Vet Lanka Animal Hospital Haliela/Welimada

Directions

Vet Lanka Animal Hospital Haliela/Welimada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vet Lanka Animal Hospital Haliela/Welimada, Veterinarian, Bogahamadiththa, Hali Ela.

අවසන්වරට හාලිඇල විදුලි බල මණ්ඩලය අසල දැක තිබුණි.
11/03/2025

අවසන්වරට හාලිඇල විදුලි බල මණ්ඩලය අසල දැක තිබුණි.

17/11/2024
මෙම දිනවල නැවත පාවෝ රෝගය හිස ඔසවමින් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.
03/02/2024

මෙම දිනවල නැවත පාවෝ රෝගය හිස ඔසවමින් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.

මාරාන්තික පාවෝ රෝගය ගැන ඔබ දැනුවත්ද?

මෙය ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමේ හැකියාව ඇති සුලභ වෛරස් රෝගයකි. වයස සති 6-20 දක්වා, පාවෝ රෝගය සදහා එන්නත් නොකළ සුනඛ පැටවුන්ට මෙම රෝගය සෑදීමේ ප්‍රවනතාවය මෙන්ම ජීවිත අවදානමද ඉහලය.

* බෝවන ආකාරය

ආසාදිත සතෙකුගේ මල පහ හෝ වමනය මගින් වෛරස් අංශු විශාල ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරේ. නීරෝගී සතෙකු මෙම වෛරස් අංශු සමග ඍජුව ස්පර්ශ වීමෙන් රෝගය ආසාදනය වේ.ආසාදිත සතෙකු රෝගය සුව වීමෙන් අනතුරුව වුවද සති1-2 පමණ යනතුරු වෛරස් අංශු මුදාහැරිය හැක.මෙම වෛරසය ඉතා පහසුවෙන් විෂබීජනාශක වලින් විනාශ නොවන අතර තැවරුනු මතුපිටක දිගුකාලීනව නොනැසී පවතී.මේ නිසා පැතිරීමේ අවදානම සාපේක්ෂ ඉහල වේ.

* රෝග ලක්ෂණ

වෛරසය ශරීර ගත වී දින 2-3ක් පමණ ගතවනවිට උණ, අලස බව,
කෑම අරුචිය වැනි ලක්ෂණ පෙන්වයි.පසුව ක්‍රමයෙන් ආහාර මාර්ගයේ තුවාල ඇති වීමෙන් වමනය හා බඩඑලිය යෑම ආරම්භ වේ.බඩ එලිය මුලදී කහ, කොල පාටින් පැවතියද අනතුරුව ඉතා දුර්ගන්ධයකින් යුක්තව දුඹුරු හෝ ලේ පැහැයට හැරේ. ක්‍රමයෙන් විජලනයවීම සහ අනෙකුත් අපහසුතා නිසා අප්‍රාණිකබවක් පෙන්නුම්කලහැක .
මීට අමතරව මෙම වෛරසය රුධිරයේ සුදු රුධිරාණු අගය (WBC count) පහල දැමීමෙන් හා ඇතැම් විට හෘත් පටක අකර්මණ්‍ය කිරීම තුලින් තත්වය ඉතා දරුණු අතට හැරවිය හැක.

* ප්‍රතිකාර

වෛරස් රෝගයක් බැවින් වෛරසය විනාශ කිරීමට නිශ්චිතම බෙහෙත් නොමැත.නමුත් සතාගේ විජලන තත්වය මගහරවා ගනිමින් අවශ්‍ය ඖෂධ රෝගය ආරම්භයේදීම ලබාදීමෙන් 60%-90%ක් පමන සතුන්ගේ ජීවිත බේරා ගත හැක.
නිවසේදී ජීවනී ග්ලූකෝස් (Dextrose 25%) වැනි දියර ඉතාකුඩා ප්‍රමාණ වලින් පැයකට වරක් පමණ ලබා දීම සිදු කල හැක. වෙනත් කිසිදු ආහාරයක් ලබා නොදීමට වගබලාගතයුතුය.

* රෝගය වලක්වා ගන්නා ආකාරය

රෝගය වැලදීමට ප්‍රථමව සති 6න් පමණ ප්‍රතිශක්තිකරණ එන්නතේ පලමු මාත්‍රාව ලබා දිය හැක.අනතුරුව දෙවනි මාත්‍රාවද ලබා දී මාසයක් පමණ ගතවනතුරු රෝගය සෑදීමේ අවදානමක් පවතී. එබැවින් එන්නත්කරණය සම්පූර්ණ වනතුරු රෝගය වැලදීමෙන් ඔබේ සුරතලුන් ආරක්ෂාකරගතයුතුය.

සැ.යු.
ඔබගේ පාවහන්,ඇදුම්,අත්වැසුම් හරහාද වෛරසය නිවසට පැමිණිය හැකි බැවින් අවදානයෙන් පසු වීම වැදගත්ය.

බදුල්ල විහාරගොඩ අවට අතූරුදන් වූ මෙවැනි සුරතලෙකු දුටුවහොත් පහත දුරකතන අංක වලට දැනුම්දෙන්න.
30/11/2023

බදුල්ල විහාරගොඩ අවට අතූරුදන් වූ මෙවැනි සුරතලෙකු දුටුවහොත් පහත දුරකතන අංක වලට දැනුම්දෙන්න.

**මේ දෙන්නගෙම ලොකු බල්ලෙක් හපලා කොන්දෙන් පහළ පන නෑ.. !!!!**දුඹුරු එක්කෙනා ඇද ඇද යනවා..කළු එක්කෙනාට මොකුත්ම කරගන්න බෑ..ඉන...
24/11/2023

**මේ දෙන්නගෙම ලොකු බල්ලෙක් හපලා කොන්දෙන් පහළ පන නෑ.. !!!!**

දුඹුරු එක්කෙනා ඇද ඇද යනවා..කළු එක්කෙනාට මොකුත්ම කරගන්න බෑ..ඉන්නේ බදුල්ල පැත්තේ ගමක..

කව්රු හෝ කෙනෙක් ඉන්නවා නම් මෙයාලව ආදරෙන් බලාගන්න පුළුවන් ලොකු පිනක්..මෙයාලා ලොකු උනාම රෝද හයි කරලා දෙන්න පුළුවන්..බෙහෙත් කරන්නත් උදැව් කරන්න පුළුවන්..දෙන්නාගෙන් 1 කෙනෙක් හරි..

0716013871
Shehan

ඉල්ලීමක් මත පළකරන ලදි

සැ.යු. සංවේදී දර්ශන ඇතුලත්වන සතුන්ට ඇටවූ හක්ක පටස් එකක්, මුඛය තුල පුපුරා‍යාමෙන් අනතුරට ලක්ව දරුණු වේදනාවන් සහිතව අප වෙත ...
17/11/2023

සැ.යු. සංවේදී දර්ශන ඇතුලත්

වන සතුන්ට ඇටවූ හක්ක පටස් එකක්, මුඛය තුල පුපුරා‍යාමෙන් අනතුරට ලක්ව දරුණු වේදනාවන් සහිතව අප වෙත පැමිණි තවත් එක් සුරතලෙකි මේ. නමින් "ඕඩී" නම් වූ මෙම සුනඛ සුරතලා දැනට අප යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.
යටිහනුව කොටස් තුනකට සහ උඩු හනුව කොටස් දෙකකට බිඳී වෙන්ව ඇති අතර පෙනහලු වලට රුධිර වහනය වී ඇත. පැය කිහිපයක සැත්කමකින් අනතුරුව දැනට "ඕඩී" සුව වෙමින් පවතී.
ඔබේ සුරතලාත් වනාශ්‍රිතව ගැවසේනම්, මෙවැනි අනතුරු සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් මදක් විමසිලිමත් වන්න. ඒ අතරම මෙවැනි නොමිනිස් ක්‍රියාවන්ට විරුද්ධව හඬ නැගීමට දෙවරක් නොසිතන්න.

හිමිකරුවන්ගේ නිසි අවධානය නිසා නීරෝගීව මෙලොව එලිය දුටු ජීවිත..ගර්භණී කාලය දින 65ක් ඉක්ම වූවත් පැටවුන් බිහි කිරීමේ කිසිදු ...
26/07/2023

හිමිකරුවන්ගේ නිසි අවධානය නිසා නීරෝගීව මෙලොව එලිය දුටු ජීවිත..

ගර්භණී කාලය දින 65ක් ඉක්ම වූවත් පැටවුන් බිහි කිරීමේ කිසිදු ලක්ෂණයක් නොපෙන්වීම නිසා අප වෙත පැමිණි 'රූබි' ව පරීක්ෂා කිරීමේදී අපහට පෙනී ගියේ ඇයගේත් පැටවුන්ගේත් ජීවිත බේරා ගැනීමට නම් ඉතා ඉක්මනින් ඇයව සිසේරියන් සැත්කමකට භාජනය කල යුතු බවයි.
නිසි කලට සිදු කල මෙම සැත්කම නිසා අද වනවිට අම්මාත් බවු බබාලා සිවු දෙනාමත් යහපත් සුවයෙන් පසුවෙති.

වැදගත් :-
නිරෝගී සුනඛ සුරතලෙකුගේ ගර්භණී කාලය දින 61-65 අතර වන්නේය.නොයෙකුත් හේතු මත මෙම කාලය වෙනස් විය හැක.එවැනි අවස්ථාවන් වලදී අවධානයෙන් සිට නොපමාව පශුවෛද්‍ය උපදෙස් කරා යොමු වීමෙන් අසරණ නූපන් ජීවිත මෙන්ම මවගේ ජීවිතයද බේරා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.එමෙන්ම ඔබේ සුරතලාගේ අභිජනන දින (crossing dates) පිලිබඳව ද ඔබට මනා අවබෝධයක් තිබීම මෙවැනි අවස්ථා වලදී ඉතා ප්‍රයෝජනවත් වේ.
පැටවුන් බිහිකිරීමට ආසන්න වීමේදී මව පෙන්වන ලක්ෂණ :-
1.කෑම අරුචිය
2.සැගවීමට ස්ථානයන් සෙවීම
3.ක්ශීර ග්‍රන්ථි විශාල වීම හා ක්ශීරය පිරීම
4.හුස්ම ගන්නා වේගය වැඩි වීම
5.නොසන්සුන් ගතිය
6.මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයන් හෝ අවර්ණ දියරයන් පිටවීම (මෙය ප්‍රසූතියට ඉතා ආසන්න වීමේ ලක්ෂණයකි)

හාලි ඇල,බදුල්ල,බණ්ඩාරවෙල, වැලිමඩ ප්‍රදේශ වලද මේ වනවිට මෙම මාරාන්තික ශ්වසන රෝගයට ගොදුරු වන සුරතලුන් සංඛ්‍යාවේ වැඩි වීමක් ...
21/06/2023

හාලි ඇල,බදුල්ල,බණ්ඩාරවෙල, වැලිමඩ ප්‍රදේශ වලද මේ වනවිට මෙම මාරාන්තික ශ්වසන රෝගයට ගොදුරු වන සුරතලුන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබේ.

කුඩා පැටවුන්(මාස 8ට අඩු) රෝගී වීමේ ප්‍රවණතාව ඉහලය.එම නිසා ඔබගේ නිවසේ සිටින සුරතලුන් මේ දිනවලදී නැහැවීම සිදු නොකරන්න.සීතලින් ප්‍රවේශම් කරන්න.සීතල ආහාර පාන ලබා දීමෙන් වලකින්න.ඔබේ ආදරණීයයන් හැකි තරම් ආරක්ෂා කරගන්න.

Address

Bogahamadiththa
Hali Ela
90060

Opening Hours

Monday 09:00 - 12:00
15:30 - 20:00
Tuesday 09:00 - 12:00
15:30 - 20:00
Wednesday 09:00 - 12:00
15:30 - 20:00
Thursday 09:00 - 12:00
15:30 - 20:00
Friday 09:00 - 12:00
15:30 - 20:00
Saturday 09:00 - 12:00
15:30 - 20:00
Sunday 09:00 - 12:00
15:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Vet Lanka Animal Hospital Haliela/Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category