Animal husbandry

Animal husbandry .

01/01/2026

ගොවිපල සතුන්ගේ පෝශන අවශ්‍යතාවය අනුව ආහාර සලාක සකස් කිරීම ගැන ඉගෙන ගන්න කැමති හෝ උනන්දුවක් දක්වන අය ඉන්නවද?

20/12/2025

සුළි කුණාටුවෙන් හානි වූ සත්ව ගොවිපල සඳහා වන්දි ලබාදෙන ප්‍රමාණය.
ප.ලි. මෙච්චර කාලෙකට ස්වාභාවික ආපදාවලින් හානි උන සත්ව පාලන ගොවීන්ට කිසිම සහනයක් ලැබුනෙ නෑ.
හානිය සම්පූර්ණයෙන්ම ප්‍රතිපූර්ණය නොවුනත් කොටසක් හරි ගොවියට ලැබෙන එක ලොකු දෙයක්

12/12/2025
31/10/2025

Calf Puller භාවිතා කිරීම..

30/10/2025

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරඟ විභාගය - 2025202...
29/10/2025

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරඟ විභාගය - 2025
2025/2027 අධ්‍යයන වර්ෂය සඳහා පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 05/06)
ඔබත් අදම අයදුම් කරන්න

ගෝල්ඩ් ෆිෂ්  අභිජනනය goldfish breedingCyprinidae සිප්‍රිනිඩේ කුලයට අයත් මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා බිත්තර මගින් සිය වර්...
28/10/2025

ගෝල්ඩ් ෆිෂ් අභිජනනය goldfish breeding

Cyprinidae සිප්‍රිනිඩේ කුලයට අයත් මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා බිත්තර මගින් සිය වර්ගයා බෝකරනු ලබයි.
ලොව පුරා මෙම විශේෂයේ ඉතාමත් අලංකාර මත්ස්‍ය ප්‍රභේද රැසක් මේ වන විට විසිරී ඇත. ඉතාම පහසුවෙන් අභිජනනය කිරීමට හැකිය
මඩ පොකුණු තුළට යොමු කිරීමේ ප්‍රමාණය දක්වා වර්ධනය කිරීම තරමක් අපහසු කාර්යයකි. නමුත් මඩ පොකුණුවලට යොමු කිරීමෙන් පසු ඉතාම වේගයෙන් වර්ධනය වේ.

මෙම මසුන් වසර මුලුල්ලේම අභිජනනය සඳහා යෙදවිය හැකිය.නමුත් සැප්තැම්බර් - අප්‍රේල් දක්වා කාලයේදී අභිජනනය කිරීම වඩාත් යෝග්‍ය වේ.
අභිජනනය සඳහා තෝරගන්නා පරිනත සතුන් ගැහැනු හා පිරිමි සතුන් වෙන් කර ඇති කිරීම සිදු කල යුතුය එම වෙන්කර තබන කාලය තුල එම සතුන්ට ප්‍රෝටීන වැඩි ආහාර ලබාදිය යුතුය.
පරිනත සතුන් හඳුනා ගැනීම
පිරිමි සතුන්
පරිසර උශ්නත්වය වැඩි කාලවලදී පරිනත පිරිමි සතුන්ගේ කරමල් වැසී ඇති පිධානය මතුපිට කුඩා සුදු පැහැති බිබිලි වැනි දෑ හට ගනී

ගැහැණු සතුන්
ශරීරය හොඳින් වැඩී ,පිරී ඇතිනම් එම සතුන් පරිනත වී ඇත.

ගෝල්ඩ් ෆිෂ් මසුන් විශාල බිත්තර ප්‍රමානයක් දමන් බැවින් ඒ සඳහා තරමක් විශාල ඉඩකඩ ඇති ටැංකියක් තෝරාගත යුතුය.
මසුන් බිත්තර දැමීම ජලජ පැලෑටි මත සිදුකරන බැවින් අභිජනන ටැංකිය තුලට කුඩා පත්‍ර ඇති ජලජ පැලෑටි දැමිය යුතුය.
Goldfish මසුන්ගේ බිත්තර දැමීමේ සීස්‍රතාවය උශ්නත්වය වෙනස්වීම මත වෙනස් වේ.
මේ සඳහා ප්‍රශස්ත උශ්නත්වය ෆැරන්හයිට් 80 වේ .
මසුන් අභිජනනය කිරීමට සතියකටපෙර සිට මෙම උශ්නත්වය කෘත්‍රිමව හෝ ලබා දීම සිදු කල යුතුය.
මසුන් අභිජනනය සිදු කර බිත්තර දැමීමෙන් පසුව අභිජනන මසුන් ඉවත් කිරීම සිදු කල යුතුය.

මව් සතුන් ඉවත් කිරීමෙන් පසුව බිත්තර ඇති ටැංකියට මෙතිලීන් බ්ලූ ද්‍රවනය එක් කිරීම කල යුතුය.
ටැංකියේ ඇති බිත්තර පෙනෙන නොපෙනෙන මට්ටමට මතිලීන් බ්ලූ එකතු කිරීම කල යුතුය.
මෙතිලීන් බ්ලූ එකතු කිරීම මඟින් සංසේවනය නොවූ බිතතර හඳුනා ගැනීම කල හැක.
මෙතිලීන් බ්ලූ එක්කර දිනක් ගතවූ පසු සංසේවනය නොවූ බිත්තර සුදු පැහැ ගැන්වේ.එවිට එම සංසේවනය නොවූ බිත්තර ඉවත් කිරීම කල හැක.
සංසේවනය නොවූ බිත්තර මත දිලීර වර්දනය වේ.මෙසේ එම බිත්තර ඉවත් කිරීම මගින සංසේචිත බිත්තර ආරක්ෂා කරගත හැක.
සංසේචිත බිත්තර දින 4කින් පිපිරීම සිදුවේ.

මෙමඟින් කුඩා මසුන් fry පිටතට පැමිනීම සිදුවේ.

දින 4ක් ගතවන විට පැටවුන් පිහිනීම ආරම්භ කරයි.

පැටවුන්ට ආහාර සැපයීම

බිත්තර වලින් බිහිවන පැටවුන්ට පිහිනිය නොහැකි නිසා එම සතුන්ට ආහාර සැපයීම ඉතා වැදගත් වේ.එසේ නොමැති උවහොත් පැටවුන්ගෙන් විශාල ප්‍රමානයක් මිය යයි.
පැටවුන්ට වඩාත් සුදුසු ආහාරය වන්නේ කිකිලි බිත්තර කහමදයයි.
බිත්තර විනාඩි 10ක් පමණ හොදින් තම්බා කහ මදය හොදින් පොඩිකර පිරිසිදු රෙදිකඩකට් දමා ජල්‍යට මිරිකීමෙන් ඉතා සියුම් බිත්තර අංශු පැටවුන්ට ආහාර ලෙස ලබා දිය හැක.
බිත්තර වලින් බිහිවී දින 10ක් දක්වා මෙලෙස ආහාර ලබාදීම කල යුතුය.
දින 10කටපසු පැටවුන්ට brine shrimp ලබා දීම කල හැක.

පැටවුන්ට පැය 2කට වරක් ආහාර ලබා දීම යෝග්‍ය වේ.
රාත්‍රියේ ආහාර ලබා දීමේදී ආලෝකය සැපයීම අත්‍යාවශ්‍ය වේ.

24/10/2025

ගවයින්ගෙන් රැධිර සාම්පල ලබා ගැනීමට සුදුසුම ස්ථානය වලිගය බව ඔබ දන්නවාද?

22/10/2025

දිනක් වයස කුකුල් පැටවුන්ට එන්නත් දෙන ආකාරය දැකල තියෙනවද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Animal husbandry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share