් සමග පාරේ 500m පමන යනවිට මෙම සත්තු ටික හිරකරගන සිටිනවා .අසරන අහින්සක සත්තුන්ට දවසකට හෝ දෙකකට වතාවක් මහ රෑට ඇවිත් කලුවරේ කෑම ටිකක් දානවලු ප්‍රදාන පාරට ඇහෙනවලු මේ අසරනයින්ගෙ අදෝනාව සෙල්ලන් ගෙවල්වගේ අට්ටාල 3 අටෝලා එකක දැල් දාලා හිරකරලා ගැරෙන්නවත් බෑ එක පැටියෙක් ප්‍රදාන පාරට ඇවිත් බඩි ගින්නට ජෑම හොයාගන. ඒ පැටියා වාහනයජර බිලි වෙලා දැන් දවස් 3 කලින් ජීවිතයෙන් සමුගෙන
සියලු දෙනාම මේ සත්ව හින්සනයට එකතු වෙන්න
ගිරිඋල්ල අවට අය මේ ගැන බලන්න
0769739702

29/09/2026

ගංවතුරට අහුවුණාම මැරෙන්නේ නැතුව සජීවී බෝට්ටු හදන ගිනි කූඹින්ගේ විශ්මිත සාමූහික රහස!

දරුණු ගංවතුරක් හෝ ස්වභාවික විපතක් සිදුවන විට මිනිසුන් ඇතුළු බොහෝ සතුන් බියෙන් කලබල වී තමන්ගේ ජීවිත බේරා ගැනීමට දඟලන ආකාරය අප දැක තිබෙනවා. නමුත් කෘමි ලෝකයේ වෙසෙන කුඩා ගිනි කූඹින් (Fire Ants) ගංවතුරක් පැමිණි විට ක්‍රියා කරන ආකාරය මුළු මහත් විද්‍යා ලෝකයම මවිතයට පත් කර තිබෙනවා. සොබාදහම උන්ට ලබා දී ඇති අපූරු සහජ බුද්ධිය නිසා උන් කිසිවෙකුත් ගංවතුරේ ගිලී මිය යන්නේ නැහැ.

ගංවතුරක් නිසා උන්ගේ කූඩු ජලයෙන් යටවන විට, මිලියන ගණනක් වන කූඹි රංචුව එකිනෙකාගේ ශරීර සහ පාද තදින් අල්ලා ගනිමින් විශාල පාවෙන බෝලයක් හෝ සජීවී පහුරක් (Living raft) නිර්මාණය කර ගන්නවා. කූඹින්ගේ සිරුරේ ස්වභාවිකවම පවතින ජල විකර්ෂක (Water-repellent) ස්ථරය නිසා මෙම පහුර ජලය මත ඉතාමත් අපූරුවට පාවෙමින් පවතිනවා. මෙහි ඇති විශ්මිතම ක්‍රියාවලිය වන්නේ, උන් නිරන්තරයෙන්ම ව්‍යුහය ඇතුළත කැරකෙමින් (Rotating) යට සිටින කූඹින්ව උඩටත්, උඩ සිටින කූඹින්ව යටටත් මාරු කිරීමයි.

මේ හේතුවෙන් සෑම කූඹියෙකුටම හුස්ම ගැනීමට අවශ්‍ය වාතය (Access to air) සමානව ලැබෙනවා. කූඹි පහුරේ යටම කොටසේ සිටින කූඹින්ගේ සිරුරේ හැඩය නිසා උන්ගේ ඇඟ යට කුඩා වායු බුබුලක් රඳා පවතින බැවින් උන් ජලයේ ගිලෙන්නේ නැහැ. සති ගණනාවක් වුවද මෙලෙස ජලය මත පාවෙමින් සිටීමට උන්ට පුළුවන්. "කිසිවෙකුත් තනි කරන්නේ නැහැ" යන උදාර සහජ ලක්ෂණය ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්වන මෙම කුඩා කූඹින්, සැබවින්ම සොබාදහමේ අසිරිමත් නිර්මාණයකි.

29/09/2026

2021 අවුරුද්දේ ඇමරිකාවේ කෙන්ටකි (Kentucky) ප්‍රාන්තයේ ජීවත් වුණු 'ක්ලෝයි' (Khloe) කියන හුරතල් Jack Russell වර්ගයේ බැල්ලිට පළවෙනි වතාවට පැටවු ලැබෙන්න ආවා. සතුන්ගේ ඡායාරූප ගන්න කැට්ලින් ස්නයිමන් (Caitlin Snyman) කියන ඇගේ හිමිකාරිය, මේ සතුට සමරන්න ක්ලෝයි වෙනුවෙන්ම විශේෂ Maternity Photoshoot එකක් ලෑස්ති කළා. රෝස පාට පසුබිම්, මල් මාලා, රිබන් සහ සුවපහසු බ්ලැන්කට් දාලා කරපු මේ ඡායාරූපවලදී, ක්ලෝයි හරියට නිරූපිකාවක් වගේ ආඩම්බරෙන් තමන්ගේ බඩ පෙන්නමින්, ඇස් දෙක පියාගෙන උඩුබැලි අතට නිදාගෙන පවා හරිම ලස්සනට පෝස් කළා.

මුලින්ම මේක පවුලේ අයටයි යාළුවන්ටයි පෙන්නන්න ගත්තත්, සමාජ මාධ්‍යවල පළවුණාට පස්සේ ක්ලෝයිගේ මේ හුරුබුහුටි පින්තූර දහස් ගණනක් සත්ත්ව ලෝලීන්ගේ හිත් දිනාගනිමින් අන්තර්ජාලය පුරාම හරිම වේගයෙන් වයිරල් වුණා. ඒ වෙලාවේ පැටවු හතරදෙනෙක් ලැබෙන්න හිටපු ක්ලෝයි, පැය ගණනක් තිස්සේ ගෙදරදීම කරපු මේ ෂූට් එකේදී හරිම ලස්සනට සහයෝගය දීලා තිබුණා.

මේ ඡායාරූප පෙළ නිසා ක්ලෝයි හැමෝගෙම ආදරේ දිනාගත්ත සුපිරි තරුවක් බවට පත්වුණා. පස්සේ ඇයට නිරෝගී පැටවු ටිකක් ලැබුණු අතර, තාමත් ක්ලෝයිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඇගේ විස්තර දකින්න පුළුවන්. ඒ වගේම මේ සිදුවීමෙන් පස්සේ තමන්ගේ සුරතල් සතුන් ගැබ්ගත්තාම මේ වගේ Maternity Photoshoots කරන අලුත් රැල්ලක් ලෝකය පුරාම සුරතල් සතුන් ඇතිකරන අය අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් කියන්නේ තමන්ගේ සුරතලා කියන්නේ තමන්ගේම දරුවෙක් වගේ නිසා, ඒ සතුටත් මේ විදිහට ආදරයෙන් සමරන එකේ කිසිම වැරැද්දක් නැහැ කියලයි.

Cupirimayana

Address

Piliyandala

Telephone

+94775828498

Website

Alerts

Be the first to know and let us send you an email when Give Life by LSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category