02/05/2026
Channa maruliodes – Red Variant (Sebangau River) ❤️
Channa maruliodes කියන්නේ South East Asia වල හමුවෙන well-known freshwater predator fish species එකක්. Aquarium hobby එකේ “Maru” කියලා හඳුන්වන මේ species එක, තමන්ගේ size, pattern, සහ behavior නිසා advanced fish keepers අතර popular වෙලා තියෙනවා.
🌊 Natural Distribution & Sebangau River
මෙම species එක Indonesia, Borneo (Kalimantan), Sumatra වගේ areas වල rivers, lakes, සහ peat swamp systems වල හමුවෙනවා. ඒ අතරින් Sebangau River කියන්නේ special habitat එකක්.
Sebangau River එක blackwater peat swamp ecosystem එකක්. මේ water:
• dark brown / tea color (tannin high)
• acidic (low pH)
• low oxygen
මෙවැනි harsh environment වල adapt වෙලා ඉන්න fish species වලට unique coloration develop වෙන tendency එක තියෙනවා. Channa maruliodes එකත් ඒකට හොඳ example එකක්.
මේකෙ colour varient දෙකක් ඉන්නවා
1.Yellow varient
2.Red varient
අපේ කතාවට අදාල වෙන්නේ red varient එක.
🏞 Importance of Locality (Sebangau)
Fish keeping hobby එකේ “locality” කියන concept එක important. Same species එකක් උනත් catch location එක අනුව:
• color වෙනස් වෙනවා
• pattern වෙනස් වෙනවා
• growth traits වෙනස් වෙනවා
Sebangau red maru කියන්නේ wild-origin line එකක් නිසා stable color genetics තියෙනවා. ඒ නිසා collectors අතර ලොකු demand එකක් තියෙනවා.
🔴 Red Variant
Channa maruliodes species එකේ color variation locality එකට අනුව වෙනස් වෙනවා. Sebangau origin red variant එක:
• Deep orange to dark red body tone
• Bold black pattern overlay
• Juvenile stage එකේ pale color, maturity එකට යද්දී intense red develop වෙනවා
මෙම red coloration එක purely genetics + environment combine වෙලා develop වෙන feature එකක්. Blackwater habitat එකේ low light + tannin influence නිසා color saturation naturally වැඩි වෙනවා.
⚠️ Aquarium Considerations
Channa maruliodes beginner කෙනෙක්ට එච්චරම suitable නැහැ මොකද මෙයාලට setup එකේ ඉදන් කෑම හැමදේම ගැන ලොකු සැලකිල්ලක් වගේම ඉවසීමකින් හදන්න ඕන.
• Large tank required (minimum 4–6 ft)
• Strong filtration
• Secure lid (jumping tendency)
• Solo(single fish) keeping recommended
🧬 Behaviour & Adaptations
Channa maruliodes කියන්නේ snakehead family (Channidae) එකට අයත් මාලුවෙක්. මේ family එකේ මාලුන්ට special adaptation එකක් තියෙනවා.
• Air-breathing ability (labyrinth organ)
• Ambush predator hunting style
• Slow movement but explosive attack speed
• Territorial nature (especially adults)
මෙයාල surface එකට වෙලා air gulp කරනවා. ඒක low oxygen water වල survive වෙන්න help වෙනවා. ඒ වගේම තමන්ගේ territory එක protect කරන nature එකක් තියෙනවා.
🍖 Feeding Ecology
Wild environment එකේ:
• small fish
• insects
• crustaceans
Aquarium setup එකේ:
• frozen food (shrimp, fish fillet)
• live feeders (controlled use)
• high-protein diet
Balanced diet එකක් දුන්නොත් growth speed සහ color quality දෙකම improve වෙනවා.
Channa maruliodes red variant from Sebangau River කියන්නේ natural selection + unique habitat combine වෙලා develop වෙච්ච striking predator fish එකක්.මේක exotic වෙන්නේ මේකෙ තියෙන rarity + quality එක මත.
තවත් මේ වගේම post එකකින් හම්බෙමු
හැමදාම වගේ අදත් කියනවා
Hobby එක hobby එකක් විදිහට තියාගන්න
තරගයක් කරගන්න එපා තරගෙට හදන්න අරන් සත්තු දුක්විදින්න දෙන්න එපා🖤.