Aquatish fish farm - Matara

Aquatish fish farm - Matara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aquatish fish farm - Matara, Pet service, Matara, Deiyandara.

ඔබට අවශ්‍ය සියලුම
🐠 විසිතුරු මසුන් ....
☘️ ජලජ පැලෑටි .....
😍 මත්ස්‍ය ආහාර
🩺 බෙහෙත් වර්ග .....
👨‍🔬 විශේෂඥ දැනුම සහ මග පෙන්වීම ....

එකම තැනකින් ✋❤️
Meet Your Aquaculturist 🐠👨‍⚕️

10/08/2026

Follow us
Aquatish fish farm - Matara
මාලු පිස්සුව 🐠🐟

ගප්පි පැටව් මැරෙන්නේ නැතුව ලොකු කරගන්නේ කොහොමද? 🐠​ගප්පි පැටව් බේරගන්න අමාරුයි කියන අයට මෙන්න එකම Image එකෙන් විසඳුම් 4ක්...
10/08/2026

ගප්පි පැටව් මැරෙන්නේ නැතුව ලොකු කරගන්නේ කොහොමද? 🐠

​ගප්පි පැටව් බේරගන්න අමාරුයි කියන අයට මෙන්න එකම Image එකෙන් විසඳුම් 4ක්!

​✅ පැටවුන්ව වෙන් කිරීම
✅ ජලජ පැලෑටි යොදා සැඟවුම් ස්ථාන සෑදීම
✅ ප්‍රෝටීන් අධික කුඩා කෑම වර්ග දීම
✅ දින 2-3කට වරක් 20%ක් වතුර මාරු කිරීම

​තවත් මෙවැනි Tips දැනගන්න Aquatish fish farm - Matara Page එක Follow කරලා තියාගන්න! 🔥

මේ වැරදි වලින් ඔයා අතින් වෙන්නේ මොනවාද? පහළින් Comment කරන්න. 👇​👉 විසිතුරු මාළු සහ Aquascaping ගැන තවත් තොරතුරු දැනගන්න ...
09/08/2026

මේ වැරදි වලින් ඔයා අතින් වෙන්නේ මොනවාද? පහළින් Comment කරන්න. 👇
​👉 විසිතුරු මාළු සහ Aquascaping ගැන තවත් තොරතුරු දැනගන්න අපේ පේජ් එක Like කරන්න

Aquatish fish farm - Matara 😍❤️
09/08/2026

Aquatish fish farm - Matara 😍❤️

26/07/2026

😍😌

03/07/2026

Guess ??

30/06/2026

❤️✋

17/06/2026
11/06/2026

❤️

මොලි මසුන් (Molly Fish) කියන්නේ ඉතා පහසුවෙන් ජලයට හැඩගැස්විය හැකි විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ඉතා ජනප්‍රිය මත්ස්‍ය වර්ගය...
07/06/2026

මොලි මසුන් (Molly Fish) කියන්නේ ඉතා පහසුවෙන් ජලයට හැඩගැස්විය හැකි විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ඉතා ජනප්‍රිය මත්ස්‍ය වර්ගයක්. මොවුන් සාමාන්‍යයෙන් දැඩි ජීවී කොටසක් වුණත්, ජලයේ තත්ත්වය වෙනස් වීම සහ නිසි නඩත්තුවක් නොමැති වීම නිසා ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්.

​මොලි මසුන්ට බහුලව වැලඳෙන ප්‍රධාන රෝග 05 ක් සහ ඒවා හඳුනාගෙන ප්‍රතිකාර කරන ආකාරය පහත කෙටියෙන් පැහැදිලි කර ඇත ✋

​1. Ich / White Spot Disease

​මොලි මසුන් අතර බහුලවම දකින්න ලැබෙන පරපෝෂිත රෝගයක් තමයි White Spot Disease කියන්නේ. ජලයේ උෂ්ණත්වය එකවරම පහත වැටුණු (Sudden drop) විට හෝ මසුන් දැඩි ආතතියකට (Stress) පත් වූ විට මෙම රෝගය ඉක්මනින් වැලඳෙනවා.
ඒ කියන්නෙ දුර්වල පරිසර අවස්තාවල මේ රෝගය වැලඳීමට තියන ඉඩකඩ වැඩියි.

• ​රෝග ලක්ෂණ: මත්ස්‍යයාගේ ශරීරය සහ වරල් මත කුඩා සුදු පාට ලප ඇති වීම.මසුන් ටැංකියේ ඇති ගල් හෝ උපකරණවල ශරීරය ඇතිල්ලීමට උත්සාහ කිරීම සහ වේගවත් ක්ෂණික පිහිනුම් රටා පෙන්වීම (මේකට කියන්නෙ flashing movement කියල)

• ​ප්‍රතිකාර: ටැංකියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28–30 දක්වා ටිකක් වැඩි කිරීම. (මේකට Aquarium Heater එකක් පාවිච්චි කරන්න පුලුවන් .)
Aquarium Salt treatment , වඩාත් රෝග උත්සන්න අවස්තාවකදී Tripple Solution හෝ රෝගය සඳහාම ඇති ඖෂධ (Anti-Ich) භාවිත කරන්න පුලුවන්.

​2. Velvet Disease

​මෙයත් පරපෝෂිතයෙකු (Oodinium) මඟින් බෝවන රෝගයක් වේ.

• ​රෝග ලක්ෂණ: මසුන්ගේ ඇඟ මත රන්වන් හෝ කහ පැහැති කුඩු වැනි ස්ථරයක් දැකගත හැකි වීම. මසුන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ වරල් හකුළුවාගෙන ඉන්නව පේන්න පුලුවන්

• ​ප්‍රතිකාර: මෙම පරපෝෂිතයා ආලෝකය උපයෝගී කරගෙන වර්ධනය වන නිසා ටැංකිය දින කිහිපයකට සම්පූර්ණයෙන්ම අඳුරු කර තැබීම (Blackout) කළ යුතුයි. Copper Sulphate හෝ වෙල්වට් රෝගයට අදාළ විශේෂිත ප්‍රතිකාර භාවිත කිරීම සුදුසුයි.

​3. Fin and Tail Rot

​මෙය බහුලවම බැක්ටීරියා ආසාදනයක් නිසා සිදුවන අතර, සමහර අවස්ථාවල දිලීර (Fungal) ආසාදනයක් ද විය හැකියි. ටැංකියේ ජලය අපිරිසිදු වීම සහ ඇමෝනියා (Ammonia) මට්ටම ඉහළ යෑම මීට ප්‍රධාන හේතුවයි.

• ​රෝග ලක්ෂණ: වරල් සහ වල්ගයේ කෙළවරවල් දියවී යාම, ඉරී යාම හෝ සුදු/කළු පැහැ වීම.

• ​ප්‍රතිකාර: ප්‍රථමයෙන්ම ටැංකියේ ජලයෙන් 30%-50% ක් පමණ මාරු කර ජලයේ තත්ත්වය යහපත් කරගත යුතුයි. බැක්ටීරියා නාශක ඖෂධයක් (Antibiotic / Anti-bacterial medication) සහ මත්ස්‍ය ලුණු නියමිත මාත්‍රාවට එකතු කිරීම සිදු කර යුතුයි.

​4. Columnaris

​මෙය Flavobacterium columnaris නම් බැක්ටීරියාව නිසා වැලඳෙන රෝගයකි. අධික ලෙස මසුන් ටැංකියේ පිරී සිටීම (Overcrowding) , නිවැරදි නොවන ආහාර රටා සහ ඔක්සිජන් මට්ටම අඩු වීම නිසා මෙය ඇතිවේ.

• ​රෝග ලක්ෂණ: කට වටා, ඇස් අසල හෝ කොරපොතු මත පුළුන් වැනි සුදු හෝ අළු පැහැති ලප ඇතිවීම.

• ​ප්‍රතිකාර: රෝගී මසුන් වෙන් කර (Quarantine tank), උෂ්ණත්වය තරමක් අඩු මට්ටමක පවත්වා ගනිමින් (ඉහළ උෂ්ණත්වයේදී මෙම බැක්ටීරියාව වේගයෙන් වර්ධනය වේ) Antibiotic (උදා: Erythromycin) ප්‍රතිකාර ලබා දීම.

​5.Bloating and Constipation

​මොලි මසුන් කියන්නේ ශාක භක්ෂක (Herbivorous) නැඹුරුවක් වැඩි මසුන් වර්ගයක්. ඔවුන්ට දිගින් දිගටම අධික ප්‍රෝටීන් සහිත කෘතිම ආහාර (High-protein flakes) පමණක් ලබා දීමෙන් මෙම තත්ත්වය ඇතිවේ.

• ​රෝග ලක්ෂණ: මත්ස්‍යයාගේ බඩ අසාමාන්‍ය ලෙස පිම්බී තිබීම, පිහිනීමට අපහසු වීම (යටට යාමට නොහැකිව මතුපිට පාවීම) සහ දිගු වේලාවක් මළපහ ශරීරයෙන් ඉවත් නොවී එල්ලෙමින් තිබීම (පණු රෝග වලටද මෙම රෝග ලක්ෂණයම පවතී)

• ​ප්‍රතිකාර: දින 1-2 ක් ආහාර දීම නතර කිරීම (Fasting).හොඳම දේ තමයි තන්තු බහුල ආහාරයක් එකතු කරන එක ඒකෙන් මාලුවගෙ ආහාර මාර්ගය නැවත යතා තත්වයට පත් කරගන්න පුලුවන්.ප්‍රමාණවත් පරිදි Salt treatment එකක් කිරීම මගින් මෙම තත්වය තවදුරටත් මග හරවා ගන්න පුලුවන්. මේ රෝගයේදි අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන මාලුවගෙ ආහාර රටාව පිලිබඳවයි .

Aquatish ❤️
මාලු පිස්සුව 🐠🐟

Address

Matara
Deiyandara
81320

Alerts

Be the first to know and let us send you an email when Aquatish fish farm - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aquatish fish farm - Matara:

Shortcuts

Share

Category