හස්ති මිතුරෝ - Friends of Elephants

හස්ති මිතුරෝ - Friends of Elephants අලි ඇතුන් යනු අප රටේ වටිනා සම්පතක් වන අතර අප ඔවුන් රැකගත යුතු වේ

මේ අලිපැටියා ඉන්නෙ ගල්ගමුවේ මීගලෑව පැත්තෙ කට තුවාල වෙලා. මෙයා ගැන කියන්න මීගලෑව office එකට ගත්තා. එහෙන් කියන්නේ දින කීපය...
08/09/2026

මේ අලිපැටියා ඉන්නෙ ගල්ගමුවේ මීගලෑව පැත්තෙ කට තුවාල වෙලා. මෙයා ගැන කියන්න මීගලෑව office එකට ගත්තා. එහෙන් කියන්නේ දින කීපයකට කලින් අලිපැටියා හම්බ උනාලු රංචුවත් එක්ක ඉන්නව. ඒවෙලේ හොදට තණකොළ එහෙම හොදට කනව කිව්වා.

මෙයාට හක්කපටස් වෙන්න බැ වෙන කටේ තුවාලයක් වෙන්න ඇති කියල එහෙන් කිව්වෙ. මොකද හක්කපටස් නන් ඔහොම හොදට කන්න බෑ. ඊටපස්සෙ ආයෙ අලිපැටියා සෙට් උනේ නෑ කිව්වා. හැබැයි මෙයා ගැන අවදානෙන් ඉන්නෙ කිව්වා.

📷 හස්ති මිතුරෝ - Friends of Elephants

01/09/2026

එප්පාවල කදුරුගස්වැව අලිපැටවා වැඩිදුර ප්‍රතිකාර සදහා පණ්ඩුලගම පශුවෛද්‍ය කාර්‍යාලයට රැගෙන යයි🙏

කදුරුගස්වැව දික්වැව පැත්තෙ රෝගාතුරව සිටින අලිපැටියා ගැන අනුරාධපුර කලාප කාර්‍යාලයෙන් ඇහුවම පණ්ඩුලගම පශුවෛද්‍ය ඒකකය දැනුවත...
01/09/2026

කදුරුගස්වැව දික්වැව පැත්තෙ රෝගාතුරව සිටින අලිපැටියා ගැන අනුරාධපුර කලාප කාර්‍යාලයෙන් ඇහුවම පණ්ඩුලගම පශුවෛද්‍ය ඒකකය දැනුවත් කලාලු. ඒත් ප්‍රතිකාර කරන්න ගියාද නැද්ද කියල අනුරාධපුරෙන් ඇහුවම අපි ඒගැන දන්නෙ නැල්ලු. ඒ ගැන අපිට රිපෝට් එන්නෙ නැල්ලු. 1992න් අහන්නලු.

1992න් ඇහුවම අනුරාධපුර කලාප කාර්‍යාලය දැනුවත් කලාලු. එහෙන් අහන්න කියනව. කොහොමත් හරි විස්තරයක් නැ. පණ්ඩුලගමට ගත්තට ෆෝන් ආන්ස නැ. ඕන් ඕකයි තත්වෙ 😕

📷 Thisara Samal Somarathna මහතා

හස්ති මිතුරෝ - Friends of Elephants

01/09/2026

31/08/2026

කොහොමද යාලුවනේ මන් මේ විදියට ලස්සනයි ද 😎😁

අගනුවර කුමාරයා කෝට්ටේ රාජා ❤️🐘

📷 සංඛ පෙරේරා



හස්ති මිතුරෝ - Friends of Elephants

ලෝක අලිඇතුන්ගේ දිනය අදයි ❤️🐘🌍අපේ රටෙ ජීවත් වීමේ අයිතියක් ඇති ගොඩබිමේ විශාලතම ක්ෂීරපායි සත්වයා වන අලිඇතුන්ගේ දිනය අදයි. හ...
12/08/2026

ලෝක අලිඇතුන්ගේ දිනය අදයි ❤️🐘🌍

අපේ රටෙ ජීවත් වීමේ අයිතියක් ඇති ගොඩබිමේ විශාලතම ක්ෂීරපායි සත්වයා වන අලිඇතුන්ගේ දිනය අදයි. හඩක් නැති ඔවුන්ගේ අනාගත ජීවත් වීමේ අයිතිය රැකගැනීම අලිඇතුන්ට ආදරේ කරන අප සැවොමගේ වගකීමක්.

ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු 👍

බාතිය ඇතා ගිය වර්ෂයේ අසාද්‍යව සිට මියගිය අවස්ථාවේ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා ප්‍රකාශ කර සිටියේ හැකි ඉක්මනින් අලි ඇ...
07/08/2026

බාතිය ඇතා ගිය වර්ෂයේ අසාද්‍යව සිට මියගිය අවස්ථාවේ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා ප්‍රකාශ කර සිටියේ හැකි ඉක්මනින් අලි ඇතුන්ට ප්‍රතිකාර සිදුකිරීමට
"" අලි රෝහලක් " ඉදිකරන බවටයි

අවුරුද්දක් ගත වෙලත් තවමත් එය ක්‍රියාත්මක වී නැත

එහි අවාසනාවන්ත ප්‍රථිපල බුක්ති විදින්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් මිය යන අලි ඇතුන්‍ ය.

අලි ඇතුන් සිටින ආසියානු අප්‍රිකානු රටවල අලි රෝහල් තිබුණත් ශ්‍රි ලංකාවේ එය තවමත් නොමැත 😥🐘🍃

උපුටා ගැනීම හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka

හස්ති මිතුරෝ - Friends of Elephants

අපරික්ෂාරී රිය අනතුරු නිසා රටට අහිමි වුන වටිනා සම්පත් දෙකක් 😥💔පලමු රූපයේ සිටින රන්දෙණිය බණ්ඩාර කුරුණෑගල මැල්සිරිපුර ප්‍ර...
04/08/2026

අපරික්ෂාරී රිය අනතුරු නිසා රටට අහිමි වුන වටිනා සම්පත් දෙකක් 😥💔

පලමු රූපයේ සිටින රන්දෙණිය බණ්ඩාර කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ අපරික්ෂාරීව ධාවනය කල රියදුරෙකුගේ ටිපර් එකක ගැටී ප්‍රතිකාර හමුවේ ජීවිතයත් මරනයත් අතර සටනක යෙදී අද පාන්දර දැයෙන් සමුගත්තා. රියදුරා අත්තඩංගුවට ගෙන දින තුනකින් ඇප 😐

අනෙක් රූපයේ හබරණ ගිය වසරේදි දඹුල්ල මාර්ගයේ අපරික්ෂාරීව ධාවනය කල කන්ටේනර් රථයක ගැටී උදෑසන මියගිය වන අලි පැටවෙක්.

මේව්ට කෝ හරි නීතියක්. මෙවැනි රියදුරන්ට දින දෙක තුනකින් ඇප හම්බ වෙනව. අඩුගානෙ අපරික්ෂාරී රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරීමට ජීවිත කාලෙටම ලයිසන් කැන්සල් කරන්න ඕන.අඩුගානෙ ගෙවීමට අපහසු දඩ මුදලක් හෝ දැඩි සිර දඩුවම්. නීති ඔක්කොම පොතට විතරයි. ක්‍රියාත්මක වෙන්නෙ නැ. රිය අනතුරු නිසා අප රටේ අලි කීයක් රටට අහිමි උනාද?

තවත් මෙවැනි වටිනා ජීවිතයක් රටට අහිමි වෙන්න කලින් මෙවැනි අපරික්ෂාරී රිය ධාවනයට දැඩි නීති ක්‍රියාත්මක කරන්න. අදාල බළධාරීන් මේවට වග කිය යුතුයි.

📷 මුල් හිමිකරු

හස්ති මිතුරෝ - Friends of Elephants

නිවන් සුව බණ්ඩාර 😥💔🙏කාලකණ්ණි ටිපර්කාරයෙක්ගේ නොසැලකිල්ල නිසා අනතුරකට ලක්වුන රන්දෙණිය බණ්ඩාර හස්තියා ප්‍රතිකාර හමුවේ අද (4...
04/08/2026

නිවන් සුව බණ්ඩාර 😥💔🙏

කාලකණ්ණි ටිපර්කාරයෙක්ගේ නොසැලකිල්ල නිසා අනතුරකට ලක්වුන රන්දෙණිය බණ්ඩාර හස්තියා ප්‍රතිකාර හමුවේ අද (4) දින පාන්දර දැයෙන් සමුගත්තා 🥺💔

බණ්ඩාර සුව කිරීමට අයිති මහත්වරුන් හා පශුවෛද්‍ය මහත්වරුන් ඉමහත් කැපකිරීමක් කලා. ඒත් අද දින එයාට අපි අතරින් යන්න උනා. ආයෙ මෙවැනි අකල් මරනයක් සිදු නොවේවා 🥺🥺💔

දැන්වත් ඔය වගෙ කාලකණ්ණි අපරික්ෂාරී ඩ්‍රයිවර්කාරයොන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරපන් දවස් දෙක තුනෙන් නිදහස් නොකර😡

බණ්ඩාර ඔබට නිවන් සුව 🙏

හස්ති මිතුරෝ - Friends of Elephants

මේ යාල ජාතික වනෝද්‍යානය යම් හේතුවක් මත අසාධ්‍යව වැටී සිටින අලි පැටියෙක්. මේ පැටියා ගැන වනජීවි දෙපාර්තමේන්තුවේන් විමසු වි...
31/07/2026

මේ යාල ජාතික වනෝද්‍යානය යම් හේතුවක් මත අසාධ්‍යව වැටී සිටින අලි පැටියෙක්. මේ පැටියා ගැන වනජීවි දෙපාර්තමේන්තුවේන් විමසු විට අද දින (31) මෙම පැටියාට ලුණුගම්වෙහෙර පශුවෛද්‍ය ධර්මකීර්ති මහතා ඇතුලු කණ්ඩායම ප්‍රතිකාර කල බවත් හෙට දිනයෙ පැටවා ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඉක්මන් සුව ඔබට 🙏

📷 මුල් හිමිකරු

හස්ති මිතුරෝ - Friends of Elephants

Address

Colombo, Sri Lanka
Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when හස්ති මිතුරෝ - Friends of Elephants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share