11/09/2025
☝
නව 'සුනඛ හෘද පරපෝෂිත පණුවන්' විශේෂයක් ශ්රී ලංකාවෙන් සොයාගැනේ.
Dirofilaria asiatica sp. nov.
Onchocercidae (superfamily Filarioidea) කුලයට අයත් වන පරපෝෂිත නෙමටෝඩාවන් වසර මිලියන ගණනක් තිස්සේ පෘෂ්ඨවංශී ධාරකයන් (vertebrate hosts) සමඟ පරිණාමය වී ඇත. එම විශේෂ හඳුනාගැනීම සඳහා රූප විද්යාත්මක ක්රමවේදයන් (morphological methods) ප්රධාන කාර්යභාරයක් ඉටු කර ඇතත්, බොහෝ තක්සෝන තවමත් ගෝපක (cryptic) වන අතර, ඒවා වෙන්කර හඳුනා ගැනීම අභියෝගාත්මක ය. මේ නිසා රෝග විනිශ්චය සහ ඒවායේ වසංගත විද්යාව (epidemiology) අවබෝධ කර ගැනීම සංකීර්ණ කරයි. සායනිකව වැදගත්වන Dirofilaria සහ Onchocerca ගණයන් අතරින්, Dirofilaria, සුනඛ හෘද පරපෝෂිත රෝගය (heartworm disease in canines) සහ මිනිසුන් තුළ දුර්ලභ සත්ත්ව සම්ප්රේෂණ ආසාදන (zoonotic infections in humans) සඳහා හේතු වේ. සුනඛ හෘද පරපෝෂිත පණුවා (Dirofilaria immitis) පිළිබඳ දැනුමෙහි දියුණුවක් තිබුණද, අනෙකුත් Dirofilaria විශේෂ සහ ජාන වර්ග (genotypes), මෙන්ම සතුන්ගේ සහ මිනිසුන්ගේ සෞඛ්යයට ඒවායේ බලපෑම පිළිබඳ සැලකිය යුතු හිඩැස් තවමත් පවතියි. මෙම අධ්යයනයේදී, ශ්රී ලංකාවේ ගෘහස්ථ සුනඛයකුගෙන් සොයාගත් නව Dirofilaria විශේෂයක් වන Dirofilaria asiatica sp. nov. හි පළමු රූප විද්යාත්මක සහ අණුක ලක්ෂණ හඳුනා ගැනීම සිදු කර ඇත. හොංකොං හි, මිනිසෙකු තුළන් මීට පෙර හඳුනාගත් නව Dirofilaria විශේෂයට ජානමය වශයෙන් අනුකූල මෙම නව විශේෂය, රූප විද්යාත්මක හා අණුක ප්රවේශයන් ඒකාබද්ධ කර විස්තර කර ඇත. මෙම සොයාගැනීම්වලින් හෙළි වූයේ D. asiatica sp. nov. අනෙකුත් විශේෂ වන D. repens සහ D. immitis ඇතුළු දන්නා විශේෂයන්ගෙන් සැලකිය යුතු ලෙස වෙනස් වන අතර, දකුණු හා අග්නිදිග ආසියාවේ බහුතරයක් සත්ත්ව සම්ප්රේෂණ Dirofilaria ආසාදන සඳහා වගකිව යුත්තා විය හැකි බවයි. තවද, සුනඛ සහ මිනිස් ධාරකයන් තුළ ගෝපක Dirofilaria විශේෂ (cryptic Dirofilaria spp.) හඳුනා ගැනීම, විශේෂිත හඳුනාගැනීම සඳහා අණුක මෙවලම්වල (molecular tools) වැදගත්කම අවධාරණය කර ඇත. විශේෂයෙන්ම රූප විද්යාත්මක තොරතුරු ප්රමාණවත් නොවන විට මෙම අධ්යයනය D. asiatica sp. nov. හි වර්ගීකරණය සහ සත්ව සම්ප්රේෂණ විභවය (zoonotic potential) පිළිබඳව මෙන්ම Onchocercidae කුලය හා සම්බන්ධ විශේෂයන් සමඟ එහි සම්බන්ධතාවය පිළිබඳව ද අවබෝධයක් ලැබී ඇත. මෙම ඒකාබද්ධ රූප විද්යාත්මක හා අණුක ප්රවේශය, සත්ත්ව වෛද්ය (veterinary) සහ වෛද්ය විද්යාත්මක සන්දර්භයන් තුළ රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම සහ ඒවායේ වසංගත විද්යාව අවබෝධ කර ගැනීම සඳහා Filarioidea නෙමටෝඩාවන් පිළිබඳ අනාගත පරීක්ෂණ සඳහා රාමුවක් සපයයි.
✒ Research team: Vito Colella, Neil D. Young, Ralph Manzanell, Ushani Atapattu, Sunita B. Sumanam,
Lucas G. Huggins, Anson V. Koehler, Robin B. Gasser
🔗 DOI: https://doi.org/10.1016/j.ijpara.2025.04.006
📰 Issue: International Journal for Parasitology 55 (2025) 461–474
📅 Published: 8 April 2025
♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම