Dog lovers. lk

Dog lovers. lk ��� You welcome ���

බව් පැටියෙක් හදන්න ආසාවෙන් ඉන්නවනම් | ✨️කියවන්න මේ පෝස්ට් එක පලකරන්නෙ වසර ගණනක අපේ අත්දැකීම් පදනම් කරගෙන *අපිට රට යන්න ව...
04/03/2020

බව් පැටියෙක් හදන්න ආසාවෙන්

ඉන්නවනම් | ✨️

කියවන්න

මේ පෝස්ට් එක පලකරන්නෙ වසර ගණනක අපේ අත්දැකීම් පදනම් කරගෙන

*අපිට රට යන්න වෙලා තියෙනව, ගෙදර දැනට බව්වො දෙන්නෙක් ඉන්නව බලාගන්න කෙනෙක් හොයල දෙන්න පුලුවන්ද ?

*අපේ බබා ඉපදුනාට පස්සෙ Husband ගෙ අම්මල කැමති නෑ බව්ව ඉන්නවට, එයාව තැනකට දෙන්න බැයිද ?

*අපේ බව්ව සැර වෙලා ගෙදරට එන අයටත් හපනව, අම්මගෙත් හැපුව ලගදි, දැන් ගෙදර අය මෙයාව ගෙනියන්න කියනව, අපිට බාර දෙන්න තැනක් නැද්ද ?

*අපේ ජර්මන් ශෙපඩ් කෙනාගෙ තුවාල ඇවිත්, 15,000කට වඩා වියදම් කරා බෙහෙත් වලට ඒත් සනීපයක් නෑ, තවනම් වියදම් කරන්න අමාරැයි, අපිව මෙයාලව බලාගන්න තැනකට දෙන්න විදිහක් නැද්ද ?

*අපේ බව්ව උඩ පඩිපෙලේ ඉදල පැනල කොන්ද damage වෙලා, ඩොක්ටර් කීව ආයෙ කකුල් හතරෙන් ඇවිදින්න බෑ සදාකාලිකව ආබාධිතයි කියල, මමත් උදේ වැඩට ගියාම හවස් වෙලා එන්නෙ, මටත් අමාරැයි බලාගන්න, අපිට මෙයාව භාර දෙන්න තැනක් හොයල දෙන්න පුලුවන්ද ?

ඔය වගේ ගැටලු දිනපතා රටේ විවිධ ප්‍රදේශ වලින් අහන්න ලැබෙනව

*අපිට ඕනතරම් හම්බෙලා සනීප කරල තියෙනව ලස්සනකාලෙ ගෙදර සුරතලා වෙලා ලෙඩ උනාම මහපාර උරැම උන සතුන්ව

ලමයෙක්ව පාරට දාන්න පුලුවන් රටේ සතෙක් කියන්නෙ නිකම්ම දෙයක් විතරයි ගොඩක් මිනිස්සුන්ට

හැබැයි, සතෙක් පොඩි කාලෙ ඉදන් ඉන්න පරිසරය ලැබෙන ආදරය එක පාරට වෙනස් උනාම ඒක ඒ සතාට මානසිකව ලොකු කඩාවැටීමක් වෙනව, කාට හරි දීල අත පිහදාගත්තට ඒ සතා ඉතිරි ජීවිතකාලයම විදවනව

ඒ නිසා සතෙක්ව හදන්න ආසාව විතරක් තිබිල බෑ

අනාගතය ගැන, වියදම් ගැන, ඉඩකඩ, සතාගෙ සුවපහසුව, අහල පහල මිනිස්සුන්ගෙ ප්‍රතිචාර මේ හැමදෙයක්ම හිතන්න ඕනෙ

වියදම් ගැන කියනවනම් නිවැරදි පෝෂනය වෙනුවෙන් වගේම ලෙඩක් උනාම ලොකු මුදලක් වැය වෙනව තත්වයෙන් උසස් යැයි සම්මත සතුන් වෙනුවෙන් වගේම අපේ රටට ආවේණික බව්වන්ටත්

විශේෂයෙන් ගෑණු ළමයි විතරක් ඉන්න ගෙවල් වල හිතන්න ඕන දෙයක් තමයි ඔයාලට විවාහ වෙලා ඒ හැම දෙයක්ම අත් ඇරල යන්න කාලයක් එනව කියන එක

සතුන් කියන්නෙ සෙල්ලම් බඩු නෙවෙයි

තවත් ජීවිතයක් ගැන අපේ ජීවිතේ ගැන වගේම හිතන්න කියපු දහමක් මූලික උන රටක සතෙක් වෙනුවෙන් තියෙන නීතීන් සහ පහසුකම් ඉතාමත් දුර්වලයි

දියුණුරටවල නිවසක සතෙක්ව ඇතිකරනවනම් ඒ වෙනුවෙන් වගකීම් සහගත නීති පද්ධතීන්, සහ ආචාර දර්ම රාශියක් තියෙනව

ඒ නිසා අපේ ආසාව හීන හැබෑකරගන්න තව ජීවිතයක් අමාරැවෙ දාන්නෙ නැතුව | හැම පැත්තක් ගැනම හිතන්න

හදන්නම් වාලෙ සතුන් හදනවට වඩා හරි විදිහට හදන්න පුලුවන්නම් විතරක්

සෙවණක් දෙන්න |

uputa ganimaki

කෝ බලන්න German shepherdලට ආස අය.... 🐾🐾🐾🖤🖤🖤❤️❤️❤️❤️
04/02/2020

කෝ බලන්න German shepherdලට ආස අය.... 🐾🐾🐾🖤🖤🖤❤️❤️❤️❤️

ඉතා සාමකාමී උවත් විටෙක ප්‍රචන්ඩ විය හැක Great Daneමෙවර අප ලෝකයේ සිටින උසින් වැඩිම සුනඛ වර්ගය වන Great Dane ගැන කතා කරමු....
29/01/2020

ඉතා සාමකාමී උවත් විටෙක ප්‍රචන්ඩ විය හැක Great Dane

මෙවර අප ලෝකයේ සිටින උසින් වැඩිම සුනඛ වර්ගය වන Great Dane ගැන කතා කරමු. මොවුන් ඉතා විශාල සහ ශක්‌තිමත් සතුන් වර්ගයක්‌ වන අතර මොවුන්ගේ සිරුර මඳක්‌ සමචතුරස්‍රාකාර හැඩයක්‌ පෙන්වයි.

ජර්මනිය මවුබිම කරගත් මෙම සතුන් එවකට German mastiff යන නමින් ද හඳුන්වා ඇත. වසර සිය ගණනක ඉතිහාසයකින් යුක්‌ත මොවුන් අතීතයේදී දඩයම් සඳහා යොදා ගත් දක්‍ෂ සුනඛ වර්ගයකි.

ඉතාමත්ම හොඳින් වැඩුණු අස්‌ථි පද්ධතියකින් හා මාංශපේශීවලින් හෙබි මොවුන්ගේ පිරිමි සතකුගේ බර 54 – 91 Kg පමණ වන අතර ගැහැනු සතකු 45 – 59 Kg පමණ බරකින් යුක්‌ත වේ. උස සැලකූ විට පිරිමි සතකු 76 – 86 cm අතරද, ගැහැනු සතකු 71 – 81 cm අතර ද වේ. ඒ අනුව මෙම සුනඛ වර්ගයේ ගැහැනු සතකුගේ වර්ධනය සාපේක්‍ෂව අඩු බවක්‌ පෙන්වයි.

ඉතා කෙටි, කහ ඝනව වැඩුණු රෝම වලින් පිරුණු හමක්‌ දරන මොවුන් වර්ණ කිහිපයකට උරුමකම් දක්‌වයි.

උදා : Fawn
* Brindle
* Black
* Harlequin

විශේෂයෙන් මෙම වර්ණයේදී රෝම සුදු පැහැයක්‌ ගන්නා අතර කළු පැහැය අක්‍රමවත් හැඩයකින් සිරුරේ විහිදී පවතී. බෙල්ල ප්‍රදේශය අනිවාර්යයෙන් ම සුදු පැහැයෙන් පමණක්‌ සමන්විත විය යුතුය.

* Blue

මෙම සතුන් විශාල දේහයකින් සහ ජව සම්පන්න බවකින් යුක්‌ත වුවද, මිනිසුන් සමඟÊඉතා මිත්‍රශීලීව වාසය කරයි. එමෙන්ම අනෙක්‌ සතුන් සමඟග ද හිතවත්ව ජීවත් වීමේ හැකියාවක්‌ ඇත. බොහෝ අවස්‌ථාවලදී ඉතා සාමකාමී ගති පැවතුම් ඇති මොවුන් සමහර අවස්‌ථාවලදී ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරීමට ඉඩ ඇත. මොවුන්ගේ විශාල දේහය නිසා එවැනි අවස්‌ථා අනතුරුදායක විය හැක. ඉතා හොඳ ආරක්‍ෂක හැකියාවක්‌ පරම්පරාවෙන් උරුම කර ගන්නා මොවුන් පවුලේ ඕනෑම සාමාජිකයෙක්‌ සමඟ ඉතා හොඳින් ඇසුරු කරමින් ඔවුනට ආරක්‍ෂාව සපයයි.

මොවුන්ගේ දෛනික ව්‍යායාම සැලකූ විට අනෙක්‌ සුනඛ වර්ගවලට මෙන්ම මොවුන්ට ද ව්‍යායාම අවශ්‍ය වේ. නමුත් වර්ධනය වන වයසේ පසුවන මෙම වර්ගයේ සුරතලුන්ට ව්‍යායාම කිරීමේ කාලය ඉතා කෙටි විය යුතුය. එයට හේතුව විශාල අස්‌ථි පද්ධති දැරීම සහ කුඩා අවධියේදී ගාත්‍රා ආශ්‍රිත සන්ධි (joints) එකිනෙකට මඳක්‌ ඈතින් පිහිටීම නිසා ඇතිවන්නා වූ සුළු අනතුරකින් වුවද අස්‌ථි බිඳී යැම සහ විසන්ධි වීම (Dislocation) විය හැකි බැවිනි.

මෙම සුනඛ වර්ගයේ ආවේණික රෝගවලට වඩා ආවේණික නොවන රෝග බහුලව පවතී. ප්‍රධාන වශයෙන් ම මොවුන් සිටින පරිසරය සහ නිදාගන්නා පෘෂ්ඨයේ නිසා ඇති රළු ස්‌වභාවය සිරුරේ ගාත්‍රාවල සන්ධි ආශ්‍රිත ප්‍රදේශ රළු සහ ඉදිමුණු ස්‌වභාවයක්‌ ගනී. (Pressure Points)

මොවුන්ගේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉතා කෙමෙන් සිදු වන අතර, මොවුන්ට දෛනිකව වැය වන ශක්‌ති ප්‍රමාණය අඩුය. එම නිසා මොවුන්ට ආහාර සැපයීමේදී, කුඩා ප්‍රමාණවල් කිහිප වාරයක්‌ සැපයීම ඉතා යෝග්‍ය වේ. මක්‌නිසාද යත් මොවුන්ගේ ආමාශය ඉතා විශාල වීම නිසා ඔබ එක්‌වර වැඩි ආහාර ප්‍රමාණයක්‌ ලබා දුන හොත් ආමාශය ආශ්‍රිත බර වැඩිවීමෙන් ඇතිවන්නා වූ තත්ත්වයක්‌ වන Gastricdiala tation and volvulusි නිසා ඔබගේ සුරතලා ක්‍ෂණිකව මිය යැමට වුවද පුළුවන. එමෙන්ම මීට අමතරව මොවුන්ට වැළඳෙන්නා වූ සමේ රෝග, බාහිර පරපෝෂිතයන් නිසා ඇතිවන්නා වූ රෝග උදා Tick Fever පිළිබඳව මනා පශු වෛද්‍ය උපදෙස්‌ ලබා ගන්නේ නම් ඔබගේ සුරතලාගේ උපරිම ආයු කාලය වන වසර 8 – 9 ක්‌ ඉතා සතුටින් කාලය ගෙවීමට හැකිය.

29/01/2020

AGGRESSIVE DOGS – හපන~බල්ලෝ

හපන~බල්ලෝ

මිනිසාගේ හොඳම යහළුවන් ලෙස විරුදාවලිය ලද සුනඛයින් බොහෝ පිරිසකගේ ආදරය හිමිවන සතුන් කොටසක්.

බොහෝ නිවෙස්වල විවිධ වර්ගවල සුනඛයින් ඇතිකරනු දක්නට පුළුවන්.

ඇතැමුන් සුරතලයට ඇතිකරන නමුත් ආරක්ෂාව උදෙසා ද සුනඛයින් ඇති දැඩි කරන පිරිස් දුලබ වන්නේ නැහැ.
සුනඛයින් කෙරෙහි අප කෙතරම් ආදරය කළත් සුනඛ සපාකෑම් ද නිරන්තරයෙන් වාර්තාවනවා.

ජලභීතිකාව වැනි රෝග පැතිරීමේ අවධානම මෙන්ම සුනඛ සපාකෑම් නිසා බරපතල තත්ත්වයේ තුවාල සිදුවන අවස්ථා ද දකින්නට ලැබෙනවා.
සුනඛ සපාකෑමකින් සිදුවිය හැකි තුවාලයක බරපතලබව තීරණය වන්නට බොහෝ කරුණු බලපානවා.

විශේෂයෙන්ම සපා කා ඇත්තේ කුමන සුනඛ වර්ගය ද යන්න මෙම කරුණු අතර ප්‍රධාන යි.
එයට හේතුව වන්නේ විවිධ සුනඛ වර්ග අතරවන “සැපුම් බලය” (Bite Force) එකිනෙකට වෙනස් අගයන් ගැනීම යි.

වැඩිම සැපුම් බලය සහිත සුනඛයා නිශ්චිත වශයෙන් නම් කිරීම අසීරු කටයුත්තක් බව යි පැවසෙන්නේ.
කෙසේ වෙතත් වැඩිම සැපුම් බලයක් හිමි සුනඛ වර්ග 5ක් පිළිබඳව අපට මෙසේ කරුණු දැක්වීමට පුළුවන්.

පිට් බුල්

“පිට් බුල්” යනු ලොව පුරාම ජනප්‍රිය සුනඛ වර්ගයක්.

ඇතැම්විට මොවුන් භයංකාර මෙන්ම රෞද්‍ර පෙනුමක් සහිත වීම එයට හේතුවන්නට පුලුවන්.

අතීතයේ බලුපොර තරග සඳහා ද පිට් බුල් වර්ගයේ සුනඛයින් භාවිත කර තිබෙනවා.

එමෙන්ම බොහෝ ඈත කාලයේ දී විවිධ සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ද මෙම වර්ගයේ සුනඛයින් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.

වර්තමානයේ දී නම් පිට් බුල් වර්ගය එවැනි කටයුතුවලට එතරම් භාවිත වන්නේ නැති වුවත් ඔවුන් සතුව ඇති සහජ ආක්‍රමණශීලී ගුණාංග හේතුවෙන් කුඩා දරුවන් සහ මහළු පුද්ගලයින් නිරන්තරයෙන් පිට් බුල් ප්‍රහාරයන්ට ලක්වන බව යි පැවසෙන්නේ.

එමෙන්ම ඇතැම් පිට් බුල් සතුන් තමන්ගේම ස්වාමියා සපා කෑ අවස්ථා ද බොහෝ සුලබ බව වාර්තා වනවා.

විශේෂයෙන් මෙම සුනඛයින් කෝපයට පත් වූ අවස්ථාවල දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව සුනඛ විශේෂඥයින් පවසනවා.

ශක්තිමත් හණුවලට හිමිකම් කියන පිට් බුල්ගේ සැපුම් බලය රාත්තල් 235ක් පමණවන බව සඳහන් වනවා.

ජර්මන් ශෙපර්ඩ්

“ජර්මන් ශෙපර්ඩ්” සහජයෙන්ම මනා කාය ශක්තියෙන් මෙන්ම මනා බුද්ධිමත් භාවයෙන් ද යුතු සුනඛ වර්ගයක්.

එමෙන්ම ඔවුන්ගේ ඉව කිරීමේ හැකියාව ද දිවීමේ වේගය ද ඉතා ඉහළයි.

මේ නිසාම අතීතයේ ජර්මන් ශෙපර්ඩ් සතුන් බොහෝ විට ගොවිපල සතුන් බලාගැනීමේ සුනඛයින් ලෙස යොදාගෙන තිබෙනවා.

වර්තමානයේ දී මොවුන් පොලිස් නිල සුනඛයින් ලෙස සෑම රටකම පාහේ භාවිත කෙරෙනවා.

රාත්තල් 238ක් පමණවන සැපුම් බලයක් ජර්මන් ශෙපර්ඩ් සුනඛයින් සතු වනවා.

රොට්වයිලර්

“මස් මරන්නා” ලෙස ද හැඳින්වෙන “රොට්වයිලර්” සතුන් කෙතරම් භයානක ද යන්න එම අන්වර්ථ නාමයෙන්ම ඔබට පැහැදිලි වනු නියතයි.

එමෙන්ම සවිශක්තිමත් සුනඛ වර්ගයක්වන මොවුන් අතීතයේ කුඩා ප්‍රමාණයේ කරත්ත ඇදගෙන යාම සඳහා ද භාවිත කොට තිබෙනවා.

වර්තමානයේ දී රොට්වයිලර් සතුන් භාවිත වන්නේ පොලිස් නිල සුනඛයින් ලෙස සහ ආපදාවන්ට ලක්වූවන් බේරාගැනීමේ සුනඛයින් ලෙස යි.

හොඳින් පුහුණු නොකළ රොට්වයිලර් සුනඛයෙකු ඉතා භයානක සතෙකුවන බව යි සුනඛ විශේෂඥයින් සඳහන් කරන්නේ.

වසරකට ලොව පුරා වාර්තාවන විශාල ගණනක් වූ රොට්වයිලර් සපා කෑම් ප්‍රමාණය ඊට සාක්ෂි දරනවා.

පවුලේ සුරතලෙකු ලෙස රොට්වයිලර් වර්ගයේ සුනඛයෙකු ඇතිදැඩි කරනවා නම් එම සත්ත්වයා පිළිබඳ නිරන්තර විශේෂ අවධානයෙන් සිටීම අනිවාර්යය දෙයක් බව සුරතල් සතුන් පිළිබඳ විශේෂඥයින් අවධාරණය කරනවා.

උපතේදීම රො‍ට්වයිලර් පැටවුන්ගේ වල්ගය කපා දැමීම සිරිතක් ලෙස සිදු කරනවා.

මෙම සුනඛයෙකුගේ සැපුම් බලය රාත්තල් 328ක් පමණ වූ අගයක් ගන්නවා.

ඩෝබමන්

සුනඛ වර්ග කිහිපයක මුසුවක් ලෙස “ඩෝබමන්” හැඳින්වෙනවා.

මෙම වර්ගයේ සුනඛ පැටවුන්ගේ ද උපතේදීම වලිගය සහ කන් කපා දැමීම සිරිතක්.

වැඩුණු ඩෝබමන් වර්ගයේ සුනඛයෙකුගේ සපාකෑමක් ඉතා දරුණුවන බවයි වාර්තා වන්නේ.

අනෙකුත් වර්ගවලට වඩා ඩෝබමන් සුනඛයින් මිනිසුන් සපා කෑමට විශේෂ නැඹුරුවක් බවතින බව යි විශේෂඥයින් පවසන්නේ.

ඩෝබමන් සපා කෑමට ලක්ව බරපතල තුවාල ලැබූවන් සිය ගණනක් වසරකට වාර්තාවන බව පැවසෙනවා.

පෙර සඳහන් කළ වර්ගය මෙන්ම ඩෝබමන් සතෙකු ඇතිදැඩි කරන්නන් සහ සුරතල් සතෙකු ලෙස ඩෝබමන් සතෙකු ඇති කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නන් මෙම සුනඛයින් පිළිබඳ නිරන්තර විශේෂ අවධානය යොමු කළ යුතු වනවා.

රාත්තල් 600ක් තරම් ඉහල සැපුම් බලයක් ඩෝබමන් සතුයි.

මස්ටිෆ්

ශක්තිමත්ම හණු සහිත සුනඛ වර්ගය ලෙස “මස්ටිෆ්” සතුන් බොහෝ සුනඛ විශේෂඥයින් විසින් හඳුන්වා දී තිබෙනවා.

මෙම වර්ගය ප්‍රමාණයෙන් ද විශාල යි.

ආදරණීය හදවතක් ඇති සුනඛ වර්ගයක් ලෙස මස්ටිෆ් සතුන් හැඳින්වෙන නමුත් විටෙක මුරණ්ඩු ගති ලක්ෂණ ද මොවුන් පෙන්වනවා.

එම මුරණ්ඩු ගති ලක්ෂණය නිසාම නිකරුනේ ප්‍රශ්ණ ඇතිකරගන්නා සුනඛ වර්ගයක් බවටයි මස්ටිෆ් සතුන් වර්ග කරන්නේ.

තම ස්වාමියා සමග සාමකාමීව සිටින මස්ටිෆ් සුනඛයින් සෑම විටම තම ස්වාමියා ආරක්ෂා කිරීමට බැඳී සිටනවා.

එම නිසාම නිවසට එන අමුත්තන් මොවුන්ගේ සපා කෑමට ලක්වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ශක්තිමත්ම හණු සහිත බවට විරුදාවලිය ලබන මොවුන්ගේ සැපුම් බලය රාත්තල් 552ක් පමණ අගයක් ගන්නවා.

ලොව ජනප්‍රිය සුනඛයින් අතර පෙරමුණට German shepherd අප තවත් ජනප්‍රිය සුනඛ වර්ගයක්‌ වන ජර්මන් ෂෙෆර්ඩ් (German shepherd) ගැන...
29/01/2020

ලොව ජනප්‍රිය සුනඛයින් අතර පෙරමුණට German shepherd

අප තවත් ජනප්‍රිය සුනඛ වර්ගයක්‌ වන ජර්මන් ෂෙෆර්ඩ් (German shepherd) ගැන කතා කරමු. මොවුන් ලොව ජනප්‍රියතම සුනඛ කාණ්‌ඩයන් අතර ඉහළ ස්‌ථානයක්‌ ගනු ලබේ. මොවුන්ගේ සම්භවය සිදු වන්නේ 1800 දී පමණ ජර්මනියේදීය. මොවුන් විවිධ නම් වලින් ලොව පුරා හඳුන්වනු ලබයි.

උදා-: Alsatian
Alsatian wolf Dog
Deutscher
Schaferhund
Berger Allemand

ඊට අමතරව “GSD” නමැති කෙටි නාමයද යොදාගනු ලබයි.

අතීතයේදී මොවුන් බැටළුවන් වැනි සතුන් රංචු කිරීම සඳහා යොදාගත් අතර වර්තමානයේ මොවුන් ආරක්‍ෂක කටයුතු (Search and rescue) අන්ධයන් සඳහා මගපෙන්වීම (Guiding the blind) සහ චිත්‍රපටවල සුරතලුන් (Film stars) ලෙසද යොදාගනු ලබයි. මොවුන සතුව පවතින ශක්‌තිමත් බව, බුද්ධිමත් බව, කීකරු බව සහ මනා පුහුණු කිරීමේ හැකියාව නිසා ඉහත කටයුතු ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකියාව ඇත.

මොවුන්ගේ දේහ ලක්‍ෂණ සැලකූ විට හොඳින් වැඩුණු පිරිමි සතකු 30-40 Kg පමණ වන අතර ගැහැනු සතකු 22-32 Kg පමණ වේ. පිරිමි සතකුගේ උස 60-65 Cm පමණ වන අතර ගැහැනු සතකු 50-60 Cm පමණ වේ.

මොවුන්ගේ හොම්බ දිගින් වැඩි අතර, එය හිසෙහි දිගින් අඩක්‌ පමණ වේ. නාසය කළු පැහැයෙන් යුක්‌ත වන අතර ශක්‌තිමත් හනු යුගලයකින් යුක්‌ත වන අතර දුඹුරු පැහැති මධ්‍ය ප්‍රමාණයේ ඇස්‌ පිහිටයි. කන්වල හැඩය විශේෂිත වන අතර ඒවා තරමක්‌ විශාලව. සහ සෘජුව පවතින අතර ඉදිරියට විවෘතව එකිනෙකට සමාන්තරව පිහිටන අතර දිවීමේදී එය හැරවිමකට ලක්‌ කරයි.

ගෙල ප්‍රදේශය තරමක්‌ දිගු වන අතර ශක්‌තිමත් අස්‌ථි සහ මාංශපේශි පද්ධතියකට උරුමකම් දක්‌වයි. දේහය දිගින් වැඩිවන අතර සෘජු ශක්‌තිමත් ඉදිරිපාද යුගලක්‌ සහ සෘජු බවින් තොර පිටුපස පාද යුගලක්‌ පිහිටයි. එම නිසා මොවුන්ගේ ගෙල ප්‍රදේශයේ සිට වලිග ප්‍රදේශය දක්‌වා වූ පිටකොන්ද ප්‍රදේශය ආනතියකින් යුක්‌තය.

මොවුන්ගේ සිරුරෙහි රෝම පිහිටීම සැලකූ විට කෙටි සහ දිගු රෝග ඝනකම් ස්‌ථරයක්‌ ලෙස සිරුර පුරා පැතිර පවතින අතර කළු සහ මහෝගනී වර්ණය (Black and tan) නිශ්චිත රටාවකට පැතිර පවතින සුනඛයින් ජනප්‍රිය බවින් වැඩිය. මොවුන්ගේ වලිගය ඝනකම් දිගු රෝමවලින් පිරි පවතින අතර එය පහළට නැමී පැවතීමද විශේෂත්වයකි.

මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමේදී බහුලව වැළඳෙන රෝග ලෙස

Hip dysplasia
Elbow dysplasia දැක්‌විය හැකි අතර පසුකාලීනව මෙම තත්ත්වය Arthritis දක්‌වා වර්ධනය විය හැක. විශේෂයෙන් මෙම තත්ත්වය එකම පවුලේ සුනඛයන් අන්තර් අභිජනනයෙන් (Inbreeding& නිසා සිදුවන්නක්‌ ලෙස සැලකේ. මීට අමතරව,

Exocrne pancreatic insufficiency

EPI Degenerative myelopathy වැනි තත්ත්වයක්‌ද දැකිය හැක.

මොවුන්ට සාමාන්‍යයෙන් බහුලව වැළදෙන රෝග ලෙස සම ආශ්‍රිත රෝග Skin Rashes දැක්‌විය හැක. ඒ සඳහා විවිධ හේතු බලපායි.

දැනටමත් ඔබ German shepherd වර්ගයෙහි සුනඛයෙකුගේ අයිතිකරුවකු නම් ලෝම වැඩිපුර ගැලවීමේ ගැටලුවක්‌ ඔබටද පැවතිය හැකිය. සාමාන්‍යයෙන් ඕනෑම වර්ගයෙහි සුනඛයෙකුගේ වර්ධන සමයෙහි ඇතැම් කාලවල රෝම ගැලවී අලුතින් වැඩීම සිදුවන අතර මෙම වර්ගයෙහි සුනඛයින්ගේ රෝමවල ස්‌වභාවය නිසා එය අපට වැඩිපුර නිරීක්‍ෂණය වෙයි. මෙම තත්ත්වය රෝගී තත්ත්වයක්‌ නොවන අතර මනාව පීරීම මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකිවේ. ඊට අමතරව සුනඛයා සතුව පැවතිය හැකි පෝෂණ ඌණතා නිසාද රෝම ගැලවී යැම වැඩිවිය හැකි අතර ඒ සඳහා විටමින් සහ කැල්සියම් වැනි බාහිරින් සැපයිය හැකි වෙනත් පෝෂක මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකිය.

තවද මෙම වර්ගයෙහි සුනඛයන්ගේ රෝම පිහිටන ස්‌වභාවය අනුව කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයන් බෝ වීමේ වැඩි අවධානමක්‌ පවතින අතර ඔවුන් මගින් ඇති විය හැකි කිනිතුලු උණ (Tick Fever ) නමැති රෝගී තත්ත්වයද බහුලය. ඊට අමතරව මොවුන්ගේ කන්වල හැඩය සහ පිහිටීම අනුව නෑවීම ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතුය. නැතහොත් කන් ආශ්‍රිත ආසාදන Ear infection) ඇතිවීමේ අවදානමක්‌ පවතී.

මොවුන්ගේ ආයු කාලය වසර 9-13 පමණ වන අතර තම සුරතලා මනාව රැකබලා ගැනීමෙන් ඔබගේ ආදරණීය සුරතලාගේ සේවය ඔබට බොහෝ කාලයක්‌ ලබාගත හැකි වේ

කොමොන්ඩෝර්~Komondor dogලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් කෙනෙක් වන කොමොන්ඩොර් බ්‍රීඩ් එක ගැනයි මේ ත්‍රේඩ් එකෙන් මම කතා කරන්නේ.කොමොන්...
29/01/2020

කොමොන්ඩෝර්~Komondor dog

ලෝකේ හොදම ගාර්ඩ් ඩෝග් කෙනෙක් වන කොමොන්ඩොර් බ්‍රීඩ් එක ගැනයි මේ ත්‍රේඩ් එකෙන් මම කතා කරන්නේ.
කොමොන්ඩෝර් කියන බ්‍රීඩ් එක හැමෝටම හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් නෙවෙයි.
මෙයාලව හදන්න නම් ලොකු වත්තක් තියෙන්න ඕන.
ඒ වගේම නඩත්තු කරන්න හොදට සල්ලි වියදම් කරන්න ලෑස්ති වෙන්නත් ඕන.
ජිවිතේ පලවෙනි පාරට හදනවානම් මේ අයව අනුමත කරන්න බෑ මොකද කිව්වොත් මෙයාලව ට්‍රේන් කරන්න නම් හොද දැනුමක් තියෙන්න ඕන බල්ලෝ හදලා.
කොමොන්ඩොර් බල්ලෙක්ගෙන් විශ්වාසය , ගරු කිරිම කියන දේ අපිට ලබාගන්න ගොඩක් අමාරුයි.
ඒත් එකපාරක් ඒ විශ්වාසය , ගරු කිරිම ලබාගත්තාම ඒක මුලු ජිවිත කාලේටම අපිට ලැබෙනවා.
මෙයාලා පොඩි ලමයි එක්ක කාලය ගත කරන්න ආසයි.
පොඩි ලමයි ලගට වෙලා වාඩි වෙලා ඉන්න , නිදාගෙන ඉන්න මේ අය ආසයි.
සමහර රටවල් වල පොඩි ලමයිනේ ආරක්ශාව වෙනුවෙන්ම මේ අයව හදන්න ගන්නවා.
කොමොන්ඩොර් කියන්නේ ලෝකේ අඩුවෙන්ම ඉන්න බල්ලෝ බ්‍රීඩ් වලින් එක බ්‍රීඩ් එකක්.
ඒ නිසා මෙයාලව හොයාගන්න එක නම් ලේසියෙන් කරන්න බැරි වැඩක්.
කොමොන්ඩොර් කියන අයව හදන්න ඕන සීතල කාලගුණයකදි.

මෙයාලගේ ඉතිහාසය ගත්තොත් ඒක හරිම අපැහැදිලි ඉතිහාසයක්.
කොමොන්ඩොර් කියන්නේ හන්ගේරියාවේ බ්‍රීඩ් එකක්.
මේ අය පැවත එන්නේ සවුත් රශියන් ඔව්චර්කා කියන බල්ලන්ගෙන් කියලයි විශ්වාස කරන්නේ ගොඩක් දෙනා.

සවුත් රශියන් ඔව්චර්කා
South Russian Ovcharka

කොමොන්ඩොර් බල්ලන්ව යොදාගත්තේ සත්ව පාලන කටයුතු වලටයි.
ගොවිපලවල ඉන්න සත්තුන්ව වගේම ගොවීන්වද මේ අය ගොඩක් හොදින් ආරක්ශා කරා.
මෙයාලා ගොඩක් ආසයි ඉස්සර ඉදන්ම වැඩ කරන්න.
වැඩ නොකර ඉන්න වෙලාවට දුවන්නේ , පනින්නේ , සෙල්ලම් කරන්නේ නැතුව පාඩුවේ හාන්සි වෙලා ඉන්න ගොඩක් කැමතියි මේ අය.
දැන් මෙයාලව හදන්නේ ආරක්ශාවට උනාට මෙයාලා ටිකක් කම්මැලි අය.
නිදහසේ , පාඩුවේ , නින්දක් දාගෙන ඉන්න ආසයි මෙයාලා.
ඒ උනත් පොඩි සද්දයක් ආවත් , අදුරන්නේ නැති සතෙක් , මිනිහෙක් ආවොත් ඒ සතාව , මනුස්සයව කිසිම පැකිලිමකින් තොරව ඇටෑක් කරන්න මෙයාලා පෙළඹෙනවා.
ඒ නිසයි මෙයාලව ආරක්ශාවට හදන්නේ ඉස්සර ඉදන්ම.
දෙවන ලෝක යුද්ද කාලේදි මේ ලෝකෙන් බල්ලෝ බ්‍රීඩ්ස් ගොඩක් නැති වෙලා ගියා , නැති වීමේ තර්ජණයට මූහුන පෑවා.
කොමොන්ඩොර් කියන්නේ දෙවන ලෝක යුද්දේ නිසා ලෝකෙන් තුරන් වෙලා යන අවදානමට ලක් වෙච්ච බ්‍රීඩ් එකක්.

කොමොන්ඩොර් පොඩි පැටවුන් වයසින් පරිණත වෙන්න ගොඩක් කල් යනවා.
වයස අවුරුදු 3 – 4 දක්වා එයාලා පරිණත වෙනවා.
පොඩි කාලේදි ලැජ්ජාවට බර මෙයාලව ඒක නැති කරගන්න සෝශල් කරලා හදන්න ඕන.
ලැජ්ජාව පොඩි කාලේ ඉදන්ම නැති කරගත්තේ නැත්තම් ලොකු උනාම කරදරයි.
පවුලේ ආරක්ශාව කියන දේ පොඩි කාලේ ඉදන්ම මෙයාලා හොදට හිතට අරන් වැඩ කරනවා.
සෙල්ලමට ටිකක් විතර මෙයාලා බරයි පොඩි කාලේ.
වයසින් මුහුකුරා යද්දි මෙයාලගේ සෙල්ලම ටික ටික අඩු වෙනවා.

කොමොන්ඩොර් අය ඉන්නේ සුදු පාටින් විතරයි.
කලාතුරකින් දුඹුරු , කලු පාට වලින් දකින්න පුලුවන්.
මෙයාලගේ ෆර් එක අනිත් බල්ලන්ට වඩා ගොඩක් අමුතුයි.
ඝණකම් සහ දිග ෆර් එකක් තියෙන්නේ මෙයාලට.
දකින ඕනම කෙනෙක්ට එකපාරින්ම මෙයාලව ජිවිත කාලේටම මතක හිටිනවා මෙයාලගේ ෆර් එක නිසා.

මෙයාලගේ ෆර් එක මේන්ටේන් කරන්න ගොඩක් අමාරුයි.
ඒ නිසා කොමොන්ඩොර් කෙනෙක්ව හදන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම ෆර් එකේ මේන්ටේනින්ස් ගැන ලොකුවට හිතන්නම වෙනවා.
කොච්චර හොදට ට්‍රේන් කරත් මෙයාලා ආස නෑ ගෙදර පවුලට අලුත් සතෙක් ලන් වෙනවානම්.
එහෙම වෙනවානම් මෙයාලට ගොඩක් තරහා යනවා අලුත් සතා එක්ක.
පොඩි කාලේ සෝශල් නොකරපු කොමොන්ඩොර් කෙනෙක් ලොකු උනාම ඇවිදින බෝම්බයක් වගේ වෙන්න පුලුවන් මොකද පිටස්තර සත්තුන්ට සහ මිනිස්සුන්ට දරුණු විදියට පහර දෙන්න බලන නිසා.
සෝශල් කරනවා කියන දේ නම් අනිවාර්යෙන්ම කරන්න ඕන මෙයාලව හදනවානම් ප්‍රශ්ණ අඩු කරගන්න.
මෙයාලා ගොඩක් හිතන බ්‍රීඩ් එකක්.
ඒ නිසා මෙයාලව හරි ට්‍රේන කෙනෙක්ට ලැබුනොත් මෙයාලා කියන දේ ඉක්මනටම අල්ලගන්නවා ඒත් වැරදි ට්‍රේන කෙනෙක්ට හම්බුනොත් මෙයාලා හිතුවක්කාර විදියට කියන දේ අහන්නේ නැතුව හැසිරෙනවා.
එක්සර්සයිස් කියන දේ නම් ගොඩක් ඕන නෑ මේ අයට.
හැමදාම සාමාන්‍ය විදියට එක්සර්සයිස් කියන දේ ලැබුණාම ඇති මෙයාලට.
මෙයාලට නාදුනන කෙනෙක්ව හදුන්වා දීලා , ඒ කෙනා එක්ක යාලු කෙරුවොත් කොමොන්ඩොර් අය ඒ කෙනාටත් පවුලේම කෙනෙක් විදියට වෙනසක් නොකර සලකනවා , ඒ කෙනාගේ ආරක්ශාව ගැන බලනවා.

ඔහොම ජල්තරයක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.

බල්ල්නව හොදට හදලා , ට්‍රේන් කරලා තියන කෙනෙක්ට නම් , ලොකු වත්තක් තියනවානම් , ගෙදර පොඩි අය ඉන්නවානම් , හොදට වියදම් කරන්න පුලුවන් වත්කමක් තියනවානම් කොමොන්ඩොර් කියන්නේ ගොඩක් හොද බ්‍රීඩ් එකක් තමන්ගේ පවුලට.

සමීප මිතුරෙකු වන් Golden Retrievrඅද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක...
29/01/2020

සමීප මිතුරෙකු වන් Golden Retrievr

අද අපි ලෝකයේ සිටින තවත් ජනප්‍රිය සහ අතිශයින් සුරතල් මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ වර්ගයක්‌ වන ගෝල්ඩන් රෙට්‌රිවර් Golden Retriever ගැන කථා කරමු.

මොවුන් ස්‌වභාවිකවම ඉතා සුන්දර සහ මිත්‍රශීලි සුනඛ වර්ගයක්‌ බැවින් ඕනෑම වයස්‌ පන්තියක පුද්ගලයන් අතර හොඳින් ජනප්‍රියවී ඇත.

ස්‌කොට්‌ලන්තය නිජභූමිය ලෙස සැලකෙන මෙම සතුන්ගේ ඉතිහාසය වසර 100 ක්‌ ඉක්‌මවයි. ඉතා ශක්‌තිමත් සිරුරකින් හෙබි මොවුන් ජලයට ප්‍රතිරෝධය දක්‌වන ඝනකම් සහදිගු රෝම වලින් සමන්විතයි. මොවුන්ගේ සිරුරේ ඉතා කෙටි සහ දිගු ලෙස රෝම වර්ග 2 ක්‌ පිහිටන අතර කෙටි රෝම එකිනෙකට ඉතා අසන්නව පිහිටමින් ශීත සෘතුවලදී අදාළ උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකර ඇත.

රෝමවල වර්ණය සැලකූ විට එය කහ පැහැයක්‌ හෝ කහ දුඹුරු වර්ණයක්‌ ගනී. එමෙන්ම ලෝකයේ විවිධ කලාපවල පැතිර ඇති මොවුන් එම කලාපවල දේශගුණික මට්‌ටම් සහ අභිජනන ක්‍රියාවලි ඇති සුළු වෙනස්‌කම් නිසා රෝමවල වර්ණය මදක්‌ තද පැහැ හෝ ලා පැහැගැන්විය හැකිය.

මොවුන් ප්‍රධාන වශයෙන් කොටස්‌ 02 කට බෙදෙන අතර,

01. British Type (මුහුණ ප්‍රදේශය මදක්‌ කොට සහ පළල් වේ. පාදවල උස මදක්‌ අඩුයි. දේහ බර සාපේක්‍ෂව වැඩිවේ)

02. American Type (මුහුණ ප්‍රදේශය මදක්‌ දිගු ස්‌වභාවයක්‌ ගනී. පාද දිගින් වැඩිය.

ඔබ මෙම වර්ගයේ සුනඛයෙක්‌ ඇති කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට ඉතාමත් සමීප මිතුරකු ලැබී ඇතැයි සැලකිය හැක. මක්‌ නිසාද යත් ව්‍යවහාරයේ පරිදි මොවුන් කරුණාවන්ත මිත්‍රශීලි පක්‍ෂපාතී සුනඛ වර්ගයක්‌ වන නිසාය.

ඒ කෙසේ වෙතත් ඔබගේ ආදරණීය සුරතලා යහපත් සෞඛ්‍ය මට්‌ටමකින් පවත්වා ගැනීම සුරතලාට මෙන්ම ඔබටද සතුට ගෙන දෙන්නාවූ කාරණයකි. මොවුන් ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 29-34 kg වන අතර ගැහැණු සතකු 27-32kg පමණ වේ. පිරිමි සතකුගේ උස 58-61 cm පමණ වන අතර ගැහැනු සතකු 55-57 cm පමණ වේ. ඉහත දක්‌වා ඇති බර සීමාව ඉක්‌මවා යැම සතාගේ සෞඛ්‍ය මට්‌ටම පහත දැමීමට හේතුවේ.

මොවුන්ට වැළඳෙන ලෙඩ රෝග දෙස බැලූ විට අනෙක්‌ දේහ ප්‍රමාණය විශාල සතුන්ට මෙන්ම මොවුන්ටද Hip dysplasia, Elbow dysplasia වැනි ආවේණික රෝග වැලඳීමට හැකියාවක්‌ ඇති අතර ප්‍රායෝගිකව අප රටේ දේශගුණික මට්‌ටම සහ අභිජනන ක්‍රියාවලියේ අක්‍රමවත් බව නිසා සමේ රෝග බහුලව දැකිය හැක. මීට අමතරව මොවුන්ගේ රෝමවල ඇති දිගුභාවය නිසා කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයෙක්‌ බෝවීමේ වැඩි අවදානමක්‌ පවතිsන අතර ඒ ආශ්‍රිත රෝග වැළඳීමේ අවදානමද වැඩිය. උදා – කිනිතුලු උණ (Tick fever)

අතිතයේ සිටම මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලුන් වූ මොවුන් විවිධ පැතිකඩවල් ඔස්‌සේ මොවුන්ගේ සහය මිනිසුන්ට ලබාදෙයි.

උදා:- Guide dog අන්ධ පුද්ගලයන්ට මග පෙන්වීම

Hunting dog දඩයම් කටයුතු

ආරක්‍ෂක කටයුතු සඳහා

මුදා ගැනීමේ හමුදාවල සහයට

ඔබගේ සුරතලාද කුඩා අවදියේ සිට මනාලෙස පුහුණු කිරීමෙන් ඔබටද ඉතා ප්‍රයෝජනවත් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැක.

අනතුරක්‌ හැඟවීමට පමණක්‌ බුරන Bull mastiffමෙවර ලිපියෙන් අපි ගෘහාශ්‍රීතව ඇති කරන තවත් ශරීර ප්‍රමාණයෙන් විශාල සුනඛ වර්ගයක්‌...
29/01/2020

අනතුරක්‌ හැඟවීමට පමණක්‌ බුරන Bull mastiff

මෙවර ලිපියෙන් අපි ගෘහාශ්‍රීතව ඇති කරන තවත් ශරීර ප්‍රමාණයෙන් විශාල සුනඛ වර්ගයක්‌ වන Bull mastiff යන සුරතලුන් ගැන කතා කරමු.

මෙම සතුන් 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී ලොවට හඳුන්වා දුන්නේ එවකට සිටි සුනඛ වර්ග 2 ක්‌ වන English mastiff iy old English builldog යන සුනඛ වර්ග 2 ක මුහුන් කොට අභිජනනය කිරීමෙනි. මෙම සුනඛ වර්ග 2 හිම ලක්‍ෂණ පොදු කොට ගත් මොවුන් මේ වන විට ලොව පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.

මොවුන්ගේ ශරීර ප්‍රමාණය, ශක්‌ති ප්‍රමාණය සහ ස්‌වාමියාට ඇති හිතවත් බව නිසා මොවුන් ප්‍රධාන වශයෙන් එවකට වතු ආරක්‍ෂක කටයුතු සඳහා යෙදාගෙන ඇත. අඩු වශයෙන් බුරන මෙම සතුන් බුරන සෑම අවස්‌ථාවකදීම යම් අනතුරක්‌ ඇඟවීම සඳහා එසේ කිරීම විශේෂත්වයකි.

ඉහත පරිදි ශක්‌තියෙන් සහ ශරීර ප්‍රමාණයෙන් ඉහළ මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක්‌ වීම විශේෂයකි. නිවසේ සාමාජිකයන් සමග නිතර ගැවසීමෙන් මොවුන් විනීත ලෙස හැසිරීම ඉතා හොඳින් ඉගෙන ගනී.

මොවුන් මනාව පුහුණු කිරීම සහ සමාජශීලී ගති පැවතුම් ඇති කිරීම මගින් ඔබගේ සුරතලා ඔබගේ විධානවලට කන්දීමේ හැකියාව වර්ධනය කරගත හැක. ස්‌වාභාවිකවම මොවුන් තුළ ඇති ආරක්‍ෂක හැකියාව නිසා ඔබගේ නිවසට සුරතලකු මෙන්ම හොඳ ආරක්‍ෂකයකු වශයෙන්ද කටයුතු කරයි. කෙසේ වෙතත් මොවුනට විශේෂයෙන් ආරක්‍ෂක පුහුණුව (Guard dog training) අවශ්‍ය නොවන අතර අනෙකුත් පුහුණු කිරීම් වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ මොවුන් එකම දේ නැවත නැවත සිදු කිරීමට දැඩි අකැමැත්තක්‌ දක්‌වන බැවිනි.

ශක්‌ති සම්පන්න මනා පිරිපුන් සිරුරකින් හෙබි මොවුන් ඉතා හොඳ සෞඛ්‍ය මට්‌ටමක්‌ පවත්වා ගනී. කෙසේ වෙතත් අනෙක්‌ විශාල සුනඛ වර්ගයන්ට මෙන්ම මොවුනටද ආවේණිකව පවතින රෝග දක්‌නට ලැබේ.

Hip dysplasia Elbow dysplasia

මෙම තත්ත්වය වැළඳීමට මොවුන්ගේ ගහනයෙන් 24% ක පමණ ප්‍රවණතාවක්‌ පවතී.

Entropion
Hypothyroidism

මීට අමතරව අප රටේ ප්‍රායෝගිකව දැකිය හැකි ආවේණික නොවන ප්‍රධාන ලක්‌ෂණය වන්නේ මොවුන්ට ඇතිවන සමේ රෝගයි. මෙයට ප්‍රධානතම හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ අක්‍රමවත් ලෙස සතුන් අභිජනනයයි. (එකම පවුලේ සහෝදර සහෝදරියන් හෝ ළඟ ඥති සම්බන්ධතා ඇති සුනඛයන් අභිජනනයයි)

මොවුන්ගේ හොඳින් වැඩුණු පිරිමි සතකු 50 kg – 60 kg. පමණ බරවන අතර උස 64 සෙ. මී. – 71 සෙ. මී. පමණ වේ. හොඳින් වැඩුණු ගැහැනු සතකු 45 kg – 55 kg පමණ වන අතර උස 61 සෙ. මී. – 66 සෙ. මී. පමණ වේ.

මොවුනගේ සමේ වර්ණක සැලකූ විට එය Red, Fawn සහ Brinde වශයෙන් වර්ග 03 කි. සමෙහි රෝම ඉතා කෙටි ඝනකම් ස්‌වභාවයක්‌ දක්‌වයි. පහළට එල්ලා වැටෙන කන් දෙකක්‌ සහිත මොවුන් කෙටි පළල් කළු වර්ණයෙන් යුත් හොම්බකින් යුක්‌තය.

ඉදිරි සහ පසුපස පාද යුගල් එකිනෙකට ඈතින් ශක්‌තිමත්ව පිහිටන අතර කොන්ද ප්‍රදේශය පොළොවට සමාන්තරව පිහිටයි.

ප්‍රයෝගිකව බලන කල මඳක්‌ උදාසීන සතුන් බැවින් හොඳින් ව්‍යායාම වල යෙදවීමෙන් ඔබට ඉතා නිරෝගී කඩවසම් සුනඛ සුරතලකුගේ ඇසුර ලබාගත හැකිවේ.

බුල්_මස්ටිෆ්~Bullmastiff අද ත්‍රේඩ් එක අරන් එන්නේ හොද ඉවසීමක් තියන,කාරුණික හදවතක් තියන බ්‍රීඩ් එකක් වන බුල් මස්ටිෆ් ගැන....
29/01/2020

බුල්_මස්ටිෆ්~Bullmastiff

අද ත්‍රේඩ් එක අරන් එන්නේ හොද ඉවසීමක් තියන,කාරුණික හදවතක් තියන බ්‍රීඩ් එකක් වන බුල් මස්ටිෆ් ගැන.

මෙයාලා රස්නෙට වඩා සීතලට බර බ්‍රීඩ් එකක්.
බුල් මස්ටිෆ් උන් ගොඩක් ආසයි සීතලේ,පාඩුවේ නිදාගෙන ඉන්න.
පලවෙනි පාර බල්ලෝ හදන අයට අනුමත කරන්න පුලුවන් බ්‍රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ.

ගෙදර පොඩි ලමයි එක්ක පවා ගොඩාක් හොදින් තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් මෙයාලා.
බුල් මස්ටිෆ් අය පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි ඇන්ඩ් පොඩි උන් කරන වැඩ හොදට ඉවසන් ඉන්නවා.

පොඩි ලමයි ඉන්න පවුලකට හොදට ගැලපෙනවා මේ අයව.
බුල් මස්ටිෆ් කියන්නේ ගාර්ඩියන් ඩෝග් කියන කැටගරි එකට අයිති වෙන බ්‍රීඩ් එකක්.
හොදට උස මහතට හැදෙන බ්‍රීඩ් එකක්.
ගෙදර අය එක්ක සීමාවක් නැතුව ලන් වෙන,පොඩි අයට ආදරේ කරන ජාතියක් උනත් නොදන්න කෙනෙක්,හොරෙක්,හතුරෙක් ආවොතින් බිම පෙරලන් හපලා දාන්න මෙයාලා පෙළඹෙනවා.

බුල් මස්ටිෆ් කියන්නේ ගෙදර අය එක්ක ගොඩාක් සන්වේදි බ්‍රීඩ් එකක්.
කොච්චර සන්වේදිද කිව්වොතින් ගෙදර කෙනෙක් මෙයාලට සැර කරොත් සමහර වෙලාවට ඒක දරාගන්න බැරුව ලෙඩ වෙන වෙලාවල් පවා තියනවා.

බුල් මස්ටිෆ් කෙනෙක්ව දකින ඕන කෙනෙක්ට දැක්ක ගමන් බය හිතෙනවා පෙනුම නිසා.
බය හිතෙන පෙනුමක් තිබ්බත් මෙයාලා කම්මැලි පැත්තට බර බ්‍රීඩ් එකක්.
කොච්චර කම්මැලි උනත් ගෙදර ආරක්ශාව ගැන හොදට බලාගන්න සැදි පැහැදි ඉන්නවා මේ අය.

ඒ නිසා ගෙදරක ආරක්ශාවට උනත් බය නැතුව හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ.

බුල් මස්ටිෆ් අයගේ අතීතය ගැන බලලා ඉමු දැන් අපි.
ඒ සිද්දිය මෙහෙමයි උනේ.
බුල් මස්ටිෆ් කියන්නේ එන්ගලන්තේ බල්ලෙක්.
ලොකු,නිවිච්ච,බය නැති,හොර දඩයක්කාරයෝ ආවම උන්ව අල්ලලා බිම දාන්න තරම් ශක්තියක් තියන බල්ලෙක්ව ඕන උනා 19 සියවසේදි එන්ගලන්තේ දඩබිම් රකින අයට.

ඉතින් මෙයාලා ගොඩාක් බ්‍රීඩ්ස් ක්‍රොස් කරලා කරලා බැලුවා.
ඒකේ සාර්ථක ප්‍රතිපලයක් විදියට හැදිච්ච බ්‍රීඩ් එකක් තමා බුල් මස්ටිෆ් කියන්නේ.
බුල් මස්ටිෆ් අයව හැදුවේ ඉන්ග්ලිශ් මස්ටිෆ් සහ බුල් ඩෝග් කියන බ්‍රීඩ්ස් දෙක එකතු කරලා.

(English Mastiff,Bulldog)

ඉන්ග්ලිශ් මස්ටිෆ්.
English Mastiff.

බුල් ඩෝග්.
Bulldog.

ඉස්සර මෙයාලට කිව්වේ දඩබිම් රකින්නන්ගේ රෑ බල්ලෝ කියලා.
( Gamekeeper’s Night-Dog.)
දඩබිම් රකින්නන් එක්ක හොදින් හිටපු නිසා මෙයලව පස්සේ දඩබිම් රකින අය එයාලගේ ගෙවල් වලට එක්කන් ගිහින් ගෙවල් වල හදන්න ගත්තා.

එහෙම තමා බුල් මස්ටිෆ් අයව ගෙවල් වල හදන්න පුරුදු උනේ මිනිස්සුන්ට.
ඒ කාලේ ඉදන්ම සමහර ෆෝසස් වල අය මෙයාලව හදන්න ගත්තා බේස් එකේ ආරක්ශාව වෙනුවෙන්.

අපි මෙයාලාගේ මෙව්වා ටිකක් බලලා ඉමු දැන්.

මෙයාලගේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ පාටවල් තුනයි.

බ්‍රින්ඩ්ල්.
Brindle.

රෙඩ්.
Red.

ෆෝන්.
Fawn.

බුල් මස්ටිෆ් එකෙක්ව හදනවානම් ගොඩක් වෙලාවට සතාව සෝශල් කරලා හදනවානම් ගොඩාක් හොදයි.
මෙයාලා පොඩ්ඩක් අහක යන වලි දාගන්න බලන ජාතියක්.
ඒ නිසා සෝශල් කරලා හදනවානම් ගොඩක් හොදයි ඒ ගතිය මග හරවා ගන්න.

KASL රෙජිස්ටර් කරපු බුල් මස්ටිෆ් පැටියෙක්ව රු.50000.00 ඉදන් රු.80000.00 අතර ගානකට ගන්න පුලුවන්.
මෙයාලා ගොඩක් ආසයි එයාලට හිතෙන දේ කරන්න.
ඒ නිසා පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න නම් වෙනවා.
එහෙම නොවුනොත් ලොකු වෙලා සතාව කන්ට්‍රොල් කරගන්න බැරි වෙන්න උනත් පුලුවන්.

මෙයාලා ශෝර්ට් ෆර් නිසා ෆර් එක ගැන ගොඩක් හිතන්න ඕන නෑ.

නෝමලි හැමදාම එක්සර්සයිස් කරවන්න ඕන මෙයාලව.

එහෙම නොවුනොත් මෙයාලට ලෙඩ හැදෙන්න පුලුවන් ඕනවට වඩා මහත් වෙලා.
හොදට බඩ පිරෙන්න කන දෙන අතරම හැමදාම නෝමලි එක්සර්සයිස් කරනවානම් කිසි අව්ලක් වෙන්නේ නෑ මෙයලට.

අනිත් බල්ලෝ වගේ විසේ නෑ පොඩි කාලේදි මෙයාලට.
නෝමල් විදියට ඉන්න ආස,ටිකක් විසේ තියනවා පොඩි බුල් මස්ටිෆ් පැටියෙක්ට.
පොඩි කාලේ ගොඩක් ඇක්ටිව් මෙයාලා ලොකු කාලේ කම්මැලි පැත්තට බර උනාට.

ගෙදර අය එක්ක සෙල්ලම් කරන එක තමා මෙයාලගේ පොඩි කාලේ ප්‍රධානම දේ.
ඒ නිසාමයි බුල් මස්ටිෆ් අය ෆැමිලි එකට ගොඩාක් ඇටෑච් වෙන්නේ.

පොඩි කාලේ ඇන්ඩ් ලොකු කාලේ කියලා වෙනසක් නැතුව පොඩි උනත් , ලොකු උනත් පවුලේ අය මෙයාලව හුරතල් කරනවානම් ගොඩාක් ආසයි මෙයාලා හුරතල් වෙන්න.
අපි කියන දේ තේරුම් ගන්න පුලුවන් හොද මොලයක් තියනවා මෙයාලට.

කියන දේ තේරුනත් මෙයාලට හිතෙන දේ කරන්න ඕන කියලා හිතෙන නිසා බුල් මස්ටිෆ් කෙනෙක්ව ට්‍රේන් කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.
ඒක එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නෑ.

ඔන්න ඔහොම අයිටම් එකක් දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.

පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට ආරක්ශාවට,පොඩි ලමයි එක්ක සැනසිල්ලේ තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් ඕන නම් බුල් මස්ටිෆ් අයව හැදුවට කිසිම අව්ලක් නෑ.
හරියට හදනවානම් පවුලට පණ දෙන,වැරදියට හැදුවොත් පවුලම ඉවර කරන බ්‍රීඩ් එකක් මෙයාලා.

ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.

කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dog lovers. lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category