SL Vetz Vlog

Call Directions Website Contact the business

SL Vetz Vlog Dr. Chaminda Wickramasinghe. veterinarian
UAE | Sri Lanka
Interested in Dentistry, Orthopedics, Anesthesiology, Animal Welfare
(1)

17/09/2026
13/09/2026

පූසන්ගේ එන්නත්කරණයේ වැදගත්කම. Herpes වෛරසයේ බලපෑම

ඔබේ ආදරණීය සුරතල් පූසාගේ ඇසේ අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සුදු හෝ ලා රෝස පැහැති තුනී සිවියකින් වැසී ඇති බව ඔබ කවදා හෝ දැක ...
08/09/2026

ඔබේ ආදරණීය සුරතල් පූසාගේ ඇසේ අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සුදු හෝ ලා රෝස පැහැති තුනී සිවියකින් වැසී ඇති බව ඔබ කවදා හෝ දැක තිබෙනවාද? බළලුන් ඇතිකරන බොහෝ දෙනෙකුට මෙය නිතර දකින්නට ලැබෙන, නමුත් ඒ ගැන හරිහැටි අවබෝධයක් නොමැති තත්ත්වයකි.

සාමාන්‍යයෙන් බළලුන්ගේ මෙම 'තුන්වන ඇහිපිය' (Third eyelid / nictitating membrane) අපට දැකගන්නට ලැබෙන්නේ ඔවුන් ගැඹුරු නින්දක පසුවන විට හෝ සෙමින් ඇස් පිය ගසන විට පමණි. එය ඇසේ අභ්‍යන්තර කෙළවරේ සැඟවී පවතින අතර, එය නිතරම පිටතට පෙනෙන්නට තිබේ නම් ඉන් අදහස් වන්නේ ඔබේ සුරතලාගේ ශරීරයේ යම්කිසි අසාමාන්‍යතාවක් හෝ රෝගී තත්ත්වයක් පවතින බවයි. එය ඇසට පමණක් සීමා වූ රෝගයක් හෝ ශරීරයේ වෙනත් ස්ථානයක ඇති වූ රෝගයක් විය හැක.

තුන්වන ඇහිපියේ ප්‍රධාන කාර්යභාරය කුමක්ද?

මෙම තුනී සිවිය නිකම්ම පිහිටා ඇති දෙයක් නොවේ. ඇසට අවශ්‍ය කඳුළු නිසියාකාරව බෙදා හැරීම, ඇසට ඇතුළු වන දූවිලි හා කුණු ඉවත් කිරීම මෙන්ම ඇසේ කර්ණිකාව (cornea) ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන රාජකාරියයි. එය ස්නායු හා මාංශපේශී මගින් පාලනය වන බැවින්, යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් එහි ක්‍රියාකාරීත්වය අඩාල වූ විට එය ඉබේම ඉහළට එසවී පිටතට පෙනෙන්නට ගනී.

මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතු 5ක්:

- හෝව්ස් සහලක්ෂණය (Haw's Syndrome):
ඇස් දෙකේම මෙම තුන්වන ඇහිපිය මතු වී පෙනේ නම් සහ ඇස් රතු වීමක් හෝ වේදනාවක් නොමැති නම්, මෙය බොහෝ විට ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලුවක් හෝ බඩවැල් ආශ්‍රිත පරපෝෂිතයන් (Toxocara හෝ Giardia වැනි) නිසා ඇතිවන්නකි. මෙහි යාන්ත්‍රණය තරමක් සුවිශේෂී වේ. ආහාර ජීර්ණ පද්ධතියේ හෝ බඩවැල් වල ඇතිවන දැවිල්ල සහ ආසාදන තත්ත්වයන් නිසා උදරය ආශ්‍රිත ස්නායු අසාමාන්‍ය ලෙස උත්තේජනය වේ. මේ හරහා ඇසට සම්බන්ධ වන 'සහවේදී ස්නායු පද්ධතියේ' (sympathetic nervous system) ක්‍රියාකාරිත්වයට බාධා පැමිණෙන අතර, එම ස්නායු මගින් තුන්වන ඇහිපිය සාමාන්‍ය ස්ථානයේ රඳවා ගැනීමට ලබාදෙන ආතතිය අඩුවීමෙන් එය ඉබේම ඉදිරියට නෙරා එයි. මෙහිදී පූසාගේ කෑම රුචිය අඩුවීම, අලසකම සහ මළපහ බුරුලට පිටවීම වැනි ලක්ෂණ ද දැකිය හැක.

- හෝනර්ස් සහලක්ෂණය (Horner's Syndrome):
මෙය සාමාන්‍යයෙන් එක් ඇසකට පමණක් බලපාන තත්ත්වයකි. මෙහිදී ඉහළ ඇහිපිය කඩා හැලීම, ඇසේ කළු ඉංගිරියාව (pupil) කුඩා වීම සහ තුන්වන ඇහිපිය ඉලිප්පී පෙනීම යන ලක්ෂණ ත්‍රිත්වයම දැකිය හැක. කන අභ්‍යන්තරයේ ආසාදන, බෙල්ලේ ස්නායු ආබාධ හෝ අනතුරු මීට හේතු විය හැකිය.

- ඇස් රෝග සහ ආසාදන (Conjunctivitis):
ඇස ආශ්‍රිතව ඇතිවන වෛරස් හෝ බැක්ටීරියා ආසාදන නිසා තුන්වන ඇහිපිය දිස්වීම බහුලව ඇතිවේ. බළලුන්ට විශේෂයෙන් බලපාන වෛරස් වන Feline Herpesvirus (FHV-1) සහ Feline Calicivirus (FCV) මෙන්ම, Chlamydia felis සහ Mycoplasma වැනි බැක්ටීරියා ආසාදන මීට ප්‍රධාන වශයෙන් හේතු වේ. මෙහිදී ඇස රතුවීම, කබ කඩීම (පැහැදිලි හෝ සැරව සහිතව), සහ ඇස නිතරම වසාගෙන සිටීමට උත්සාහ කිරීම දැකිය හැකිය.

- ඇසේ තුවාල හෝ සීරීම් (Corneal Ulcers):
ඇසට යම් සීරීමක් හෝ බාහිර දෙයක් (උදා: දූවිලි, කෝටු කැබලි) ඇතුළු වූ විට, ඇස ආරක්ෂා කරගැනීමේ ස්වභාවික උපක්‍රමයක් ලෙස තුන්වන ඇහිපිය ඉහළට පැමිණෙයි. ඇසේ කර්ණිකාවේ ඇතිවන තුවාල (Corneal ulcers) ඉතාමත් අවදානම් සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයකි. ඊට හේතුව ඇසේ පිටත ස්තරය ඉතා ඉක්මනින් බැක්ටීරියා ආසාදනයට ලක්විය හැකි වීමයි. ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් මෙම තුවාලය ඉතා වේගයෙන් ගැඹුරු වී ඇස පුපුරා යාමට හෝ සදාකාලිකවම පෙනීම අහිමි වීමට පවා ඉඩ ඇත. මෙය පූසාට දැඩි වේදනාවක් ගෙන දෙන තත්ත්වයකි.

- විජලනය සහ බර අඩුවීම:
පූසාගේ ශරීරයේ දැඩි ලෙස ජලය අඩුවීම (විජලනය) හෝ දිගුකාලීන රෝගාබාධ නිසා ඇස පිටුපස ඇති මේද ස්ථරය දියවී යාම හේතුවෙන් ඇස තරමක් ඇතුළට ගිලා බසී. එවිට ඉබේම මෙම තුන්වන ඇහිපිය පිටතට නිරාවරණය වේ. මෙය ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහී ඇති බව පෙන්වන ප්‍රබල ලක්ෂණයකි.

- පශු වෛද්‍යවරයෙකු රෝග නිශ්චය කරන්නේ කෙසේද?

පිටතට පෙනෙන තුන්වන ඇහිපිය රෝගයක් නොව රෝග ලක්ෂණයක් පමණක් වන බැවින්, ඊට මූලික හේතුව සොයාගැනීම සඳහා වෛද්‍යවරයා විසින් විශේෂ පරීක්ෂණ කිහිපයක් අනුගමනය කරනු ලබයි:

* ඉතිහාසය සහ පරීක්ෂාව: පූසාගේ කෑම රුචිය, මළපහ වල ස්වභාවය, පණු බෙහෙත් ලබාදුන් දින සහ රෝගය ඇස් දෙකටමද නැතිනම් එක් ඇසකට පමණක්ද බලපා ඇත්තේ යන්න පිළිබඳව විමසා බලයි. මෙය රෝග කාරකය හඳුනාගැනීමේ මූලිකම පියවරයි.

* ඇස පිළිබඳ විශේෂ පරීක්ෂණ (Ophthalmic exam): කර්ණිකාවේ ඇසට නොපෙනෙන කුඩා සීරීම් හෝ තුවාල ඇත්දැයි බැලීම සඳහා 'ෆ්ලෝරසින් ඩයි' (Fluorescein stain) නම් විශේෂ වර්ණකයක් යොදා පරීක්ෂා කිරීමත්, ඇසේ කඳුළු නිෂ්පාදනය ප්‍රමාණවත්ද යන්න මැනීම සඳහා 'ෂර්මර්' (Schirmer tear test) පරීක්ෂාවත් සිදු කරයි.

* ස්නායු පරීක්ෂාව: හෝනර්ස් සහලක්ෂණය වැනි ස්නායු සම්බන්ධ ගැටලුවක් දැයි තහවුරු කරගැනීමට ඇසේ කළු ඉංගිරියාව ආලෝකයට දක්වන ප්‍රතිචාර, ඇහිපිය පිහිටන ආකාරය සහ කන, බෙල්ල හෝ පපුව ආශ්‍රිතව වෙනත් රෝග ලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කරයි.

* (F***l testing): හෝව්ස් සහලක්ෂණයට හේතුවිය හැකි ආහාර ජීර්ණ පද්ධතියේ පරපෝෂිතයන් හෝ පණු රෝග ඇත්දැයි රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ගනී.

* රුධිර පරීක්ෂණ (Bloodwork) සහ ස්කෑන් පරීක්ෂණ: පූසාගේ වයස වැඩි නම් හෝ බර අඩුවීමක් ඇත්නම්, අභ්‍යන්තර අවයව වල ක්‍රියාකාරිත්වය සහ වෙනත් වෛරස් රෝග (FeLV/FIV) ඇත්දැයි පරීක්ෂා කිරීමට රුධිර පරීක්ෂණ ද, කන අභ්‍යන්තරයේ ගැටළු සඳහා එක්ස්-රේ (X-rays) හෝ ස්කෑන් පරීක්ෂණ ද සිදු කරනු ලබයි.

+ ඔබ පශු වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කොයි අවස්තා වලද? (අවදානම් ලක්ෂණ)

පහත ලක්ෂණ ඔබේ පූසාගෙන් දිස්වන්නේ නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වේ:
- මෙම සිවියෙන් ඇසෙන් තුනෙන් එකකට වඩා වැසී ඇත්නම්.
- එක් ඇසක පමණක් මෙම තත්ත්වය දකින්නට ඇත්නම්.
- ඇසෙන් කබ ගැලීම, රතුවීම හෝ පූසා ආලෝකය දෙස බැලීමට අපහසුතාවක් දක්වයි නම්.
- පූසා නිතරම තම පයින් ඇස කසන්නේ නම් හෝ ඇස වසාගෙන සිටී නම්.
- වමනය, පාචනය, බර අඩුවීම හෝ අධික නිදිමත ගතියක් පෙන්වයි නම්.

ඔබේ පූසාගේ ඇසේ මෙවැනි වෙනසක් දුටුවහොත් එය කිසිවිටෙකත් "ඉබේම හරියාවි" යැයි සිතා නොසලකා හරින්න එපා. දිනකට හෝ දෙකකට වඩා මෙම තත්ත්වය පවතී නම්, වහාම ඔබේ පශු වෛද්‍යවරයා වෙත පූසාව රැගෙන ගොස් නිසි පරීක්ෂාවකට ලක් කිරීමෙන් ඔවුන්ගේ දෙනෙත් මෙන්ම සමස්ත සෞඛ්‍යයද ආරක්ෂා කරගත හැක.

08/09/2026

කිව්වට ලයිව් stream කරන්න බැරි උනා.. තාක්ෂණික ගැටලුවක්

05/09/2026

පූසන්ගේ එන්නත්කරණයේ වැදගත් කම.
Calicivirus මගින් ඇති කරන මුඛ රෝග Part 8

05/09/2026

පූසන්ගේ එන්නත්කරණයේ වැදගත් කම.
Calicivirus මගින් ඇති කරන මුඛ රෝග Part 6

05/09/2026

පූසන්ගේ එන්නත්කරණයේ වැදගත් කම.
Calicivirus මගින් ඇති කරන මුඛ රෝග Part 3

Address

Fujairah
0000

Alerts

Be the first to know and let us send you an email when SL Vetz Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Vetz Vlog:

Shortcuts

Share