සුරතල් බල්ලන් ඇති කිරීමේ සංගමය

  • Home
  • Sri Lanka
  • Colombo
  • සුරතල් බල්ලන් ඇති කිරීමේ සංගමය

සුරතල් බල්ලන් ඇති කිරීමේ සංගමය සුරතල් සුනඛයන් ඇති කරන, හදවතින්ම ආදරේ කරන ඔබටයි මේ පිටුව.
(209)

මාව දාලා නොඑන්නම ගිය මගේ ස්වාමියා ආයෙත් එනකල් මම මේ පාළු ඉඩමේ මඟ බලාගෙන ඉන්නවා...මාව බලාගන්න කවුරුත් නැද්ද?මම දන්නේ නැහැ...
05/04/2026

මාව දාලා නොඑන්නම ගිය මගේ ස්වාමියා ආයෙත් එනකල් මම මේ පාළු ඉඩමේ මඟ බලාගෙන ඉන්නවා...
මාව බලාගන්න කවුරුත් නැද්ද?
මම දන්නේ නැහැ මගේ ස්වාමියා මාව දාලා කොහේ ගියාද කියලා. හැමදාම මාව ආදරෙන් අතගාපු ඒ දෑත් දැන් මට නැහැ. මම දැන් ඉන්නේ මේ පාළු ඉඩමේ තනියම. හරිම බයයි... රෑට වැස්සට තෙමෙද්දී මට ගොඩක් සීතලයි. මම පාර දිහා බලාගෙන ඉන්නේ කවදා හරි මගේ ස්වාමියා මාව හොයාගෙන එයි කියලා. ඒත් කවුරුත් එන්නේ නැහැ.
අද මට කවුරුහරි පින්වතෙක් කන්න බත් ටිකක් ගෙනත් දුන්නා. ඒත් මගේ බඩ පිරුණට හිතේ තියෙන පාලුව මැකෙන්නේ නැහැ. මට ඕනේ ආයෙත් මගේ ඔළුව අතගාන්න, මට "බය වෙන්න එපා" කියලා කියන්න පුළුවන් ආදරණීය කෙනෙක් විතරයි. මේ පාළු ඉඩමේ තනියම ඉන්න මට හරිම බයයි. මට ආයෙත් පරණ වගේ නිදහසේ ඉන්න පොඩි ඉඩක් ඔබේ නිවසේ නැද්ද?
මම හරිම කීකරුයි. මම ඔබෙන් ඉල්ලන්නේ කන්න බත් ටිකකුයි, මට ඉන්න පුළුවන් පුංචි තැනකුයි විතරයි. මාව මේ පාළු ඉඩමෙන් බේරගන්න කවුරුහරි එනවා නම්, මාව ඔබ ඉන්න තැනකටම ගෙනත් දෙන්න මගේ මේ යාළුවෝ සූදානම්. මගේ පණ යනකල් මම ඔබට ආදරේ කරනවා. අනේ... මාව මේ තනියෙන් මැරෙන්න ඉඩ දෙන්න එපා.
ඔබට මාව බලාගන්න පුළුවන් නම් දැන්ම කතා කරන්න:
📞077 561 0065

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සුරතල් බල්ලන් ඇති කිරීමේ සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category