29/09/2026
🐾 FREE RABIES VACCINATION PROGRAM – WORLD RABIES DAY 2026 💉🐶🐱
In celebration of World Rabies Day 2026, Pet Med Animal Clinic is conducting a FREE Rabies Vaccination Program for dogs and cats. ❤️
📅 Date: 29 September 2026
⏰ Time: 9.30 AM – 1.30 PM & 5.30 PM – 9.30 PM
📍 Venue: Negombo Animal Hospital
ඔබේ ආදරණීයන් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කරගන්න
ජලභීතිකා රෝගය යනු?
මිනිසුන් ඇතුළු සියලුම ක්ෂීරපායී සතුන්ට සෑදෙන වෛරස් රෝගයකි.
මාරාන්තික රෝගයකි. රෝග ලක්ෂණ මතු වූ පසු ප්රතිකාරයක් නොමැත.
සෑම මිනිත්තු 9 කට වරක්ම ලොව කොතනක හෝ කෙනෙකු ජලභීතිකාවෙන් මිය යයි. වැඩි පුරම දරුවන් රෝගයට ගොදුරු වේ.
මාරාන්තික උවත් 100% ක්ම වළක්වා ගත හැකි රෝගයකි.
ඒ නිසාම ජලභීතිකා රෝගයෙන් කිසිවෙකු මිය යාමට ඉඩ දිය යුතු නැත. දැනුවත් වී රෝගය වලක්වා ගමු.
ඔබේ සුරතලුන්ට නිසි කලට එන්නත් ලබා දීම ඔබගේ වගකීමකි.
ජලභීතිකා රෝගය පැතිරෙන ආකාරය:
> ආසාදිත සතෙකු විසින් සපාකෑම.
> කුඩා සිරිමකින් පවා ජලභීතිකා රෝගය සම්ප්රේෂණය විය හැකිය.
> ඉතා සියුම් තුවාලයක් හෝ ශෙෂ්මල පටල ආසාදිත සතෙකු විසින් ලෙව කෑ විටක පවා රෝගය වැළඳිය හැක.
> ශ්රී ලංකාවේ මිනිස් ජලභීතිකා රෝගයේ ප්රධාන මූලාශ්රය බල්ලන් වේ. නමුත් එන්නත් නොකළ ඕනෑම ක්ෂීරපායි සතෙකුට ජලභීතිකා රෝගය වැළඳිය හැකිය.
ජලභීතිකාවෙන් ඔබේ සුරතලා ආරක්ෂා කරගැනීමට ඔබට ගත හැකි පියවර
නිසි කලට එන්නත් කිරීම හොදම ආරාක්ශාකාරී පියවරකි.
සුරතලාගේ ජලභීතිකා එන්නත පිළිබදව පශුවෛද්ය උපදෙස් ලබා ගන්න.
සෑම වසරකම බල්ලන්ට සහ බළලුන්ට එන්නත් කරනය සිදු කරන්න.
බලු පැටවුන් සහ පුස් පැටවුන් පවා එන්නත් කළ යුතුය.
අලුතෙන් පැටවකු හදාගන්නා විට පශු වෛද්ය උපදෙස් මත එන්නත් කර ගන්න.
එන්නත් වාර්තා ආරක්ෂිතව තබා ගන්න.
NEGOMBO ANIMAL HOSPITAL
☎️ 031 223 8355 / 071 687 7568
🌐www.negomboanimalhospital.com
📮No 40/8, Canal Close, Negombo - Mirigama Rd, Negombo 11500