08/06/2026
#නාරක්වුන_පොල්ගෙඩියෙන්_ආපු_මාරයා.
🐕ග්ලෝරි කියන්නෙ ලස්සන දගකාර රොට් බබෙක්. වෙනදා වගේම ග්ලෝරි බබා මිදුල පුරා සෙල්ලම් කර කර හිටියා. එයා එක එක දේවල් එක්ක සෙල්ලම් කරා. මිදුලේ තියෙන කෝටු කෑලි, දර කෑලි, පොඩි ගල් කැට, මේවත් එක්ක සෙල්ලම් කර කර හිටපු ග්ලෝරි බබාට නරක්වුන පොල් කෝම්බයක් හම්බුනා. එයා ඒකත් ටිකක් හපලා බැලුවා. වෙනම රසක් ආපු නිසා එයා ඒක දිගටම හපන්න ගත්තා.
ටිකක් වෙලා යනකොට එයාට බඩ පොඩ්ඩක් අප්සෙට් වගේ දැනුනා. ග්ලෝරි බබා වමනේ කරන්න පටන් ගත්තා. ග්ලෝරි බබාගේ අම්මා බැලුවා මොකද මේ වමනේ කරන්නේ එකපාරටම හොඳට හිටපු ග්ලෝරි බබා කියලා. ඊට පස්සේ එයා බැලුවා බලනකොට දැක්කා මේ නරක්වුන පොල් කෝම්බය පැත්තක තියෙනවා. ග්ලෝරි බබා ඒක හපලා කියලා අම්මට තේරුණා. අම්මත් ඉතින් වමනෙත් ගියානේ දැන් ඉතින් මේක හපපු ටික යන්න ඇති කියලා හිතුවා.
හැබැයි ග්ලෝරි බබා ටිකක් වෙලා ගියාම ආයෙත් වමනේ කරන්න පටන් ගත්තා. මේ විදිහට කීප පාරක් ග්ලෝරි බබා උදේ ඉඳන් හවස් වෙනකන් වමනේ කරපු නිසා ග්ලෝරි බබාගේ අයියා හොඳටම බය වුණා. ඊට පස්සේ ග්ලෝරි බබාගේ අම්මයි, අයියයි එයාව ත්‍රී වීලර් එක දාගෙන AyRo Veterinary Clinic එකට අරන් ආවා.
ත්‍රී වීල් එකේ එන ගමන් එයාට අපස්මාර තත්ත්වයක් ඇති වුණා. ග්ලෝරි බබාගේ අයියා හොඳටම බය උනා. එයා ඉක්මනට clinic එකට ඇවිත් එයාගෙ ග්ලෝරි බබාට ගොඩක් අමාරුයි කියල මට කීවා. මම ඒ වෙනකොට grass cutter එකකට අත අහුවුණ කලු බබාගෙ මැහුම් දාල ඉවර උනා විතරයි. තව බව් බබෙක් පෝලිමේ හිටියත් ග්ලෝරි බබාව ඉක්මනට අරන් සේලයින් එකක් සෙට් කලා. මට පෙනුනා මොනාහරි විෂවීමක් වෙලා තියෙනවා කියල. මොනාහරි අමුතු දෙයක් කෑවද කියලා අහනකොට තමා ග්ලෝරි බබාගේ අම්මා කිව්වේ නරක්වුන පොල්ගෙඩියක් හප හප හිටියා කියලා. ඊට පස්සේ සේලයින් දීලා, බෙහෙත් වර්ග ගොඩක් දීලා, ගොඩක් ප්‍රතිකාර කරගෙන ගියත් ග්ලෝරි බබා එච්චරම සුව අතට පැමිණියේ නැහැ. ග්ලෝරි බබාගේ අම්මයි, අයියයි හොඳටම දුකෙන් හිටියා. තවත් මේ ගැන හොයලා බලලා ඒගොල්ලන්ට උපදෙස් දුන්නා, නරක්වුන පොල්ගෙඩියේ තියෙන මයිකොටොක්සින් කියන විෂ වර්ගය පොඩි ප්‍රමාණයක් ශරීරගත වුණත් ලොකු අමාරු තත්ත්වයක් ග්ලෝරි බබා වගේ බව්වන්ට එන්න පුළුවන් කියලා. බෙහෙත් ඔක්කොම කරලා, ගෙදරදි පොවන්නත් බෙහෙත් දීලා, ග්ලෝරි බබාව ගෙදර යැව්වා.
හැබැයි ග්ලෝරි බබා එදා රැයින් පස්සේ උදේ පහන් වෙනකන් විතරයි එයා ජීවත් වුණේ. ඊළඟ දවසට අවදි වෙන්න බැරි වුණා.😓😓😓😓😓😓😓😓
පොල්ගෙඩියෙන් ආපු මාරයා එයාව සදහටම අම්මගිනුයි අයියගෙනුයි ඈත් කරගෙන ගියා.😥
ඉතින් ඔයාලත් නරක්වුන පොල් කෝම්බ, නරක්වුන එළවලු, පළතුරු වගේ දේවල් ඔයාලගේ බව්වන්ට පේන තැන්වල, එයාලට ඒවා ගන්න පුළුවන් තැන්වල තියන්න එපා. මොකද මයිකොටොක්සින් කියන මේ දිලීර විෂ වර්ගය ඉතා සුළු ප්‍රමාණයක් ශරීරගත වුණත් මාරාන්තික වෙන්න පුළුවන්.
⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
ඒක නිසා මේ වගේ දෙයක් හපලා කියලා තේරුනොත් ඉතා ඉක්මනින් පශු වෛද්‍ය සහාය පැතුවේ නැත්නම් ඔයාලගේ බව්වා සුව කරගන්න බැරි වෙනවා. ඉතින් මේ දේ ඔයාලට අලුත් දෙයක් කියලා මම හිතනවා.
💉 මේ වගේ බව්වන්ගේ සෞඛ්‍ය ගැන දැනගන්න දිගටම AyRo Vet clinic page එකත් එක්ක රැඳිලා ඉන්න.
✍️Dr.Prashashini Fernando
AyRo Veterinary Clinic