Meow n Bark

Meow n Bark Meow n Bark Animal Clinic provides a caring, professional service for your pets.

We offer exceptional treatment and advice on all aspects of your pet’s and farm animals that are necessary to provide the best possible care for them.

05/02/2026

අවුරුදු 24ක් කන්න දීපු මනුස්සයාට අලුත් සභාපතිගෙන් තහනමක්. . . සතියක් තිස්සේ බඩගින්නේ බලන් ඉන්න මේ සත්තුන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද 💔

නාරාහේන්පිට, කිරුළපන සහ නාවල ප්‍රදේශයේ අසරණ වීදි සතුන් වෙනුවෙන් වසර 24ක් තිස්සේ නිහඬ සේවයක් කළ දීපාල් විජේවීර මහතාට සිදුව ඇති බලවත් අසාධාරණය ගැනයි මේ කියන්නේ.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට (SLLRDC) අයත් කිරිමණ්ඩල මාවතේ භූමියක සිටින සුනඛයින් 12 දෙනෙකුට දීපාල් මහතා වසර ගණනාවක් තිස්සේ ආහාර ලබා දුන්නා. ඔහු ඉතා වගකීමෙන්, සතුන් වන්ධ්‍යාකරණය කර, එන්නත් කර, කෑම දුන් පසු පිරිසිදු කර යන්න කටයුතු කළා.

නමුත් SLLRDC ආයතනයේ ආරක්ෂක අංශ සහ පාලනාධිකාරිය මීට පෙර මෙය තහනම් කළා. පසුව සත්ව සංවිධානයක ඉල්ලීම මත අවසර ලැබුණත්, දැන් පත් වී සිටින නව සභාපතිවරයා සහ ආරක්ෂක අංශ නැවතත් මේ සතුන්ට කෑම දීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මේ අමනෝඥ තීරණය නිසා පහුගිය සතිය පුරාම මේ අහිංසක සතුන් 12 දෙනා එකම කෑම වේලක්වත් නැතුව මහා බඩගින්නක පසුවෙනවා. තමන්ට කන්න දෙන මනුස්සයා එනකම් මඟ බලන් ඉන්න මේ සතුන්ව බඩගින්නේ මරවන්නද මේ හදන්නේ? 🛑😢

සතුන්ගේ බඩගින්න එක්ක සෙල්ලම් කරන මේ අමානුෂික තීරණය වහාම හකුලා ගන්නා ලෙස බලධාරීන්ට බල කරන්න. දීපාල් මහතාට නැවත මේ සතුන්ට කෑම දෙන්න අවසර ලබා දිය යුතුයි.

මේ අසාධාරණය වෙනුවෙන් හඬක් නගන්න.

📍 ස්ථානය: කිරිමණ්ඩල මාවත, SLLRDC භූමිය

දීපාල් මහතා සම්බන්ද කරගැනීමට: +94 72 715 8368

(ලැබුණු පණිවිඩයකි)
උපුටාගැනීමක්...

22/01/2026

Address

87/25, Ragama Road, Elapitiwala
Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Meow n Bark posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category