31/05/2023
අද අපේ ගමනාන්තය වුනේ පෙට්ටියක් හැඩය තියෙන කඳු මුදුන කියන අදහසින් පෙට්ටිගල කියලා නම් ලැබුණු අපූරු කන්දක්..ඇත්තටම මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන තෙල්දෙණිය ආසන්නයේ බඹරගල ඓතිහාසික විහාරයට පිටුපසින් තියෙන 760M විතර උසින් යුතු කන්දක් තමයි පෙට්ටිගල කියන්නෙ.පැයක් වගේ ඇතුලත කන්ද මුදුනට යන්න පුළුවන් වගේම කන්ද මුදුනෙදි අංශ 360ක දර්ශනයක් දැක බලා ගන්නත් පුළුවන් කම තියෙන එක තමා විශේෂත්වය .මේ ස්ථානයට යන්න නුවර අම්පාර මාර්ගයෙ ඇවිත් දිගන හන්දියෙන් හැරිලා 5km වගේ ආවම පන්සලට යන් පාර සඳහන් කළ පුවරුවක් තියනවා..ඒ පාරෙ ගිහින් ලේසියෙන්ම පන්සලට ය්න් පුළුවන් ..බස් එකක එන කෙනෙක් වුනත් දිගන ඉඳලා බස් එකේ ඇවිත් ඉතිරි ටික නම් ත්‍රිරෝද රථයක වගේ ගමන් කරන්න වෙනවා පොදු ප්‍රවාහන සේවයක් පන්සල ළගටම නැති නිසා...කොහොම වුනත් ඔයාලා ඉහළට යද්දි වතුර ටිකක් වැඩිපුර අරන් යන්නත් අමතක කරන්න එපා මොකද උඩ වතුර ගන්න තැනක් හම්බෙන්නෙ නෑ ..ඉතිං ඔයාලා යනවා නම් මතක ඇතුව ගෙනියන හැම දෙයක්ම ආපහු අරගෙන එන්නත් අමතක කරන්න එපා..මොකද අපේ රට ආරක්ෂා කර ගන්න එක අපි හැමෝගෙම යුතුකමක් ..
අද අපේ ගමනාන්තය වුනේ පෙට්ටියක් හැඩය තියෙන කඳු මුදුන කියන අදහසින් පෙට්ටිගල කියලා නම් ලැබුණු අපූරු කන්දක්..ඇත්තටම .....