02/09/2025
මේ ගැන ඔබ දැනුම්වත් ද???
බල්ලන්ට තමන්ගෙ අයිතිකාරයාගෙ සුවඳ දැනුණම පුදුම හිතෙන විදිහෙ ලොකු ආදරයක් දැනෙනවාලු. ස්නායු විද්‍යාඥයෙක් වන ග්‍රෙගරි බර්න්ස් විසින් කරපු අලුත්ම fMRI පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා බල්ලන්ට තමන්ගෙ අයිතිකාරයාගෙ සුවඳ දැනුණම එයාලගෙ මොළේ තියෙන caudate nucleus කියන කොටස ඒ කියන්නේ සතුට, තෑගි ලැබෙන එක සහ ආදරය වගේ දේවල් වලට අදාලව ක්‍රියාත්මක වන කොටස කෑම වල සුවඳට වඩා වැඩිපුර ක්‍රියාකාරී වෙනවා කියලා.
මේ පර්යේෂණයේදී, බලු පැටව්න්ව පුහුණු කරලා තිබුණා fMRI ස්කෑනරය ඇතුළේ නිශ්චලව ඉන්න. එයාලට සුවඳවල් පහක් පෙන්නුවා. ඒ තමා එයාලගෙම සුවඳ, එකම ගෙදර ඉන්න තවත් බලු පැටියෙක්ගෙ සුවඳ, නුහුරු බලු පැටියෙක්ගෙ සුවඳ, නුහුරු කෙනෙක්ගෙ සුවඳ, සහ එයාලා එක්ක එකට ඉන්න, ඒත් ඒ වෙලාවේ එතන නැති අයිතිකාරයාගෙ සුවඳ.
හැම සුවඳකටම බල්ලෙක්ගෙම olfactory bulb (සුවඳ හඳුනාගන්න කොටස) එක වගේම ක්‍රියාකාරී වුණත්, caudate nucleus එක සැලකිය යුතු තරම් වැඩිපුර ක්‍රියාකාරී වුණේ අයිතිකාරයාගෙ සුවඳට. මේකෙන් පේන්නේ අයිතිකාරයාගෙ සුවඳත් එක්ක එයාලගෙ මොළේ ධනාත්මක හැඟීමක් ඇති වෙන බවයි.
ග්‍රෙගරි බර්න්ස් පැහැදිලි කරපු විදිහට, මේ caudate nucleus එක ක්‍රියාකාරී වීමෙන් කියවෙන්නේ බලු පැටව්න් තමන්ගෙ අයිතිකාරයාගෙ සුවඳ හඳුනගන්නවා විතරක් නෙවෙයි, ඒ සුවඳට එයාලා ගොඩක් කැමතියි කියන එකයි. මේ ප්‍රතිචාරයෙන් පේනවා අයිතිකාරයා ළඟ නැති වෙලාවටත් බලු පැටව්න්ගෙ මොළේ අයිතිකාරයා ගැන මතකයන් තියාගෙන ඉන්නවා කියලා.
මේ පර්යේෂණයෙන් ස්නායු විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරනවා, බල්ලන් එයාලගෙ අයිතිකාරයන්ව රැකබලා ගන්න අය විතරක් නෙවෙයි, පවුලේ සාමාජිකයන් විදිහටත් දකිනවා කියලා.
Factscape
උපුටා ගැනීමකින්