Nilan Quail Farm

Nilan Quail Farm Never Give Up…! 🛡️🔥
(කවදාවත් අතඅරින්න එපා)

Nilan Farm & Fresh Egg- The Kingdom 🏰👑
Quality & Poultry 🐣✨

Watsapp-0768209097
Coming soon…!
(1)

01/06/2026

ගොවිපලක් කරන හැම කෙනෙකුගේම ජීවිතය ඒකාරී වුණාට, මට එහෙම නැහැ මචංලා... 😎✨
හැම දවසක්ම අලුත් අලුත් දේවල්, අලුත් ජීවිත එක්ක පුදුමාකාර සතුටකින් ගෙවෙන්නේ. 🐥❤️
උදේ දාපු OEG මාස 1 පැටව් 4 දෙනාගේ පෝස්ට් එක දකින්න ඇතිනේ. උන්ව දෙන්නේ අපේ ෆාම් එකේ ඉඩ කළමනාකරණය කරගන්න ඕන නිසා.
මෙන්න බලන්න, අද දවසත් අලුත් බලාපොරොත්තු 9ක් එක්ක (අලුතින් ආපු පුංචි වටු පැටව්) මේ විදිහට ලස්සනට ගෙවුණා! 🥚

සුදු පැහැති සුන්දරත්වයෙන් ඔබේ ගෙවත්ත හැඩකරන්න ආසද? 😍✨ලස්සන වගේම ඉතාමත් සුරතල් Original Bantam (OEG) මාස එකක වයසැති සුදු ...
01/06/2026

සුදු පැහැති සුන්දරත්වයෙන් ඔබේ ගෙවත්ත හැඩකරන්න ආසද? 😍✨

ලස්සන වගේම ඉතාමත් සුරතල් Original Bantam (OEG) මාස එකක වයසැති සුදු පාට පැටවුන් 4 දෙනෙකු විකිණීමට ඇත. 🐥🤍

පිරිමි සතුන්: 1 🐓
ගැහැණු සතුන්: 3 🐓
සම්පූර්ණ මිල (4 දෙනාම): රුපියල් 3,000/- පමණි.💸

සතුන් නිරෝගීව, හොඳම තත්ත්වයෙන් වර්ධනය වී ඇත. ඉතා ඉක්මනින් විකිණීමට ඇති බැවින් උනන්දුවක් දක්වන මහත්මයෙක් සෘජුවම අපේ පේජ් එකට පණිවිඩයක් (Inbox Message) එවන්න, නැතහොත් WhatsApp මඟින් සම්බන්ධ වන්න. 📲✨

📌 ස්ථානය: බද්දේගම
📍 Nilan Farm & Fresh Eggs - විශ්වාසනීය සත්ව පාලනය!

31/05/2026

ඇයි එකම වයසේ පැටව් වුණත් කළු අයට වඩා දුඹුරු අයගෙ ඉක්මනට පිහාටු එන්නේ? 🤔🧬

මේක කිසිම ලෙඩක් නෙවෙයි මචංලා.. ❤️
ඔයාලට හිතෙන්නෙ නැද්ද මේක සත්තුන්ගේ ස්ත්‍රී/පුරුෂ භාවය (Gender) නිසා වෙනවා කියලා?

ගැහැනු සතුන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය කුඩා කාලයේදී ඉතාමත් වේගවත්. නමුත් මාස 2න් විතර පස්සේ පිරිමි සතාගේ හෝමෝන මාරම වේගයෙන් වර්ධනය වෙන්න ගන්නවා.
මචං මට නම් හිතෙන්නෙම බ්‍රාහ්ම (Brahma) පැටවුන්ව සති 3න් වුණත් ඔය දේවල් එක්ක හොයාගන්න පුළුවන් කියලා.

අනික මචං,අදහස් වෙනස්, බ්‍රාහ්මලා බිත්තර වලට හොරයිලු. හැබැයි පොර කිකිළියන් තරම් නම් හොර නැහැ. මගේ බ්‍රාහ්ම මුල් මුරේ බිත්තර 28ක් දැම්මා! එක දිගටම දැම්මෙ නැති වුනාට බිත්තර සයිස් හොදයි..,රහස් තමයි ඉතින්..ඉවසන්න..

සත්තු ඇති කරන ඔයාලත් මේ වගේ වෙනස්කම් ඔයාලගේ පැටවුන්ගෙන් දැකලා තියෙනවාද? ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් දාගෙන යමු මචංලා! 👇✨

31/05/2026

මචංලා.. අපේ පේජ් එකට අද උදේ වෙද්දීම දවසේ විව්ස් 3,000 සීමාව පන්නලා දීපු හැම සැබෑ බොක්කකටම පපුවෙන්ම ස්තූතියි! ❤️

🛡️මචංලා…
අද උදේ මට පොඩි අතපසුවීමක් වුණා. මම මේ වීඩියෝ එක දාපු ගමන් ඉක්මනින්ම ගෘප්ස් කිහිපයකට එකදිගටම ශෙයාර් කරන්න ගිය නිසා ෆේස්බුක් සිස්ටම් එකෙන් මේකේ රීච් එක හිර කළා. මම කාටවත් බොරු කරන්නේ නැති නිසා, ඒ වැරැද්ද පිළිඅරගෙනම මම ඒ වීඩියෝ එක අයින් කරලා, ඔන්න ආයෙත් ඔයාලා වෙනුවෙන් දැම්මා මචංලා. 💡❌ ඔයාලත් පේජ් කරනවා නම් ඒ වගේ වැරදි කරන්න එපා.

මම මේ වීඩියෝ එකෙන් මගේ අත්දැකීමෙන්ම කියන්න හැදුවේ, දැනට මගේ ළඟ ඉන්න අලුත්ම පැටවු 10 දෙනා සහ මගේ ඕජී බැන්ටම් (OG Bantam) මව් සතුන් 7 දෙනා ගැන. 🐣

✨ මම මගේ සත්තුන්ට නිකරුණේ වෙළඳපොළේ තියෙන කෘත්‍රිම විටමින් වර්ග දෙන්නේ නැහැ මචංලා. කවුරුවත් අපිට කියලා දීලා නැහැනේ මේ පවතින දේශගුණයට සත්තුන්ව ස්වභාවිකව හැඩගස්සවන්නේ කොහොමද කියලා. 🌾⚙️

මචං.. කිසිම දෙමාපියෙක් තමන්ගෙ රත්තරං දරුවන්ට අසාමාන්‍ය විදියට “බෙහෙත්” පොවන්නේ නැහැනේ. මචං මේ ඉන්නෙත් දරුවෝ බන්.. අපිට මෙයාලා කුකුළු පැටවු වුණාට, මව් සතුන්ට මෙයාලා දරුවෝ! 🥺❤️

ඔයාලා දන්නවාද බීකෝ (Vitamin-B) කෘත්‍රිමව දෙනවට වඩා, අපේ ගෙවත්තෙම ස්වභාවිකව හැදෙන "වල් ඉන්නල" ශාකය සත්තුන්ට දෙන එකේ වටිනාකම? මම මගේ ඕජී මව් සතුන් ටික ලෙඩක් දුකක් නැතුව අදටත් ඉතාමත් නීරෝගීව හදාගත්තේ ඔය වල් ඉන්නල රහසින් මචංලා. 🌿🧪
මම බොරු කියනවා නම් ඕනෑම වෙලාවක අපේ ගොවිපලට ඇවිත් බලන්න. මගේ ගමේ සහ ළඟ ගම්වල ඉන්න මගේ සැබෑ බොක්කු ඔක්කොම එන්න, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා! 🤝❤️

Never Give Up! ⚔️🛡️👑

ඔයාලත් ගෙවත්තේ තියෙන වල් ඉන්නල ශාකය සත්තුන්ට දීලා තියෙනවාද? පල්ලෙහායින් කමෙන්ට් කරන් යමු බොක්කවල් ටික! 👇👇

30/05/2026

මචංලා.. මතක ඇතිනේ මම දවල් දැම්මා මාස දෙකක වර්ධනයක් ගන්න හැටි කිවුවා..මට තිබුණා මුලින්ම මාසෙ පැටියා පෙන්වන්න. දැන් බලන්න නියම වර්ධනය පේන්නෙ මේ විදියට දැමිම නිසයි. 🐓📈

හැබැයි එක දෙයක්, සතුන්ට නිකරුණේ විටමින් වර්ග සහ බෙහෙත් දුන්නට වැඩක් නෑ මචංලා. ඒකෙන් වෙන්නෙ ලෙඩක් හැදුනම ඔරොත්තු දෙන එක අඩු වෙන එකයි.
මොකද සතා බෙහෙත් වලට හුරු වුණාම ඊටපස්සේ ලෙඩක් හැදුණාම ලෙහෙසියෙන් බේරගන්න බෑ. ඒ නිසා මම කලින් වීඩියෝ එකේ කියපු පිළිවෙල හැමදාම මතක තියා ගන්න. 🌾⚙️
මම මොකටද ඔයාලට බොරැ කියන්නෙ? මම මොකටද එහෙම කරන්නේ? මම හැමදාම ඔයාලත් එක්ක ඇත්ත කතා කරන්නේ බොක්කෙන්මයි.
මෙහෙම හිතන්න, ඔයත් මම වගේම පොඩි රස්සාවක් කරන ගමන් මේ වගේ සතුන් හදන කෙනෙක් වෙන්න ඇති. ඔයා සතාව හැමතිස්සෙම බෙහෙත් වලටම හුරු කරලා තිබුණොත්, දවසක ඔයාගෙ අතේ සතයක් වත් නැති වෙලාවක් වුනොත් සත්තු ටික ඉවරයි. හැබැයි බෙහෙත් නැතුව හුරු කළොත්, අතේ සල්ලි නැති වෙලාවට අර මම කියපු කුරුඳු තෙල්, උණු වතුර, ඉඟුරු වගේ දේවල් වලින් පට්ට ගේමක් ගහන්න පුළුවන් මචංලා! 💡🛡️🔥
හොඳින් හිතන්න.. පේනවනේ මේ වීඩියෝ එකේ ඉන්න පැටියට තාම මාස 1යි දින 8ක් විතරයි මචංලා. ඒ වුණාට වර්ධනය බලන්න. මේ දේවල් දැන්ම ඉඳන්ම ඔයාලගේ සත්තුන්ටත් කරන්න.ඕවා කවුරුත් ඔයාලට මේ විදිහට කියන්නේ නෑ. හැබැයි මම හැමදාම ඔයාලා වෙනුවෙන් ඇත්තම කියනවා. එක දෙයක්,මේ දේවල් වලින් ජීවිතේට දෙයක් ගන්න.එචිචරයි වෙන්න ඕන..!💎🚀

Never Give Up! ⚔️🛡️👑

30/05/2026

ඊයේ අපේ වීඩියෝ එක බලලා, අද උදේ වෙද්දී 500ට වඩා Views දීලා සෙට් වෙච්ච හැම බොක්කකටම ගොඩක් ස්තූතියි මචංලා! ❤️
🛡️ උඹලා දෙන ගැම්ම තමයි මාව තවත් ඉස්සරහට තල්ලු කරන්නේ.

මචංලා.. අද මම කතා කරන්නේ බ්‍රාහ්ම ගැන නෙවෙයි. මතකද අපේ මුල්ම ගම් පැටවු 8 දෙනා? 🐓 උබලත් කැමතිද මේ වගේ මාස 2යි දවස් 15න් ගම් කුකුළු පැටවුන්ව ඉතාමත් වේගයෙන් වර්ධනය (Fast Growth) කර ගන්න? ඒකට කරන්න ඕනේ මහා ලොකු දේවල් නෙවෙයි, මෙන්න මේ පොඩි ප්‍රායෝගික දේවල් ටිකක් තියෙන්නේ, මම ඒ ටික ඔයාලට කියන්නම්. 🌾⚙️
මේ කාලය ඇතුළත උන්ගේ ඇත්තම වර්ධනය (Actual Growth) ගන්න නම්, බල්බ් දාලා රත් කරනවට වඩා මගේම සැබෑ අත්දැකීමෙන් හොයාගත්ත සාර්ථකම ක්‍රමයක් තමයි "කුරුඳු තෙල්" කියන්නේ! මහ ගොඩක් ඕනේ නැහැ, පොඩි කුප්පියක් තිබුණොත් ඇති. උන්ගේ ඇඟ ඇතුළෙන්ම ස්වභාවිකව උෂ්ණත්වය හැදිලා ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙනවා. 💡❌🔥
ඒ වගේම උන්ගේ ඇටකටු ශක්තිමත් වෙලා, දැවැන්ත වර්ධනයක් ගන්න නම් නිවැරදි පෝෂණය දෙන එක 100%ක්ම අනිවාර්යයි. මම මගේ පැටවුන්ට මේ කාලේදී දෙන්නේ චික් බූස්ටර් (Chick Booster) හෝ ස්ටාටර් (Chick Starter) කෑම වර්ග. ඒ එක්කම උන්ගේ ප්‍රතිශක්තිකරණය තවත් වැඩි වෙන්න වතුරට මල්ටි-විටමින් (Multi-Vitamin) බින්දු කිහිපයක් එකතු කරනවා. 🧪🐓
මම මේ දේවල් ඔයාලට කියන්නේ මගේම සැබෑ අත්දැකීමෙන් සහ බොක්කෙන්මයි. අනුන් කරන දේ ඒ විදිහටම කොපි කරන්නේ නැතුව, තමන්ගේම දේ තමන්ගෙ අත්දැකීම් එක්ක කරගෙන යද්දී ලැබෙන සතුට වෙනස්ම එකක් මචංලා. එක දෙයක් අවංක කම තිබිනමි ඔයා වැඩිඩෙක්! 💎🚀

Never Give Up! ⚔️🛡️👑
ඔයාලගේ ගම් කුකුළු පැටවුන්ගේ වර්ධනය සහ ඔයාලගේ අත්දැකීම් පල්ලෙහායින් කමෙන්ට් කරන් යමු බොක්කවල් ටික! 👇👇

29/05/2026

බිත්තර කටුවෙන් එළියට ආපු දවසේ ඉඳන් දවස් 10ක් කියන්නේ බ්‍රාහ්ම (Brahma) පැටියෙක්ගේ ජීවිතයේ මාරම අවදානම් සහිතම කාලය මචංලා! 🐣⚠️🛡️

ලෝකයේ ඉන්න දැවැන්තම සහ සුන්දරම කුකුළු වර්ගයක් වුණත්, මේ මුල් දවස් 10 ඇතුළත උන්ව නිරෝගීව රැකගන්න එක ලේසි නැහැ. උන්ගේ ප්‍රතිශක්තිකරණය සහ ශක්තිමත් වර්ධනය (Growth) වෙනුවෙන් නිවසේදීම ඉතාම සරලව කල හැකි ප්‍රායෝගික සත්කාර කිහිපයක් එකතු කරගන්න පුළුවන්. 🌾⚙️

පැටියා කටුවෙන් එළියට පැමිණි පසුවත් ඉදිරියට දින 3ක් හෝ 4ක් යනතුරු විශේෂ අවධානයක් තැබීම ඉතාම සුදුසුයි. විශේෂයෙන්ම මුල් දින 7 ඇතුළත මේ පැටවුන්ගේ ශරීරය ඉතා ඉක්මනින් වර්ධනය වන නිසා, ඒ කාලයේදී ශරීරයේ පිහාටු වර්ධනය වීම තරමක් අඩාල ස්වභාවයක් ගන්නවා. ඒ වගේම බොහෝ දෙනෙක් හිතුවාට පැටවුන්ට ග්ලුකෝස් දීම අනිවාර්ය නැහැ, හැබැයි නිවැරදි උණුසුම (Brooding Temperature) ලබාදීම නම් 100%ක්ම අනිවාර්ය වෙනවා! 💡🔥

ලෙඩක් හැදුණට පස්සේ දඟලනවාට වඩා, කලින්ම ආරක්ෂා කරගන්න "ගනා ඩෙක්සිල්" (Gana Dexil) බින්දුවක් වුණත් ඇති මචංලා. ඒ වගේම නිවා ගත් උණු වතුර..මම මේ දේවල් මගේම සැබෑ අත්දැකීමෙන් සහ බොක්කෙන්මයි ඔයාලට කියන්නේ. මටත් මේ වැරදීම සිද්ධ වෙලා මගේ වටිනා පැටව් 6 දෙනෙක්ම නැති වුණා. ඒ නිසා මේ වැරැද්ද ඔයාලා කාටවත් වෙන්න දෙන්න එපා! 💎🚀

අනුන් කරන දේ ඒ විදිහටම කොපි කරන්නේ නැතුව, තමන්ගේම දේ තමන්ගෙ අත්දැකීම් සහ මෙවැනි නිවැරදි සත්කාරයන් පියවරෙන් පියවර උපයෝගී කරගෙන ස්ථාවර ගමනක් යන එක තමයි මචංලා ගැමිම..එක දෙයක් අවංක කම තිබිනමි ඔයා වැඩිඩෙක්.

බොක්කෙන් කියන්න කිසිම අවුලක් නෑ මචංලා..”අපි” මේ වචනෙ කවදාවත් අමතක වෙන්නෙ නැ.ඒක ඔයාලා මගෙ පපුවෙ කොටලා ඉවරයි! ❤️🛡️✨

ඔයාගෙ දිනුම (your victory)
Never Give Up! ⚔️🛡️👑

අපේ මේ දවස් 10 වයස බ්‍රාහ්ම පැටියාගේ වර්ධනය සහ ඔයාලගේ අත්දැකීම් පල්ලෙහායින් කමෙන්ට් කරන් යමු බොක්කවල් ටික! 👇👇

29/05/2026

අපේ පරිශ්‍රයට අලුතින්ම එකතු වුණු හැඩකාර කිකිළියගේ අලුත්ම දර්ශන පෙළක් මචංලා! 🌾✨

මෙයාගෙන් ඉදිරියට බිහිවන අලුත් පරම්පරාව වෙනුවෙන් අපි වෙනස්ම ප්ලෑන් එකක් ලෑස්ති කරලා තියෙන්නේ. මුලින්ම සතුන්ගේ බාහිර පෙනුමට වඩා, උන්ගේ නිරෝගී බව සහ වේගවත් වර්ධනය (Growth) ගැන අවධානය යොමු කරලා, උපරිම ශක්තිමත් පැටව් පරපුරක් බිහිකරගැනීම තමයි අපේ මූලිකම අරමුණ. ⚙️🐓

අනුන් කරන දේ ඒ විදිහටම කොපි කරන්නේ නැතුව, තමන්ගේම ස්වයං අත්දැකීම් සහ නිවැරදි සැලසුම් උපයෝගී කරගෙන ස්ථාවර ගමනක් නිර්මාණය කරගන්න ලැබීම මාරම තෘප්තියක්. 💎🚀

සමාජයේ අය මොනවා කිවුවත්,අවතක්සේරු කිරීම් කෙතරම් පැමිණියත්, තමන්ගේ කාර්යය අවංකවම සහ නිවැරදිව කරනවා නම් ඒ යන ගමන කිසිම කෙනෙක්ට නවත්වන්න බැහැ. වැටෙන්න බලන් ඉන්න උන්ට උත්තර දෙන්නේ වචනයෙන් නෙවෙයි, අපේ සාර්ථකත්වයෙන්මයි! 🎯💪🔥

හොදම දේවල්(The best thigs)
Never Give Up! ⚔️🛡️👑

අපේ මේ අලුත් බ්‍රීඩින් ප්ලෑන් එක ගැන සහ අලුත් කිකිළියගේ ලස්සන ගැන ඔයාලගේ වටිනා අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන් යමු බලන්න! 👇👇

28/05/2026

මචංලා... ඔයාලා හැමෝම දන්නවා මම මේ යන්නේ තනියම මහන්සි වෙලා හදාගත්ත මගේම ගමනක් කියලා. 🌾 මහන්සි වෙනකොට කකුලෙන් අදින්න, අපේ හැකියාවන් සහ දැනුම අවතක්සේරු කරන්න සමහර පිරිස් ඉන්නවා. උන් හිතාගෙන ඉන්නේ අපි හැමදාම උන්ගේ සෙවණැලි යටතේ, උන්ට ගැති වෙලා ඉඳියි කියලා.. 🤣❌

තුන් හිතකවත් කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ මචංලා.. හැබැයි එක දෙයක් මතක තියාගන්න. අපි හැමදාම හිටපු විදිහටම, අපේ පිරිසිදු චේතනාවෙන්ම ඉස්සරහටම යනවා. දවසක උන්ට අපිව මතක් වෙලා හොයන වෙලාවක් ඒවි.. අන්න ඒ දවසට අපිව පෙනෙයි, හැබැයි අල්ලන්නවත් බැරි මාරම දුරකින් අපි ඉඳියි! 📈🚀

නිශ්ශබ්දව ගේම ගහන මිනිහා කෑගහලා තමන්ගේ දස්කම් කියවන්නේ නැහැ.. වැඩෙන්මයි ඔප්පු කරලා පෙන්වන්නේ! 💯

ඔයාලත් ඔයාලගේ ගමන කාටවත්ම බය නැතුව යන්න මචංලා. වැඩි දවසක් යන්න කලින් ඔයාලව වට්ටන්න හදපු උන්ටම ඇස්වලට කඳුළු එන්න ඔයාලගේ සාර්ථකත්වය පෙන්වන්න. 🎯💪🔥

ඔයාගෙ දිනුම (your victory)’
Never Give Up! ⚔️🛡️👑

අපේ මේ සැබෑ උත්සාහයට, මේ කලාවට හදවතින්ම ආදරේ කරන මගේ බොක්කවල් ටික පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන් යමු! 👇👇

ඊයේ අපේ ගොවිපළේ නිරෝගී ඕජී බිත්තර 30ක් එකතු කරලා දාපු රීල් එකට ඔයාලා දුන්නු ප්‍රතිචාරවලට ගොඩක් ස්තූතියි මචංලා! ⚔️🛡️🥚අද ම...
28/05/2026

ඊයේ අපේ ගොවිපළේ නිරෝගී ඕජී බිත්තර 30ක් එකතු කරලා දාපු රීල් එකට ඔයාලා දුන්නු ප්‍රතිචාරවලට ගොඩක් ස්තූතියි මචංලා! ⚔️🛡️🥚

අද මම ඔයාලට අරගෙන ආවේ, ඊයේ අපි තැන්පත් කරපු ඒ බිත්තරවලින් ඉදිරියට බිහිවෙන්න ඉන්න අපේ අලුත්ම පරම්පරාවේ නිල සාම්පල් පෙනුම (Official Look). මේ පින්තූරවල ඉන්න ලස්සන බැන්ටම් පැටවුන්ගේ වර්ණ රටාවන් සහ උන්ගේ තියෙන අලංකාරය තමයි ඉදිරියේදී අපේ පරිශ්‍රයට එන්න ඉන්න පැටවුන්ගෙනුත් උපරිමයෙන්ම ඉස්මතු වෙන්නේ! 🐣🎨💎

අනුන්ගේ දේවල් අනුකරණය කරන්නේ නැතුව, තමන්ගේම ස්වයං හැකියාවන් සහ නිපුණත්වයන් විශ්වාස කරලා මේ කලාව ඇතුළේ ඉස්සරහටම යන එකයි සැබෑ ජයග්‍රහණය. ඕනෑම ක්ෂේත්‍රයක තමන්ගේම කියලා අනන්‍යතාවයක් ගොඩනගන්න කැපවෙන හැම හදවතකටම මම හැමදාමත් ගරු කරනවා! 🚀💯

ජීවිතේ ඉදිරියට යද්දී විවිධ බාධක සහ අභියෝග කෙතරම් පැමිණියත්, තමන් කරන කටයුත්ත අවංකවම සහ පිරිසිදු චේතනාවෙන් කරනවා නම් ඒ යන ගමන නවත්වන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට බැහැ. තමන්ගේ ඉලක්කය වෙනුවෙන් නොසැලී උත්සාහ කිරීමයි වැදගත්! 💪🎯🏆

අපේ මේ අලුත් සාම්පල් වර්ණ රටාවලට ආස කරන, මේ කලාව අගය කරන හැමදෙනාම පල්ලෙහායින් ඔයාලගේ අදහස් සටහන් කරගෙන යමු බලන්න! 👇👇

30


2026
Give Up

Address

මද්දෙවත්ත, ගලහෙන් කන්ද අම්පෙගම
Baddegama South

Website

Alerts

Be the first to know and let us send you an email when Nilan Quail Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share