23/05/2026
වනසරාගෙ හපන්කම් 🥴. පෙරේද හවස අල්ලන් ආපු මී හාදයා තමයි මේ. 😴 ගුටිකාලා, තුවාල වෙලා ඉද්දි පණ බේරගන්න ඕනෙ නිසා මනුස්සයෙක්ගෙන් උදව් ඉල්ලන්න සිද්ධ උනා පොරට. ❤️ තුවාල වලට බෙහෙත් දාලා, Antibiotics දුන්නට පස්සෙ ටිකෙන් ටික සනීප උනා.☘️ ඊයෙ උදේ වෙද්දි සෞඛ්‍ය තත්වය සෑහෙන දුරට හොඳ තත්වයට හැරුනා පොරගේ. ඉතින් රැ වෙලා ආපහු යවන්න තමා හිතාගෙන හිටියෙ.😴
කොහොමහරි තුවාල හොඳ වෙද්දි පොරට මාව විශ්වාස නැති උනා.😂 වනසරාව විශ්වාස නැති උනා වෙන්නත් පුළුවන්. "අනේ උඹ නිදහස් කරන්න ඕනේ නෑ " කියන්න වගේ පොරම නිදහස හොයාගෙන ඊයෙ දවල් ඉඳලා උමගක් හදන ගමන් ඉඳලා තියෙන්නෙ 😅. (කාඩ්බෝඩ් box එකක හිටියෙ) නිදහස් කරන්න කියල රෑ වෙලා යද්දි තමා ඩෑල් එකත් පැනලා යන්න ලෑස්ති වෙලා තියෙන්නෙ.☘️
කොහොමහරි ආපහු අල්ලගෙන, ආරක්ශිත තැනකට ගිහින් දැම්මා හාදයාව. 🥴 නිල්පාටට ඉන්න නිසා මී වර්ගයේ නායක පට්ටමක් හම්බෙන්නත් පුළුවන් ඩෑල් එකට. 🐭 මොනා නැතත් පූසෙක්ට අහුවෙලා බේරිලා ගියපු විදිය ගැන ගැම්මෙන් යාලුවන්ට කියනවත් ඇති 😂. ඩෑල් එකගෙ අවසාන ඡායාරූපෙ තමා මේ.
(ඒ කරම්දරෙත් ඉවරායි...😝)