03/09/2026
අද අපි 3/4 km හෝ ඊට වඩා ප්රමාණයක් මේ බව්වා පස්සේ ඇවිද්දා. උදේ ඉඳලා හවස වෙනකන්ම මේ බව්වා වෙනුවෙන් කැරකුණා මුළු බෙලිඅත්ත නගරෙම. 😑
ඒත් ඊටත් වඩා හපන් බෙලිඅත්ත නගරේ ඉන්න කිසිම කෙනෙක් මේ බව්වා අල්ලගන්න උදව් කරන්නේ නෑ. ඇහුවොත් කියන්නේ, “අරහෙන් ගියා, මෙහෙන් ගියා” ඔච්චරමයි.
තවත් කොටසක් කියනවා ඒ සතා ගෙවල් ඇතුළට රිංගනවාලු, ජනෙල් දොරවල් වහගෙන ඉන්නවාලු, තවත් අය මගෙන් අහනවා “බල්ලා මගේද?” කියලා. 😑
හොඳට අහගන්න, ඔබේ අවධානයටයි. 🫵🏻
අපේ බව්වෝ කිසිම කෙනෙක් මේ විදිහට කිසිම තැනක යවන්නේ නෑ. තුවාලයක්, ලෙඩක් තියෙන සතෙක් නම් කොහොමටවත් පාරට යවන්නේ නෑ. අපි ඒ සත්තුන්ව බලාගන්නවා. ❤️
බව්වන්ට බෙහෙත් කරන්න මෙච්චර මහන්සි වෙන්නේ ඔයාලට කරදරයක් හින්දා නෙමෙයි. සතා දුක් විඳින නිසා කියන එක මතක තියාගන්න.
මේ බව්වා මට මිස් වුණේ 7 වැනි පාර. 😔
ඇත්තටම බව්වෝ උඹට පිනක් නැද්ද?
අද අපි Sameera Pet Service එකත් එක්ක එකතු වෙලා මේ බව්වාව උදේ ඉඳන් හැමතැනකම හෙව්වා. උදේ හිටියේ නෑ. ඒත් හවස 3 ta විතර බෙලිඅත්ත බස් ස්ටෑන්ඩ් එකට ආවා.
(එතකොට ඒ ආපු අය කෑමට ගිහින්)
ඒ ආවම මං උගේ පස්සෙන් ගියා හෙන දුරක්. මිනිස්සු අතරින් පතරින් උට ගහලා එළවනවා. 😔 ඒ නිසා බව්වා දුවනවා. අන්තිමට මට බව්වා මිස් වුණා.ඒ මදිවට බව්වොත් ඌට සැර කරනවා බුරනවා. ඒ හින්දම ඌ බයයි.
බෙලිඅත්ත පැත්ත ගැන ලොකු කලකිරීමක් ඇති වෙන්නේ ඇත්තටම. 😑
හෙට දවසේවත් උඹට පිනක් තිබේවා බව්වෝ! 🥺❤️
ස්තූතියි ගොඩක් පිං Pet Service බව්වා වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට 🙏❤️
ඉමේෂා ගුණවර්ධන