24/07/2026
ඔබ දැන සිටියාද? - බල්ලන්ටත් මානසික ආතතිය (Stress) ඇතිවෙයි.
මිනිසුන් වගේම බල්ලන්ටත් Stress සහ Anxiety ඇතිවිය හැකිය. දිගු කාලයක් Stress එකෙන් සිටීම ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයටත් බලපෑම් කළ හැකිය.
⚠️ Stress ඇති බව පෙන්වන ලක්ෂණ
• සැඟවී සිටීම හෝ තනිව සිටීමට උත්සාහ කිරීම.
• ආහාර ගැනීම අඩු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
• අධික ලෙස බුරීම හෝ කෑගැසීම.
• ගෘහ භාණ්ඩ, සපත්තු හෝ වෙනත් දේවල් හැපීම.
• නොසන්සුන්ව ඇවිදීම (Pacing).
• අධික ලෙස හුස්ම ගැනීම (උණුසුමක් නොතිබුණත්).
• වලිගය ඇතුළට දමාගෙන සිටීම හෝ වෙව්ලීම.
❗ Stress ඇතිවීමට ප්‍රධාන හේතු
1) අයිතිකරුගෙන් දිගු වේලාවක් වෙන්ව සිටීම (Separation Anxiety).
2) නිතරම අලුත් පරිසරයකට හෝ නව නිවසකට මාරු වීම.
3) අධික ශබ්ද (ගිනිකෙළි, අකුණු, ඉහළ ශබ්ද සහිත සංගීතය).
4) ව්‍යායාම සහ ක්‍රීඩා ප්‍රමාණවත් නොවීම.
5) පවුලේ අලුත් සාමාජිකයෙකු හෝ නව සුරතලෙකු පැමිණීම.
6) වේදනාවක්, රෝගයක් හෝ වෙනත් සෞඛ්‍ය ගැටලුවක්.
ඔබට කළ හැකි දේ... 👇👇👇
• දිනපතා ව්‍යායාම සහ ක්‍රීඩා සඳහා කාලය වෙන් කරන්න.
• ආරක්ෂිත, නිස්කලංක විවේක ස්ථානයක් සලසා දෙන්න.
• නිතර ආදරයෙන් කතා කරමින් ඔවුන් සමඟ කාලය ගත කරන්න.
• එකම දෛනික පුරුද්ද (Routine) පවත්වා ගන්න.
• Stress ලක්ෂණ දිගටම පවතින්නේ නම් පශු වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න.
සතුටින් සහ මානසිකව සන්සුන් බල්ලෙක්, සෞඛ්‍ය සම්පන්න බල්ලෙකුගේ ලකුණකි.