21/04/2026
ෆයිටර් මසුන් අභිජනනය ලිපි අංක 04
මෙහිදී අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ පැටවුන් බිත්තර තුලින් පිටතට පැමිණීමේ සිට වර්ධනය දක්වා කාලය තුළ වැදගත් වන කරුණු කාරනා කිහිපයයි.
ඇත්තටම මෙය තමා මෙම මසුන් අභිජනනයේදී වඩාත්ම අභියෝගාත්මක කොටස,වෙන්නේ මොකද බොහෝ වෙලාවට බිත්තර වලින් බිහිවන පැටවුන් මිය යාම නිරන්තරයෙන්ම මෙම කාලය තුළ සිදුවෙනවා..ගොඩක් දෙනෙක්ට මෙම මසුන් අභිජනනය පවා එපා වෙන්න මේ හේතුව බලපාලා තියනවා ගොඩක් වෙලාවට.
ඇත්තටම ඇයි මේ කුඩා පැටවුන් මිය යාම සිදුවන්නේ
ඒත් එක්කම
කුඩා පැටවුන්ට ආහර දෙන්න පටන් ගන්න ඕන පැටවුන් නිදහසේ පිහිණීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි. මොකද එතකල් එයාලට කෑම අවශ්‍යය වෙන්නෙ නෑ.
පිරිමි සතාව පැටව් නිදහසේ පිහිණන්න පටන් අරන් දවසක් වගේ වෙනකොට අයින් කරන එක හොදයි .මොකද නැත්තම් පිරිමි සතා විසින් කුඩා පැටව් ආහාරයට අර ගන්න පුළුවන්.හැබැයි මෙතනදි ටිකක් කල්පනා කාරී වෙන්න ඕන මොකද පිරිමි සතා අයින් කරනවත් එක්ක මදුරු කීටයන් හැදෙන්න තියන ඉඩ වැඩි වෙන එක නිසා.
ඊළගට කුඩා පැටවුන් මියයන්න බලපාන ලොකුම සාධකය වෙන්නේ වතුරේ ගුණාත්මක බව පහළ යාමයි.මොකද අපි ලබා දෙන ආහාර.අපද්‍රව්ය වැනි දේවල් නිසා වතුරේ තියන ඇමෝනියා ප්‍රමාණය ඉහළ යාම නිසා තමයි කුඩා පැටවුන් වැඩියෙන්ම මිය යන්නේ .මේ තත්ත්වය අවම කර ගන්න අපට මේ දේවල් කරන්න පුළුවන්
1) අහාර ලබා දීමේදී සජීවී ආහාර ලබා දීම(මොයිනා,පැරමීසියම්,ආටිමියා)අහාර ලබා දීමේ සම්පූර්ණ ලිපියක් ඉදිරියේදී ලබා දෙන්නම්
2) මුල් සහිත ජලජ ශාක කිහිපයක් පැටවුන් සහිත ජල භාජනයට එක් කිරීමෙන් ජලයේ පවතින නයිට්‍රජන් ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබෙන අතර එය ඇමෝනියා ඇතිවීම අවම කරයි.
3) කොට්ටම්බා කොළ ජල භාජනයට එක් කිරීමෙන් කුඩා පැටවුන්ට හිතකර ජල තත්ත්වයක් ඇතිවෙ.
4) දින 3 ට වරක් කුඩා බටයක් ආධාරයෙන් භාජනයේ පතුළේ එකතු වෙලා පවතින අප්ද්‍රව්‍ය සයිෆන් කිරීම හා නව ජලය(Stock water) එක් කිරීමෙන් ජලයේ ගුණාත්මක බව ඉහළ නංව ගත හැකිය.
පැටවුන් මිය යාමට විවිධ හේතු බලපෑ හැකි අතර වැඩිම හේතුව මේ ආකාරයෙන් ජලයේ ගුණාත්මක බව පහත වැටීමයි.එම කාරණය ඉහත උපක්‍රම භාවිතයෙන් අවම කර ගත හැකි අතර වැඩි පැටවුන් ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනිමට හැකියාව ලැබේ.