23/08/2026
රුහුණුපුර සද්දන්ත සලකුණ කතරගම වාසනා මගුලැතු..🐘❤️
බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහර මංගල්‍යය දීර්ඝ කාලයක් තිස්සේ පැවැත එන්නකි. මිනිසුන්ට අමතර ව ඒවා සාර්ථක ව පැවැත්වීම සඳහා දායක වන ප්‍රධානත ම කොටස්කරුවන් ලෙස අලි ඇතුන් හැඳින්විය හැකි ය. පෙරහරක වැදගත් ම අංගය වන සධාතුක කරඬුව වැඩමවීමේ කාර්‍යය සිදු කරන්නේ අලිඇතුන් ය. කන්ද උඩරට ඇසළ පෙරහර, කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර, සපරගමු මහ සමන් දේවාලයේ පෙරහර වැනි පෙරහැරවල එම කාර්‍යය ඉටු කරන්නේ ඇතුන් ය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහර මංගල්‍ය සඳහා සිය දායකත්වය ලබාදෙන ඇතකු ලෙස වාසනා ඇතා හැඳින්විය හැකි ය. මෙම ඇතා අවස්ථා දෙකක දී පමණ ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වී තුවාල ලබා තිබීම ද කනගාටුදායක කරුණකි. එක් අවස්ථාවක බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුවත් සිය වගකීම් එලෙසින් ම ඉටු කළ වාසනා ඇතා ජනතාව ගේ නොමඳ ගෞරවයට ලක්ව සිටියි. මෙම ලිපිය සෙංකඩගල ඇසළ පෙරහර සමඟ අපට සිහි වන නැදුන්ගමුවේ රාජා ඇත්රජු හා සමාන වාසනා ඇතු පිළිබඳව යි.
උපත සහ කතරගම දේවාලයට ලැබීම
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැළෑ බද ප්‍රදේශයක අතරමං ව සිට සොයාගත් මෙම ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ දී එවකට අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර, රුහුණු මහා කතරගම දේවාලයට පූජා කොට ඇත. එතැන් පටන් අද දක්වා ම මෙම ඇතා රුහුණු මහා කතරගම දේවාලය භාරයේ සිටියි. ඉතා ආකර්ෂණීය මෙන් ම තේජන්විත පෙනුමකට හිමිකම් කියන වාසනා ඇතාගේ වයස මේ වන විට අවුරුදු 48 කි. උස අඩි 10ක් පමණ වේ.
වර්තමානයේ වාසනා ඇතා ගේ පාලකවරයා ලෙස කටයුතු කරන්නේ අජිත් අශෝක ලියනගේ වන අතර දැනට ඔහු වසර විස්සක පමණ කාලයක් ඇතා සමඟ කටයුතු කර තිබේ. ඔහුට පෙර ඔහුගේ පියා ද වාසනා ඇතා රැක බලා ගත් අතර වර්තමානයේ අජිත්ගේ පුතුන් ද වාසනා රැක බලා ගැනීමේ කටයුත්තට දායක වේ.
ඇතාගේ ගති ලක්ෂණ
මංගල කුලයට අයත් ඇතකු ලෙස සැලකෙන වාසනා, අලිඇතුන්ගේ බුද්ධිමත් බව යන ලක්ෂණයට කදි ම උදාහරණයක් වේ. සාමාන්‍යය සත්ත්වයකුට වඩා පැසුණු බුද්ධියකින් යුතු වාසනා ඇතා පුද්ගලයන් හා පරිසරයේ සිදුවන යම් යම් සිදුවීම් වටහා ගැනීමේ බුද්ධියෙන් යුතු වේ. අලි භාෂාව හැරුණු විට සාමාන්‍ය භාෂා ව්‍යවහාරය ද වාසනා ඇතාට ඉතා හොදින් හුරු වී තිබේ. උදාහරණයක් ලෙස ඇතාගේ පාලක අජිත් ඇතාට අවශ්‍ය තෙක් වතුර බොන ලෙස පවසන්නේ ‘Full Tank ගහන්න’ කියමිනි. එයින් පෙනෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඇතා ලැබූ පුහුණුව හා බුද්ධිමත්භාවයයි. යම්කිසි බියක් දැනෙන අවස්ථාවක ඒ පිළිබඳ ව සංඥාවක් ලබා දීම ද වාසනා ඇතාගේ සිරිතකි.
සුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ට වාසනා ඇතා වැඩි ඇල්මක් දක්වන අතර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ දී ඉතා කීකරු ව කටයුතු කරයි. මත්පැන් පානය කළ පුද්ගලයන් තමන් අසලට ළංවීම පිළිබඳ කිසිසේත් ම සතුටු නොවන බැවින් වාසනා ඇතා එවැනි අවස්ථාවල සොඬවැලෙන් ඇන හස්ති පාලකට ඒ බව පෙන්වා දෙයි.
වාසනා ඇතාගේ එක් දුර්වලතාවක් ලෙස සිය දළ යුගළ පිළිබඳ ප්‍රවේශම් නොවීම පෙන්වා දිය හැකි ය. වෙන ඇතුන්ගේ මෙන් නොව මෙම ඇතාගේ දළ ගෙවී යාම නිසා ස්ථිර කොපු සවිකර ඇති අතර මීට වසර කිහිපයකට පෙර මද කිපෙන කාල සීමාවේ දී වම් දළයේ අග කොටස කැඩී ගියේ ය. පෙරහරේ ගමන් කිරීමේ දී සිය හොඬවැල දළ අතර රඳවා ගෙන ගමන් කිරීම ද වාසනා ඇතාගේ තවත් විශේෂ ලක්ෂණයකි.
වාසනා ඇතාගේ මද කිපීමේ කාලය මාර්තු සිට ජුලි දක්වා මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් වන අතර සාමාන්‍යයෙන් ඇසළ පෙරහැර ආරම්භ වීමට සතියකට පමණ පෙර මද කිපීමේ කාලය අවසන් වේ.
තරුණ කාලය හා බිහිසුණු අත්දැකීම්
1989 මෙරට පැවති භීෂණකාරී වාතාවරණය යටතේ කැරලිකරුවන් කතරගම දේවාලයේ පෙරහර නොපවත්වන ලෙස නියෝග කර තිබිණි. එයට එක් හේතුවක් වූයේ එවකට එහි බස්නායක ධූරය දැරෑ තැනැත්තා දේශපාලන ක්‍රියාකාරියකු වීමයි. මෙම තර්ජන හමුවේ වුව ද අනාදිමත් කාලයක පටන් රාජකීය නියෝග මත පවත්වා ගෙන ආ දේවාලයේ මහ පෙරහර නැවැත්වීමට දේවාලයේ භාරකාරීත්වය කැමැති නොවූ බැවින් 1989 වසරේ දී ද සුපුරුදු පරිදි පෙරහැර පැවැත්විණි.
එවකට තරුණ වියේ පසු වූ වාසනා ඇතා දේවාභරණ වැඩමවීමේ රාජකාරිය ඉටු කළ අතර නොසිතූ අයුරින් 1989 ජුලි 18 වැනිදා පැවැත් වූ අවසන් මහා පෙරහරට කැරලිකරුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එම ප්‍රහාරයෙන් කතරගම දේවාලයේ ලේකම් පැල්වත්ත අදිකාරම්, ආලත්ති අම්මලා සහ පෙරහර නැරඹීමට පැමිණි පිරිසෙන් නව දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රහාරයෙන් වාසනා ඇතා ද තුවාල ලැබීය.
සිදු වු ව්‍යසනය හමුවේ ඇතාගේ පාලකවරයා ද තුවාල ලබා සිටි බැවින් වාසනා පිළිබඳ ව හෝ දේවාභරණ පිළිබද ව ජනතාවට අවධානයක් නොවූවත් වාසනා තමන්ගේ රාජකාරිය පිළිබඳ වටහා ගෙන සිටි නිසා ඔහු තුවාල සහිත ව ඉතා අපහසුවෙන් කොර ගසමින් වුවත් නැවැතත් දේවාලය කරා පැමිණි දේවාභරණ තැන්පත් කරන මණ්ඩපය වෙත ගොස් ඇත. ඒ වන විට එහි රැදී සිටි ප්‍රධාන කපු මහතා වූ සොමිපාල ටී. රත්නායක ඇතුළු කපුමහතුන් වහා ම දේවාභරණ දේවාලය වෙත වඩමවා ඇත. එතෙක් සියලු අපහසුකම් දරා ගෙන සිටි වාසනා ඇතා ඉන් අනතුරු ව ඇද වැටුණු අතර මාස තුනකට අධික කාලයක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරු ව වාසනා සුවය ලැබී ය.
නැවැත වරක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටින අතරතුර 18 වංගුව ප්‍රදේශයේ දී වාසනාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එම අවස්ථාවේ දී ද ඇතාගේ ගෙල ප්‍රදේශයට හානි වී තිබේ. මෙම හේතූන් නිසා වාසනා ඇතා රතිඤ්ඤා, මල්වෙඩි ආදියට බියක් දක්වන අතර සෙනඟ ගැවසෙන ඝෝෂාකාරී මෙන් ම කලබලකාරී ස්ථාන ද ප්‍රිය නොකරයි.
සංස්කෘතිකමය වශයෙන් වැදගත්කම
රුහුණු කතරගම මහා දේවාලයේ චාරිත්‍රවිධි අතර දේවාලයේ මංගල හස්තියා වන වාසනාට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. දින පහළොවක් පුරා පැවැත්වෙන ඇසළ පෙරහරත්, නොවැම්බර් මස පැවැත්වෙන ඉල්මහ පෙරහරත්, අප්‍රේල් මස පැවැත්වෙන අලුත් අවුරුදු පෙරහරත් යන පෙරහර මංගල්‍යන්හිදී කතරගම දෙවියන්ගේ දේවාභරණ වැඩමවීම වාසනා සතු වගකීමකි. වාසනා ඇතා ඇසළ මංගල්‍යයේ දින පහළොව ම නොකඩවා දේවාභරණ වැඩමවීම සිදු කරන අතර පෙරහර මංගල්‍යයේ සයවැනි දිනයේ දහවල් සිදු කෙරෙන අතු පන්දලම බැඳීම චාරිත්‍රය සඳහා කොළ අතු මිටි රැගෙන ඒමේ මූලිකත්වය ද දරයි. අතු පන්දලමට අතු තැන්පත් කිරීම ද වාසනාට පැවරී ඇති කාර්යයකි.
කතරගම දේවාලයේ පෙරහරේ මංගල හස්තියා වන වාසනා ඇතා සුවිශේෂී වන්නේ අනෙක් පෙරහරවලට වඩා එහි දක්නට ලැබෙන චාරිත්‍රවිධි වෙනස් වීම නිසා ය. එම පෙරහරේ දේවාභරණ භාරව ‘පෙරහර භාර කපුරාළ’ නමින් විශේෂ රාජකාරි හිමි කපු මහතකු ඇතුගේ පිට ගමන් කරන අතර එසේ ගමන් කරන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයකු ඇතකු පිට ගමන් කරනවාට වඩා වෙනස් ඉරියව්වකිනි. එනම් මුළු පෙරහර කාලය පුරාවට ම ඇතු පිට ඔහු ගමන් කරන්නේ දෙපා ඇතාගේ දකුණු පසට වන්නට දමාගෙන ය. මේ නිසා දේවාභරණ වඩමවන ඇතා මේ පිළිබඳ ව ද සැලකිලිමත් වෙමින් ගමන් කළ යුතු ය.
රාජකාරිය ආරම්භයට පෙර බුදුන්ට මල්මිටක්
පෙරහරේ දී ඇතා සම්පූර්ණයෙන් මල්මාලාවලින් සරසවයි. පෙරහර ගමන් කරන අතරතුර නඩත්තු පොළවල් නමින් හඳුන්වන විශේෂ ස්ථානවල පෙරහර මඳ වේලාවක් නතර කොට දේවාභරණ සහිත රන්සිවිගෙයට මල් පෙති ඉසීම, සුවඳ පැන් ඉසීම සිදු කරයි. පෙරහර අතරතුර දී වාසනා මේ කටයුතු පිළිබඳ ව සැලකිලිමත් වෙමින් ඉතා ම කීකරු ව පෙරහරේ ගමන් කරයි.
කතරගම මහා දේවාලයේ පෙරහර හැරුණු කොට රත්නපුර මහ සමන් දේවාල පෙරහර, ගැටබරුව, සීනිගම, කෝට්ටේ සහ කැලණිය ආදී ශ්‍රී ලංකාව පුරා පැවැත්වෙන සුප්‍රසිද්ධ පෙරහර මංගල්‍යයන්ට ද වාසනා ඇතා සහභාගී වේ. කුමන පෙරහරකට ගිය ද තමන්ගේ රාජකාරිය ආරම්භයට පෙර මල්මිටක් රැගෙන ගොස් සොඬය ඔසවා බුදුරජාණන් වහන්සේට හා දෙවිවරුන්ට වන්දනාමාන කිරීම මෙම ඇතාගේ චාරිත්‍රයක් වන අතර පෙරහර අවසානයේ දී ද ඒ අයුරින් ම වන්දනාමාන කරයි.
දළදා පෙරහර රාජකාරි
2005 වර්ෂයේ සිට වාසනා ඇතාට තවත් භාරදූර රාජකාරියක් පැවරණි. ඒ කන්ද උඩරට මහා මංගල්‍යය ලෙසින් ප්‍රචලිත ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කිරීමේ කාර්‍යයයි. දළඳා කරඩුව තැන්පත් කිරීමට ප්‍රථමයෙන් ඇඳුම් ඇඟලෑම සිදු කරන අවස්ථාවේ දී පවා ඇතා ඉතා කීකරු ව කටයුතු කරයි. දළඳා කරඬුව වැඩමවීමේ දී පාවඩ මත අතිශය ප්‍රවේශම් සහගත ව හා තැන්පත් ස්වභාවයකින් පියවර තබයි. වාසනා අවසාන මහා රන්දෝලි පෙරහරේ කරඩුව වැඩමවීම ද වාර ගණනාවක් ඉටු කර ඇති අතර අවසන් වරට 2019 වසරේ දී අවසන් මහා රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීම සිදු කර ඇත. කතරගම සිට මහනුවරට ලොරි රථයෙන් වාසනා රැගෙන ඒමට එක් දිනක් ගත වන අතර ඒ අතරතුර කොමඩු, බඩඉරිඟු ආදී සංග්‍රහ ද ජනතාව අතරමඟ දී ඔහුට ලබා දෙයි.
රන්සිවිගෙයක් තැන්පත් නොකොට පෙරහරවලට සහභාගි වන අවස්ථාවේ ඉතා සැහැල්ලුවෙන් වාසනා ඒ සඳහා සහභාගි වන අතර බෙර නාදයට නර්තනයන් ඉදිරිපත් කිරීමට ද වාසනා ඇතා දක්ෂයෙකි. වර්තමානයේ දළදා කරඬුව වැඩමවීමට සුදුසුකම් ඇති ඇතුන් අතරින් අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික හස්තියා වන්නේ ද වාසනාය.
The Kataragama Wasanā the Majestic Tusker..🐘❤️
The perahera festival, which is a main element of Buddhist culture, has continued for a long time. Apart from people, elephants can be described as the most important contributors for conducting them successfully. It is elephants that perform the most important segment of a perahera — carrying the Sacred Relic Casket. It is elephants that carry out this duty in peraheras such as the Kandy Esala Perahera, the annual Kataragama Devalaya Perahera, and the Sabaragamuwa Maha Saman Devalaya Perahera.
Wasanā the elephant can be described as an elephant that contributes to perahera festivals held in various parts of the island. It is also sad that this elephant has been a victim of terrorist attacks on two occasions and has been injured. Even after being hit by a bomb blast on one occasion, Vasanā carried out his duties just the same, and he receives immense respect from the people. This article is about wasanā the elephant, who is comparable to Nadungamuwe Raja the tusker whom we remember in connection with the Kandy Esala Perahera.
Birth and being gifted to the Kataragama Devalaya
This baby elephant, who was found lost in a forested area in the Anuradhapura District, was taken to the Pinnawala Elephant Orphanage. Then in 1978, the then Minister Vimala Kannangara donated him to the Ruhunu Maha Kataragama Devalaya. From then until today, this elephant has been under the care of the Ruhunu Maha Kataragama Devalaya. Vasanā the elephant, who has a very attractive and majestic appearance, is 48 years old now. He is about 10 feet tall.
At present, Ajith Ashoka Liyanage serves as Vasanā’s mahout, and he has been working with the elephant for about twenty years. Before him, his father also looked after Vasanā, and at present Ajith’s sons also contribute to caring for Vasanā.
The elephant’s characteristics
Vasanā, considered to be an elephant of the _Mangala_ lineage, is a prime example of the intelligence of elephants. Vasanā has a more mature intelligence than an ordinary animal, and he has the intelligence to understand certain things that happen with people and the environment. Apart from elephant language, Vasanā is also very familiar with normal human language use. For example, when the mahout Ajith tells the elephant to drink water when he needs to, he says “Full Tank gahanna”. That shows the training the elephant has received over a long period and his intelligence. Giving a signal when he senses some kind of fear is also Vasanā’s habit.
Vasanā shows greater affection toward people dressed in white, and he behaves very obediently in the presence of Buddhist monks. Because he is not at all happy about people who have consumed alcohol coming close to him, Vasanā pokes them with his trunk and shows that to his mahout in such situations.
One weakness of Vasanā can be pointed out as his carelessness about his pair of tusks. Unlike other elephants, because this elephant’s tusks were worn down, permanent caps have been fitted, and a few years ago during musth the tip of the left tusk broke off. Another special characteristic of Vasanā is walking with his trunk kept between his tusks while moving in the perahera.
Vasanā’s musth period is about three to four months from March to July, and usually the musth period ends about a week before the Esala Perahera begins.
*Youth and terrible experiences*
In 1989, under the fearful situation in the country, insurgents ordered that the Kataragama Devalaya perahera should not be held. One reason for that was that the person holding the Basnayake Nilame post at the time was a political activist. Despite these threats, the Devalaya trustees were not willing to stop the temple’s Maha Perahera, which had been held from time immemorial by royal decree, so the perahera was held as usual in 1989.
Vasanā, who was in his youth at the time, performed the duty of carrying the temple regalia. Unexpectedly, on July 18, 1989, insurgents launched a bomb attack on the final Grand Perahera that was held. In that attack, Pelwatta Adikaram, the Secretary of the Kataragama Devalaya, the Aalaththi Ammala, and about nine members of the public who had come to watch the perahera lost their lives, and Vasanā was also injured in the attack.
Amid the disaster that occurred, the people had no attention for Vasanā or for the regalia because the elephant’s mahout was also injured. But because Vasanā understood his duty, even though he was injured and limping with great difficulty, he went back to the pavilion where the regalia are placed at the Devalaya. By then, the Chief Kapu Mahaththaya, Somipala T. Ratnayake, and the other kapu mahaththayas who were there immediately took the regalia to the Devalaya. After that, Vasanā, who had borne all the difficulties until then, collapsed, and after receiving treatment for more than three months, Vasanā recovered.
On another occasion, while returning after participating in the Kandy Sri Dalada Maligawa Perahera, Vasanā was shot at in the 18 Bend area, and on that occasion too the elephant’s neck area was damaged. Because of these reasons, Vasanā is afraid of firecrackers, fireworks, etc., and he also does not like noisy and chaotic places where crowds gather.
*Cultural importance*
Among the rituals of the Ruhunu Kataragama Maha Devalaya, Vasanā, the temple’s auspicious elephant, holds a special place. Carrying the deity Kataragama’s regalia during the Esala Perahera held for fifteen days, the Il Maha Perahera held in November, and the Aluth Avurudu Perahera held in April, are Vasanā’s responsibility. Vasanā carries the regalia continuously for all fifteen days of the Esala festival, and he also takes the lead in bringing bundles of leaves for the _Athu Pandalama_ binding ritual that is performed on the afternoon of the sixth day of the perahera festival. Placing the leaves for the Athu Pandalama is also a task assigned to Vasanā.
Vasanā the elephant, the auspicious tusker of the Kataragama Devalaya Perahera, is special because the rituals seen there are different from other peraheras. In that perahera, a special duty-holding kapu mahaththaya called “Perahera Bhara Kapurala” travels on the elephant’s back in charge of the regalia, and he travels in a posture different from how a normal person rides an elephant. That is, throughout the entire perahera he rides with both legs placed on the elephant’s right side. Because of this, the elephant carrying the regalia must also travel carefully with regard to this.
*A bunch of flowers to the Buddha before starting duty*
During the perahera the elephant is completely decorated with garlands. While the perahera is moving, at special places called _naduththu pol_ the perahera stops for a short time and flower petals are sprinkled and scented water is sprinkled on the golden palanquin containing the regalia. During the perahera, Vasanā travels in the perahera very obediently, being mindful of these duties.
Apart from the Kataragama Maha Devalaya Perahera, Vasanā the elephant also participates in the famous perahera festivals held across Sri Lanka such as the Ratnapura Maha Saman Devalaya Perahera, Getabarawa, Sinigama, Kotte, and Kelaniya. No matter which perahera he goes to, it is a custom of this elephant to take a bunch of flowers and raise his trunk in veneration to the Buddha and the deities before starting his duty, and he also venerates in the same way at the end of the perahera.
*Dalada Perahera duties*
From the year 2005, another heavy responsibility was assigned to Vasanā. That was carrying the Sacred Tooth Relic Casket at the Kandy Esala Perahera festival, known as the Great Festival of the Hill Country. Even when the dressing of the casket is done before the Tooth Relic Casket is placed, the elephant behaves very obediently. When carrying the Tooth Relic Casket he places his steps very carefully and with a composed manner on the carpets. Vasanā has carried out the carrying of the casket in the final Grand Randoli Perahera on many occasions, and the last time he carried the casket in the final Grand Randoli Perahera was in 2019. It takes one day to bring Vasanā from Kataragama to Kandy by lorry, and during that time the public give him treats like watermelon and corn on the way.
When participating in peraheras without a golden palanquin placed, Vasanā participates very lightly, and Vasanā the elephant is also skilled at performing dances to the beat of drums. Among the elephants qualified to carry the Dalada Casket at present, Vasanā is the Sri Lankan tusker with the most experience.🐘😍
📸 Credit goes to first owner
fans හස්ති තොරතුරු Elephants Infomation